කුඩා නමුත් බලවත්ය
රොබර්ට්, එනම් කැනඩාවේ එක් යෞවනයෙක්, ජීවිතයේ තම තැන සොයමින් යුරෝපය පුරා සංචාරය කළේය. ඔහු දුටු බොහෝ දේවල්, අනාගතය පිළිබඳව බලාපොරොත්තු සුන් හැඟීම් ඔහු තුළ පහළ කරවූයේය.
ස්පාඤ්ඤයේ සවිල්හි ආපන ශාලාවක වාඩි වී සිටින අතර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද පත්‍රිකාවක් රොබර්ට්හට දෙන ලදි. පළමුව, රොබර්ට් මේ ගැන සැකසහිත වූයේය. “කෙසේවෙතත්, මා එය කියෙව්වා,” ඔහු කීවේය. “මට එය පැහැදිලි කරන්ට බැහැ, නමුත් මට මින් යම් අර්ථවත් දෙයක් ලැබුණා කියා මට හැඟුණා. මගේ සංචාරවලදී, මිනිසුන්ගේ බොහෝ කලකිරීම් හා ප්‍රශ්න ගැටලු මා දැක තිබුණා, ඒ වගේම මේ දේවල් වෙනස් කරන්ට මට නොහැකිවීම ගැන මා ළත වුණා. මේ පත්‍රිකාව කියෙව්වායින් පසුව, මට සිතුණා, ‘මේ “නව ලෝකය” කවදා හෝ ඇතිවෙන්ට පුළුවන්ද?’ කියා. පසුව, ‘ඔව් එය ඇතිවෙන්ට පුළුවනි’ කියා මට සිතුණා.”
යළි ප්‍රාණවත් කරන ලද බලාපොරොත්තුව සහිතව, රොබර්ට්, තමා නැවත නිවස කරා ගිය පසු තමාට බයිබලය වටහාගැනීමට උපකාර කිරීම සඳහා යමෙකුව එවන ලෙස ඉල්ලා සිටිමින්, කැනඩාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයට ලියුවේය.
කථා කරන වචනය ප්‍රබල බවට කිසිදු සැකයක් නැත. කෙසේවෙතත්, මුද්‍රිත පණිවුඩයේ ඇති ප්‍රබලත්වය කිසිවිටෙකත් අඩුවෙන් තක්සේරු නොකරන්න. කොතරම් කුඩා වුවද, බයිබලය මත පදනම් ප්‍රකාශනවලට ප්‍රබල ආකර්ෂණයක් තිබේ. අනාගතය සඳහා ස්ථිර බලාපොරොත්තුවක් දෙමින් ඒවා මනස්වලට හා හෘදවලට බලපායි.—හෙබ්‍රෙව් 4:12.