අපගේ යෞවනයන්ට කෙබඳු අනාගතයක්ද?
න්‍යෂ්ටික තර්ජනය—එය ත්රස්තවාදීන්ගේ බෝම්බවලින් නැතහොත් න්යෂ්ටිජනක යන්ත්‍රයක හදිසි අනතුරකින් සිදුවෙතත්—සියල්ලන්ට තර්ජන එල්ලකරමින් සිටී. ඔබ විශේෂයෙන් ඔබගේම දරුවන් නැතහොත් මුනුබුරන් හෝ මිනිබිරියන්ද ඇතුළුව බාලවියේ සිටින අයවලුන් ගැන කනස්සලු වන්නට පුළුවන. න්‍යෂ්ටික තර්ජනය ඕනෑම දරුවෙකුගේ සෞඛ්‍යය හා අනාගතය අනතුරට පත් කරමින් සිටින බව වටහා ගැනීම මොනතරම් කනගාටුවට කරුණක්ද.
එහෙත් අධෛර්ය නොවන්න. බාලයන්ගේ අනාගතය ගැන සර්වශුභවාදී හැඟීමක් ඇතිව සිටින්නට ඔබට හේතු ඇත. අනාගතය සඳහාවූ බලාපොරොත්තුව කේන්ද්‍ර ගතව තිබෙන්නේ, අපගේ යෞවනයන් ආරක්ෂා කරගැනීමට ගනු ලබන මනුෂ්‍ය වෑයම් මත නොව, නමුත් අපගේ මැවුම්කරුවාණන්ගේ හස්තයේ රැඳී පවතින අනාගතයක් මතය.
දේව පුත්‍රයා වන, යේසුස්වහන්සේ, මැද පෙරදිග උගන්වමින් සිටියදී, උන්වහන්සේ බාලයන් කෙරෙහි සැලකිල්ල දැක්වූ සේක. (මාර්ක් 9:36, 37, 42; 10:13-16) බයිබලය පෙන්වන්නේ, අන්තිමේදී දෙවියන්වහන්සේ න්‍යෂ්ටික තර්ජනය නිමාවකට පත්කොට සමස්ත ලෝක පාරාදීසයක් පිහිටුවන විට එවන් සැලකිල්ලක් පෙන්වන්නට යන බවය. අපගේ බාලයන්ට එය භුක්ති විඳිය හැකි අතර ඔබටත් එසේ කළ හැකිය.
ඔබ තවදුරටත් තොරතුරු දැනගැනීමට, නැතහොත් ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට යමෙකු ඔබගේ නිවසට එනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 62, ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.