දස වසරක් පුරා සමගාමීව!
දැනට වසර දහයකට පෙර මුරටැඹ සඟරාවේ ස්පාඤ්ඤ සංස්කරණය ඉංග්‍රීසි සංස්කරණයත් සමඟ සමගාමීව ප්‍රකාශයට පත්කරන්නට යෙදුණු විට, තමාට හැඟුන ආකාරය විමසන ලද විට, එක්තරා ප්‍රේමනීය ස්පාඤ්ඤ ජාතික සහෝදරියක් පිළිතුරු දුන්නේ මෙසේය: “අපි එය සලකන්නේ ආශීර්වාදයක් හැටියටයි, මන්දයත් අප දැන් සිටින්නේ ඉංග්‍රීසි සමඟ එකම පියවරේයි. මම ඉංග්‍රීසි යයි කියන විට, නිතරම මම කල්පනා කරන්නේ සංවිධානය ගැනයි. අප සංවිධානය අමතන්නේ ‘අම්මා’ හැටියටයි. එවිට අපට නුදුරු, සමීපතාවයක් දැනෙනවා. එය මනෝහරය. එය පුදුමසහගතය! අනේ එය වචනයෙන් විස්තර කරන්න බැහැ.”
මෙම ඇදහිලිවන්ත සහෝදරිය ඉංග්‍රීසි නොවන පාඨකයන් බොහෝ දෙනෙකුගේ හැඟීම් මෙසේ ප්‍රකාශ කළාය. ඊට පෙර කාලයේ, මුරටැඹ සඟරාවේ ස්පාඤ්ඤ සංස්කරණයේ ලිපි පළවූයේ ඉංග්‍රීසි බසින් ඒවා පළ වී මාස හයක් පමණ ගතවීමෙන් පසුවය. වෙනත් භාෂාවන් අද්දුටුවේද සමාන ප්‍රමාදයකි. තේරුම් ගත හැකි ලෙසින්, එකම තොරතුරු, එකම වේලාවට, බොහෝ භාෂාවන්ගෙන් ප්‍රකාශයට පත්කිරීමට මහත් ආශාවක් තිබුණි.
එබැවින්, වර්ෂ 1984 අප්‍රියෙල් 1වන දිනැති කලාපයෙන් පටන්ගෙන, ස්පාඤ්ඤ සංස්කරණය ඉංග්‍රීසි සංස්කරණයත් සමඟ සමගාමීව පළවන්නට යෙදුන පළමුවන සංස්කරණය බවට පත් විය. වෙනත් භාෂා ඉක්මනින්ම එය අනුගමනය කරන්නට විය. වර්ෂ 1985 ආරම්භයත් සමඟ, භාෂා 23ක සංස්කරණයන් සමගාමී විය. පරිවර්තකයන් සොයා පුහුණු කිරීමත් සමඟ, තවත් භාෂාවන්හි සංස්කරණ, ඉංග්‍රීසි සඟරාව සමඟ අත්වැල් බැඳ ගත්තේය.
මුරටැඹ සඟරාවේ මෙම කලාපය, සමගාමී ප්‍රකාශනයේ දහවන වසර සමරයි. මුරටැඹ සඟරාව දැන් භාෂා 116කින් ප්‍රකාශයට පත් කරනු ලබන අතර ඉන් 85ක් සමගාමීය. මෙය අදහස් කරන්නේ මුරටැඹ සඟරාවේ මුළු නිෂ්පාදිත සාමාන්‍ය වන පිටපත් 1,61,00,000න් සියයට 99.3ක් එකම පිටකවරයෙන් හා ලිපිවලින් යුක්තව නිපදවනු ලබන බවයි. සතිපතා මුරටැඹ පාඩමට පැමිණෙන අයගෙන්, සියයට 95කට වැඩි සංඛ්‍යාවක් එකම ලිපිය එකම වේලාවට සැලකිල්ලට භාජන කරති.
මුරටැඹ සඟරාවේ සහායක සඟරාව වන පිබිදෙව්! එය පළ කරන භාෂා 74න් 37ක් සමගාමීව පළ කෙරේ. වාර්ෂිකව පළ කෙරෙන යියර් බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස් භාෂා 18කින් ප්‍රකාශයට පත්කෙරේ. මෙවන් සමගාමී ප්‍රකාශන දෙවියන්වහන්සේගේ ජනයාව “එක සිතින් හා එක කල්පනාවෙන්” එක්සත් කිරීමට දායක වේ.—1 කොරින්ති 1:10.