ඔවුහු එකමුතු සහෝදරත්වයකට එක්වෙති
දිනය 1993 අගෝස්තු 7වනදාය, ස්ථානය යූක්රේන්හි කියෙව්වල සමූහාණ්ඩු ක්රීඩාංගනයය. ක්‍රීඩාංගනයේ අසුන් ගෙන සිටි 64,000කට වැඩි පිරිස, නියමිත මොහොත ළඟාවෙත්ම බලා සිටියේ අපේක්ෂාවෙන් යුක්තවය. ඉන් අනතුරුව, අර්ථවත් ප්‍රශ්න දෙකට පිළිතුරු වශයෙන්, දහස් සංඛ්‍යාවෝ හඬ නගා “ඩා!”, (“එසේය!”) කියා පිළිතුරු දුන්හ. මෙයාකාරයෙන් ඔවුහු සිය ඇදහිල්ලේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළ අතර, ඊට පසුව එම ක්‍රීඩාංගනයේ තිබූ තටාක හයෙන් එකක බව්තීස්මය ලැබීමෙන් යෙහෝවඃ දෙවියන්වහන්සේට සිය කැපවීම සංකේතවත් කළෝය.—මතෙව් 28:19.
මෙසේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “දිව්‍ය ඉගැන්වීම” ජාත්‍යන්තර සමුළුවේ මෙම තෙවන දිනයේ, පැමිණ සිටි අය කැපී පෙනෙන සිද්ධියක් දැකබලා ගත්හ: 7,402ක් බව්තීස්මය ලබමින් බෙදී වෙන්වූ පල්ලියක නොව, එක්සත් ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සභාවක කොටසක් බවට පත්වූහ.
ඔබට සැබෑ ක්‍රිස්තියානි එක්සත් භාවය පිළිබඳව වැඩියමක් ඉගෙන ගන්නට කැමති නම්, කරුණාකර වොච්ටවර්, 62, ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.