ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—සැම්බියාව
ඉතා පුළුල්, රැළි බිම් සහිත තැනිතලා ඇති අඩි 4,000ක් පමණ උසැති සානුවක්—එනම් මෙය වනාහි, දකුණු-මධ්‍යම අප්‍රිකාවේ මැද පිහිටි රට වන සැම්බියාවය. මෙහි ඊසාන දිගින් මචින්ගා කඳු අඩි 7,000ක් පමණ උසකට නැඟ සිටී. ලෝක ප්‍රසිද්ධ වික්ටෝරියා ඇල්ල හරහා මහ හඬින් ඇද හැලෙන ප්රතාපවත් සැම්බාසි ගඟ, ගොඩබිමින් ඇහුරුණු මෙම රටේ දකුණු දේශ සීමාව සකස් කරයි. විවිධ වාර්ගික කණ්ඩායම් 70කට අධිකව, විවිධ ආකාරයේ ජනයෝ මෙහි වාසය කරති. මෙහි ප්‍රධාන භාෂා අටක් කතා කෙරෙන නමුත්, තවත් භාෂා බොහොමයක්ද වේ.
වර්ෂ 1911දී වෙනත් ආකාරයක භාෂාවක් සැම්බියාවේ ස්ථාපිත වී ව්‍යාප්ත වීමට පටන්ගත්තේය. මෙහි පැමිණි අමුත්තන් ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස්හි පිටපත් රැගෙන ආ අතර, එවක් පටන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, බයිබලයේ “නිර්මල භාෂාව” සැම්බියාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා මහත් ප්රයත්නයක් දරා ඇත්තාහ. (ශෙපනියා 3:9, NW) විශේෂයෙන්ම මළවුන්ගේ තත්වය පිළිබඳ ශුද්ධ ලියවිලිවලට පටහැනි විශ්වාස අභියෝගාත්මක වේ. ජනයා සත්‍යය ඉගෙනගෙන, මිථ්‍යා විශ්වාසවලින් තමන් වහල් කරගෙන සිටි බව දකින විට, ඇති වන ප්‍රතිඵලය නම් නිදහසය!—යොහන් 8:32.
නිදසුනක් වශයෙන්, එක් ඇදහිලිවන්ත සහෝදරියක් මෙසේ වාර්තා කරන්නීය: “මගේ මාමා හදිසියේ මියගිය අවස්ථාවේ, සැම්බියාවේ එක්සත් පල්ලියේ ස්ථිර සාමාජිකාවකව සිටි මගේ මව වියවුල්සහගත තත්වයට පත්වුණා. සතියක් පමණ කාලයක් තිස්සේ භූමදාන චාරිත්‍රවලින් පසුව, ඇයව බැලීමට මම නැවත ගමට ගියා. නිවසට ළඟා වන විට මා දුටුවා, වයසක මිනිසෙක් එහි සිටිනවා. ඔහු නික්ම ගිය පසු, ඔහු කවුද කියා මා මගේ මවගෙන් විමසුවා. ඔහු යකැදුරෙකු බව ඈ මට කීවා. මගේ මව්ගේ මියගිය සහෝදරයාගේ ආත්මයට සමාදානයේ සැතපීමට හැකිවන ලෙසට, ඈ මෙම යකැදුරා ලවා ඇගේ සහෝදරයාගේ මරණයට පළිගැනීමට ඔහුව කුලියට ගෙන තිබුණා. ඈ පැවසූ ආකාරයට, එම ආත්මය දැනට ‘ඔබ මොබ සැරිසරමින්’ තිබෙන බව ඈ විශ්වාස කළා.
“යකැදුරාට අවශ්‍ය මුදල් දීමට පවුලේ අය මුදල් සොයමින් සිටි බැවින්, මා එහි පැමිණීම ආශීර්වාදයක් බව මගේ ආච්චි තවදුරටත් පැහැදිලි කළා. ඊට සම්මාදම් කරන ලෙස ඈ මගෙන් ඉල්ලා සිටියා, නමුත් මා ක්‍රිස්තියානියෙකු වශයෙන් මට ඊට සහභාගි වීමට නොහැකි බව මා උපායශීලී ලෙස පැහැදිලි කර දුන්නා. මළවුන්ට සිතිවිලි කිසිවක් නොමැති බව ගෙනහැර දක්වන ගීතාවලිය 146:4න් ඇයට කරුණු තේරුම් කර දුන් මා එමනිසා ආත්මය ‘ඔබ මොබ සැරිසරමින්’ නොතිබෙන බව පැහැදිලි කළා. පළිගැනීම යෙහෝවඃවහන්සේට මිස, අපට අයිති නොවන බව සඳහන් කරන රෝම 12:19ටද අපි යොමු දැක්වූවා. ඉන්පසු, යොහන් 5:28, 29හි වාර්තා වී ඇති, යේසුස්වහන්සේ කතා කළ නැවත නැගිටුවීමේ බලාපොරොත්තුව ගැන මා මගේ මව්ට කතා කළා. දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි මා තුළ වූ ශක්තිමත් ඇදහිල්ල දැක ඈ පුදුම වුණා. වැඩිකල් යෑමට මත්තෙන්, සාක්ෂිකාරියක සමඟ බයිබලය පාඩම් කිරීම ඇරඹූ ඈ, ශීඝ්‍ර ප්‍රගතියක් ලැබුවා. ඈ ඇගේ කලින් ආගම සමඟ තිබූ සම්බන්ධකම් සියල්ලම අතහැර, දෙවියන්වහන්සේට වූ තම කැපවීම බව්තීස්මය මගින් සංකේතවත් කළා. ඈ දැන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක්.”
තවත් සහෝදරියක් වාර්තා කරන්නේ මෙසේයි: “මා මගේ මාමාගේ භාර්යාවගේ අවමඟුලට ගියා. එහි යන විට, මා දැක්කා මගේ මාමා සහ මගේ ඥාති සහෝදරයන් හාමතේ නිරාහාරව සිටිනවා. මගේ නැන්දා මියගිය දා පටන් ඔවුන් කිසිවක් අනුභව කොට තිබුණේ නැහැ. ඒ මන්දැයි මා ඇසූ විට, සම්ප්‍රදායට අනුව, යමක් පිසීම සඳහා ගිනි මෙළවීමට ඔවුන්ට ඉඩ දෙනු නොලබන බව ඔවුන් පැවසුවා. මා කෑම පිසින්නදැයි ඇසූ නමුත්, මා මෙම මිථ්‍යා චාරිත්‍රය බින්දොත් සෑම කෙනෙකුටම පිස්සු හැදෙයි කියා ඔවුන් භය වුණා!
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වශයෙන්, මා ලෙවී කථාව 18:30හි පවසන දේට ගරු කරන බවත්, ශුද්ධ ලියවිලිමය නොවන සම්ප්‍රදායන් අනුගමනය නොකරන බවත්, මා පැහැදිලි කළා. අනතුරුව මළ අයගේ ආත්ම නමැති විවරණිකාව මා ඔවුන්ට පෙන්වූවා. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ මානසික ආතතිය සන්සුන් වූ අතර, මා ඉදිරිපත් වී මගේ මාමාට සහ අනික් අයට ආහාර සූදානම් කළා. මියගිය තැනැත්තියගේ නෑදෑයන් මගේ නිර්භීතකම දැක පුදුම වී, තවදුරටත් බයිබලය පාඩම් කිරීමට එකඟ වුණා. ඔවුන් දැනටමත් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන්. මුළු පවුලම ඉතා ඉක්මනින් බව්තීස්ම වීමට බලාපොරොත්තු වෙනවා.”
සත්‍යය නමැති නිර්මල භාෂාව ආගමික බොරුවලින්, විශේෂයෙන්ම අහිංසක ජනයා වහල්භාවයේ තබන, තදින් කා වැදුණු මතිමතාන්තරවල වියවුල්සහගතභාවයෙන් මිදෙන විට, අපි කොතරම් සතුටු වන්නෙමුද! යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය සමඟින්, එම නිර්මල භාෂාව මුළු ලෝකයේ මෙන්ම, සැම්බියාවේද ව්‍යාප්ත වෙමින් තිබේ!—2 කොරින්ති 10:4, NW.
[9වන පිටුවේ කොටුව]
රට පිළිබඳ ආකෘති සටහනක්
1994 සේවා වසර
සාක්ෂිදරන උපරිම සංඛ්‍යාව: 82,926
අනුපාතය: සාක්ෂිකරුවන් 107කට 1
සිහිකිරීමේ උත්සවයට පැමිණීම: 3,63,372
පුරෝගාමි ප්රචාරක සාමාන්‍යය: 10,713
බයිබල් පාඩම්වල සාමාන්‍යය: 1,08,948
බව්තීස්ම වූ සංඛ්‍යාව: 3,552
සභා ගණන: 2,027
ශාඛා කාර්යාලය: ලුසාකා
[9වන පිටුවේ පින්තූරය]
ලුසාකාහි අවට ප්‍රදේශයේ වොච් ටවර් ශාඛා පහසුකම්
[9වන පිටුවේ පින්තූරය]
ලුසාකාට දකුණින් පිහිටි ෂිම්බාලාහි දේශනා කිරීම