උපන්දින සාදයන්හී මරණය වැජඹී තිබේ
උපන්දින උත්සවාකාරයෙන් සැමරීම හුදු අහිංසක චාරිත්‍රයක් හැටියට අදදින බොහෝ දෙනෙකු විසින් සලකනු ලැබේ. එහෙත් බයිබලය මෙම සම්ප්රදාය අනුමත කරන බවක් පෙනෙන්ට නැත. එක් අතකින්, දෙවියන්වහන්සේගේ විශ්වසනීය සේවකයන් උපන්දින උත්සවාකාරයෙන් සැමරූ බවට කිසිදු ඇඟවීමක් ශුද්ධ ලියවිල්ලේ අඩංගුව නැත.
බයිබලයේ සඳහන්ව ඇති උපන් දිනයන් දෙකම සමරණු ලැබුවේ දෙවියන්වහන්සේගේ සතුරන්ව සිටි පාලකයන් විසිනි. රජව අසතුටට පත් කළ කෙනෙකුගේ මරණය තුළින් ආගන්තුකයන්ට ප්‍රීති විය හැකි ලෙසින්, ඒ සෑම උත්සවයකටම මරණයට පත් කිරීමක් ඇතුළත් විය. පළමු අවස්ථාවේදී, මිසරයේ රජවන, ඵාරාවෝ, සිය පූප සාදන්නන්ගේ නායකයා මරණයට පත් කළේය. (උත්පත්ති 40:2, 3, 20, 22) මිසරයේ පාලකයා මංගල්‍යයේදී එසේ කළේ ඔහු සිය සේවකයා සමඟ උදහසට පත්ව සිටි නිසාය. දෙවන අවස්ථාවේ, ගලීලයේ දුරාචාර පාලකයාව සිටි, හෙරොද්, යොහන් බව්තීස්තගේ හිස ගසා දැමුවේ, සාදයේදී තමාව ප්රසන්නත්වයට පත්කළ දැරියකට තෑග්ගක් වශයෙනි. කොතරම් පිළිකුල් උපදවන දර්ශනද!—මතෙව් 14:6-11.
එහෙත් බයිබලය අවධානය යොමු කර ඇත්තේ අතිවිශේෂ උපන් දිනයන් දෙකක් වෙත නොවේද? ඇත්තෙන්ම නැත. පුරාතන යුදෙව් ඉතිහාසඥ ජොසේෆස් පවසන්නේ, මෙම සිද්ධීන් අද්විතීය නොවූ බවය. විනෝදය පිණිස සිරිතක් හැටියට උපන්දින මිනීමැරුම් සිදු කළ වෙනත් අවස්ථා ඔහු වාර්තා කරයි.
උදාහරණයක් හැටියට, පො.යු. 70 යෙරුසලමේ විනාශයෙන් පසු, යුදෙව්වන් 10,00,000ක් මරණයට පත්ව, 97,000ක් බේරී සිරකරුවන් හැටියට රැගෙන ගිය අවස්ථාවේ කීපයක් සිදුවිය. රෝමයට යන අතර, රෝමානු හමුදාපති ටයිටස් සිය යුදෙව් වහලුන්ව අසල වරායක් වන කායිසාරියට ගෙන ගියේය.
ජොසේෆස් මෙසේ ලියයි: “ටයිටස් කායිසාරියේ නැවතී සිටියදී, ඔහු මෘගයන් හා ගිනිදැල් සහිත ක්‍රීඩාවලදී සිරකරුවන් 2,500ක් මරණයට පත් කරමින්, මහත් හරසරින් සිය සහෝදරයා වන ඩොමීෂියන්ගේ උපන් දිනය සැමරුවේය. මින්පසු ඔහු ෆිනීසයේ රෝමානු යටත් විජිතයක් වන, බෙරිටස් [බේරූට්] වෙතට ගිය අතර, එහිදී තවත් වහලුන් විශාල ප්‍රමාණයක් අලංකාර ප්‍රදර්ශනයන්හි මරණයට පත් කිරීමෙන් සිය පියාගේ උපන් දිනය සැමරුවේය.”—ජොසේෆස්: දි එසෙන්ෂල් රයිටිංස් නම් ග්‍රන්ථයේ පෝල් එල්. මෙයර් විසින් පරිවර්තනය කරන ලද ද ජුවිෂ් වෝර්, VII, 37.
දි ඉම්පීරියල් බයිබල් ඩික්ෂනරි මෙසේ පැවසීම පුදුමයක් නොවේ: “පසුකාලීන හෙබ්‍රෙව්වරුන් උපන්දින උත්සවයන් රූප නමස්කාරයේ කොටසක් හැටියට කල්පනා කළ අතර, මෙය වනාහි, ඒ දවස් හා බැඳී තිබුණ පොදු චාරිත්‍ර තුළින් ඔවුන් දුටු දේවල් මගින් හොඳින්ම තහවුරු කරනු ලබන දෘෂ්ටියකි.”
බයිබලයේ මෙතරම් අප්‍රසන්න ලෙස ඉදිරිපත් කර ඇත්තාවූද, රෝමානුවන් විසින් මෙතරම් බිහිසුණු ලෙස උත්සව පවත්වා ඇත්තාවූද චාරිත්‍රයක හවුල් වීමට පළමුවන ශතවර්ෂයේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් කැමති නොවන්නට ඇත. උපන්දින පිළිබඳ බයිබල් වාර්තාවන් අපගේ උපදෙස් පිණිස ලියන ලද දේවල් වන බව, අදදින, අවංක ක්‍රිස්තියානිහු තේරුම් ගනිති. (රෝම 15:4) එවන් උත්සව පුද්ගලයන්ට නුවුවමනා වැදගත්කමක් දානය කරන බැවින්, ඔවුහු උපන් දිනයන්හි උත්සව පැවැත්වීමෙන් වැළකී සිටිති. වඩාත් වැදගත් ලෙසින්, යෙහෝවඃවහන්සේගේ සේවකයෝ ඥානවන්තව සැලකිල්ලට ගන්නේ බයිබලයේ උපන්දින පිළිබඳව කර ඇති අහිතකර ඉදිරිපත් කිරීමය.
[25වන පිටුවේ පින්තූරය]
කයිසාරියේ මල්ලව භූමියක්