ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 10/15 32 පි.
  • “සෙස්සන් මෙන් ශෝක නොවන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සෙස්සන් මෙන් ශෝක නොවන්න”
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 10/15 32 පි.

“සෙස්සන් මෙන් ශෝක නොවන්න”

මලක් දැඩි කුණාටුවකට හසුවීමෙන් පසු, පහතට නැමී, මැලවී තිබෙන ආකාරය ඔබ කවදා හෝ දැක තිබේද? එක් ආකාරයකින් බලන කල, එය හැඟීම් දනවන දසුනකි. ඒ මන්දයත්, මොරසූරා ඇදහැලී ගිය මහ වැස්සෙන් ආවරණය වීම සඳහා, ඕනෑම මලකට වඩා ශක්තිමත් හැඩි දැඩි මැවිලි වූ අසංඛ්‍යාත සත්ත්වයන් හා මිනිසුන් ලහිලහියේ දිවූ බවට සැකයක් නැත. එහෙත්, මුල් බැස ඇති පැළෑටියක පිපී ඇති මේ මල, කාලගුණයේ දැඩි ප්‍රහාර මැද්දේ එක තැන සිට ගෙන සිටියේය. දැන්, විපතකට හසු නොවූ මල පහතට නැමී නමුත් නොකැඩී තිබෙන්නේ, එහි ප්‍රසන්න පෙනුමට පටහැනි වූ ශක්තියක් පෙන්වමිනි. එම මල යළිත් එහි ශක්තිය ලබමින් එහි මනස්කාන්ත හිස යළිත් වරක් අහස දෙසට විහිදුවයිද කියා ඔබ විමතියෙන් මෙන් ඒ ගැන කල්පනා කිරීමට පුළුවන.

බොහෝ විට මිනිසුන් සම්බන්ධයෙන්ද එසේමය. මෙම අර්බුදසහිත කාලවලදී, අපි සියලු ආකාර කුණාටුවලට මුහුණ දෙන්නෙමු. ආර්ථික අසීරුතා, මානසික පීඩන, සෞඛ්‍යය දුර්වල වීම, තමා ආදරය කළ කෙනෙක් මරණයෙන් වියෝවීම, වැනි චණ්ඩ මාරුත එක් වතාවකදී හෝ වෙනත් අවස්ථාවන්හිදී අප සියල්ලන්ට පහර දෙන අතර, එයින් වැලකීමට, මලක් එහි මුලෙන් ගැලවී ආවරණයක් සොයා දිවයා නොහැකිවාක් මෙන්, ඊට වඩා වැඩි යමක් කිරීමට අපට නොහැක. තරමක් බෙලහීන යයි පෙනෙන පුද්ගලයන් පුදුමාකාර ශක්තියක් විදහා පාමින්, එවන් විපත් විඳදරාගන්නවා දැකීම අපගේ හදවත් පොලඹවයි. ඔවුන් එය කරන්නේ කෙසේද? බොහෝ විට ඒ සඳහා යතුර වනුයේ ඇදහිල්ලය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අර්ධ සහෝදර යාකොබ් මෙසේ ලීවේය: “එවන් පීඩාවන්ට මුහුණ දීමේදී, ඔබගේ ඇදහිල්ල සාර්ථක වන විට, ප්‍රතිඵලය වනුයේ විදඳරා ගැනීමට හැකියාව ඇතිවීම බව ඔබ දන්නෙහිය.”—යාකොබ් 1:3, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.

තවත් යතුරක් නම් බලාපොරොත්තුවය. නිදසුනක් වශයෙන්, තමන් ආදරය කරන කෙනෙක් මරණයෙන් පහර ලබන විට, බලාපොරොත්තුව, ජීවත් වන්නන්ගේ ලෝකය තුළ විශාල වෙනසක් ඇති කරයි. ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය: “බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමු.” (1 තෙසලෝනික 4:13) සහතික වශයෙන්ම, ක්‍රිස්තියානීන් මරණය නිසා ශෝක වුවත්, යම් වෙනසක් තිබේ. මළවුන්ගේ තත්ත්වය පිළිබඳව සහ නැවත නැගිටීමේ බලාපොරොත්තුව පිළිබඳව ඒකාන්ත දැනුමක් ඔවුන්ට තිබේ.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

මෙම දැනුම ඔවුන්ට බලාපොරොත්තුවක් දෙයි. අනෙක් අතට, එම බලාපොරොත්තුව ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ ශෝකය ලිහිල් කරයි. එය ඔවුන්ට විඳදරාගැනීමටත්, තවත් බොහෝ දේ සඳහාත් උපකාර කරයි. කල් යෑමේදී, කුණාටුවට පසු ඒ මල මෙන්, ඔවුහු යළිත් වරක් තම ජීවිතය තුළ ශෝකයෙන් තම හිස් ඔසවා ප්‍රීතිය සහ ජීවිතයේ සෑහීම අද්දකිති.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න