ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 3/15 32 පි.
  • සිහිකළ යුතු රාත්‍රියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිහිකළ යුතු රාත්‍රියක්
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 3/15 32 පි.

සිහිකළ යුතු රාත්‍රියක්

මීට වසර 3,500කට පෙර අමතක නොවන දවසක, යෙහෝවඃ දෙවියන්වහන්සේ, මිසරයේ වහල්භාවයේ සිටි ඉශ්‍රායෙලිතයන්හට අණකරමින්, බැටළුපැටවකු මරා උගේ රුධිරය ඔවුන්ගේ නිවෙස්වල උළුවහුවලට සහ පඩිකඳවලට ඉසින මෙන් පැවසූ සේක. එම රාත්‍රියේදීම, දෙවියන්වහන්සේගේ දූතයා, මේ අයුරින් ලකුණු කර තිබූ නිවෙස් පසුකර ගිය අතර, එනමුත් සියලු මිසරයන්ගේ නිවෙස්වල සිටි කුළුඳුලා මරා දැමීය. අනතුරුව ඉශ්‍රායෙලිතයන්ව මුදවා හරින ලදි. එතැන් පටන්, එම සිද්ධිය සැමරීමක් වශයෙන්, යුදෙව්වන් පාස්කු මංගල්‍යය පවත්වා තිබේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ප්‍රේරිතයන් සමඟ සිය පාස්කු මංගල්‍යය අවසාන වතාවට පවත්වා නිමවූ සැණෙකින්, සිය යාගික මරණය අනුස්මරණය කරනු ඇති භෝජනයක් ස්ථාපිත කළ සේක. සිය විශ්වාසවන්ත ප්‍රේරිතයන් වෙත රොටි අතිනත යැවූ උන්වහන්සේ ඔවුන්ට මෙසේ පැවසූ සේක: “රැගෙන අනුභව කරන්න. මින් අදහස් කරන්නේ මාගේ ශරීරයය.” අනතුරුව මුද්‍රිකපානය කුසලානක් ඔවුන්ට දුන් උන්වහන්සේ මෙසේ පැවසූ සේක: “ඔබ සියල්ලෝම මෙයින් පානය කරන්න, මක්නිසාද මින් අදහස් කරන්නේ, පව්කමාව පිණිස බොහෝදෙනා උදෙසා වැගිරවීමට තිබෙන ‘ගිවිසුමේ’ මාගේ ‘රුධිරයය.’ ” උන්වහන්සේ මෙසේද පැවසූ සේක: “මා සිහිවීම පිණිස මෙය කරමින් සිටින්න.” (මතෙව් 26:26-28, NW; ලූක් 22:19, 20, NW) මේ අනුව, සිය මරණය පිළිබඳ මෙම සැමරීම පවත්වන ලෙස යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට අණ කළ සේක.

යේසුස්වහන්සේගේ මරණය පිළිබඳ මෙම සැමරීමට හවුල් වන මෙන් යෙහෝවඃහන්සේගේ සාක්ෂිකරුවෝ ඔබට උණුසුම් ලෙස ආරාධනා කරති. ඔබගේ නිවසට ආසන්නවම ඇති රාජ්‍යය ශාලාවට යාමට ඔබට පිළිවන. නියමිත වේලාව සහ ස්ථානය ඔබගේ ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්න. මෙම සැමරීම සිදුකරන දිනය 1994 මාර්තු 26 සෙනසුරාදා වන අතර, රොටි සහ මුද්‍රික පානය අතිනත යවනු ලබන්නේ හිරු බැසයාමෙන් පසුවය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න