ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 4/1 3-4 පි.
  • ආගම—තහනම් විෂයක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආගම—තහනම් විෂයක්ද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඕනෑ ම ආගමක් හොඳට ම ප්‍රමාණවත් ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බේරී ජීවත්වීම සඳහා නිර්මල ආගම පිළිපැදීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • බොරු ආගමේ ග්‍රහණයෙන් නිදහස්වීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 4/1 3-4 පි.

ආගම—තහනම් විෂයක්ද?

“මා කිසිවිටෙකත් සාකච්ඡා නොකරන විෂයන් දෙකක් තිබෙනවා: ඒ, ආගම සහ දේශපාලනයයි!” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අන්‍යයන්හට බයිබලය ගැන කතා කරන විට, බොහෝවිට ලැබෙන ප්‍රතිචාරය එයයි. එමෙන්ම එවැනි දෘෂ්ටිකෝණයක් තේරුම්ගත හැක.

ජනයා දේශපාලනය ගැන විවාද කරන විට, තරහ ගතිය ඇවිස්සිය හැකි අතර, එය දබරවලට තුඩු දෙයි. හිස් පොරොන්දුවලට මුළා නොවන බොහෝදෙනෙක්, දේශපාලකයන් බොහෝවිට සොයන්නේ බලය, කීර්තිය හා මුදල් බව වටහාගනිති. ඇතැම් අවස්ථාවල දේශපාලනික එකඟ නොවීම් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට හේතු වීම කනගාටුවට හේතුවක්ය.

‘නමුත්, ආගම සම්බන්ධයෙනුත් එය සත්‍යයක් නොවේද? ආගමික ලැදිකම අදදින බොහෝ ගැටුම් ඇති කිරීමට හේතු වී නැද්ද?’ කියා ඔබ කල්පනා කරනවා විය හැක. උතුරු අයර්ලන්තයේ, රෝමානු කතෝලිකයෝ සහ රෙපරමාදුවෝ දිගු කලක් තිස්සේ එකිනෙකා සමඟ ඇනකොටාගෙන ඇත්තාහ. බෝල්කන් ජනපදවල, පෙරදිග ඔර්තඩොක්ස් පල්ලියේ සාමාජිකයෝ, රෝමානු කතෝලිකයෝ සහ වෙනත් අය දේශසීමා සඳහා අරගල කරති. ප්‍රතිඵලය? දාමරිකකම් සහ නිරන්තරයෙන් පවතින ක්‍රෝධයය.

මරණීය තර්ජනයට මුහුණ පා සිටින බොහෝදෙනෙක්, තමන්ගේ සහ තම පවුල්වල පෞද්ගලික විශ්වාසයන් සැඟවීමට උත්සාහ කරති. අප්‍රිකාවේ, සියවස් ගණනාවක් පුරා, ක්‍රිස්තියානි ලෝකයේ ජනයා සහ වෙනත් විදේශීය ආගම් අදහන්නන් මෙන්ම, ජනවාර්ගික ආගම් අතර පැවති ආගමික වෛරය නිසා, තම දරුවන්ට යම් තරමක ආරක්ෂාවක් සැපයීම පිණිස, ඔවුන්හට නම් දෙකක් දැමීමට දෙමාපියන් පෙලඹුණු අතර, මෙම සිරිත අද දක්වා පවතී. මෙසේ, එක් නමක් නොව, අනික භාවිත කිරීමෙන් තමා පල්ලියේ සාමාජිකයෙකු ලෙසට හෝ එසේ නැතහොත් වෙනත් ආගමක් අදහන්නෙකු ලෙසට, තමන්වම හඳුනාදීමට යෞවන පිරිමි ළමයෙකුට හැකිය. යම් පුද්ගලයෙකුගේ ආගමික විශ්වාසයන් නිසා, ඔහුගේ ජීවිතය අවදානමට ලක්ව තිබෙන විට, ඔහු ආගම ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට මැළිවීම පුදුමයක් නොවේ.

තවත් අයහට, තම ජීවිතය අවදානමකට ලක් නොවී තිබෙන විට පවා, ආගම තහනම් විෂයක්ය. තමන්ගේ විශ්වාසයන් ගැන වෙනත් ඇදහිල්ලක කෙනෙකු සමඟ සාකච්ඡා කිරීම කිසි තේරුමක් නැති විවාදයකට හේතු වන බවට ඔවුහු භයවෙති. තවත් අය විශ්වාස කරන්නේ සියලුම ආගම් හොඳය කියාය. ඔවුන් පවසන්නේ යම් පුද්ගලයෙකුට තමා විශ්වාස කරන දේ තමාට සෑහේ නම්, ආගමික වෙනස්කම් ගැන කතා කිරීම නිෂ්ඵල ව්‍යායාමයක් බවයි.

ආගම්වල ස්වභාවය ගැන හදාරන ශිෂ්‍යයන් අතර පවා එකඟ නොවීම් තිබේ. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා “ආගම් පිළිබඳ අධ්‍යයනය හා විශ්ලේෂණය” නම් ලිපියේ මෙසේ පිළිගනී: “[ආගමේ] ස්වභාවය පිළිබඳව විශාරදයන් අතර ඒකමතිකභාවයක් තිබී ඇත්තේ කලාතුරකිනි. . . . මෙසේ, ඉතිහාසය පුරා මෙම විෂයට මතභේදවලට තුඩු දුන් මූලධාතු අඩංගුව තිබිණ.”

ආගම වනාහි, “විශ්වයේ මැවුම්කරු හෝ ආණ්ඩුකරු ලෙසට පිළිගත් මිනිසත්බව ඉක්ම වූ බලවේගයක් සඳහා වූ මිනිසාගේ විශ්වාසයේ හා ගෞරවයේ ප්‍රකාශයක්” යයි එක් ශබ්දකෝෂයක් නිර්වචනය කරයි. මේ අනුව, ආගම පුද්ගලයෙකුගේ ජීවිතය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඇත්තවශයෙන්ම, ආගම මිනිස් ඉතිහාසය සකස් කිරීමට තුඩු දෙන විශ්වනීය සාධකයක් වී තිබේ. “යම් ආකාරයක ආගමක් තුළින් ජීවිතයට පිළිවෙළක් හා අර්ථයක් දීමට උත්සාහ නොකළ සමාජයක් තිබී නැතැයි” ඔක්ස්ෆර්ඩ් ඉලස්ට්‍රේටඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් පීපල්ස් ඇන්ඩ් කල්චර්ස් සටහන් කරයි. ජීවිතයට “පිළිවෙළක්” හා “අර්ථයක්” වැනි මූලික සාධක ආගමට තිබෙන හෙයින්, සහතිකවම එය වාදවිවාද හෝ තර්කවලට වඩා වැඩි යමක් ලැබීමට වටින්නේය. ඒ වෙනුවට, එය සාකච්ඡා කිරීම වටී—එනම් තවත් කෙනෙකු සමඟ හොඳින්ම සලකා බැලිය යුතුය. එහෙත්, එය කළ යුත්තේ කා සමඟද, එමෙන්ම එසේ කිරීමෙන් ඇති යහපත කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න