ඒවා ඔබට ප්‍රයෝජනවත් විය හැකි ද?
ඔබ දෑතේ තිබෙන සඟරාව පිළියෙළ කොට තිබෙන්නේ, පවුල් ස්ථාවරත්වය මෙන් ම පෞද්ගලික අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා බයිබල් මාර්ගෝපදේශයන් සිහිපත් කරවමින්, දිරිගැන්වීමේ ප්‍රභවයක් වන්නටයි. අද දවසේ පවතින කරදරකාරී තත්ත්වයන් බයිබලයේ පුරෝකථනය කර තිබූ බව එය පෙන්වා දෙන අතර එය ඊට විසඳුම—එනම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය පාලනය—ගෙනහැර දක්වයි. ඔබට මුරටැඹ හා එහි හවුල් සඟරාව වන පිබිදෙව්! සඟරාවෙන් ප්‍රයෝජන ලබාගත ගත හැකි ද?
පිලිප්පීනයේ වාසය කරන, විල්මා නම් කාන්තාවක් මෙසේ ලිව්වා ය: “ඔබගේ ප්‍රකාශන විස්තර කරන්නට යම් වචනයක් වෙතොත්, මා හිතනවා මා තෝරා ගන්නට යන්නේ ‘විස්මයජනක’ යන වචනයයි. මා පළමු වතාවට ඔබගේ පිබිදෙව්! හා මුරටැඹ යන සඟරා දුටුවේත්, කියෙව්වේත් මැනිලාවේ සිට බස් රියකින් ගෙදර එන විටයි. ගමන් කරන විට මා සාමාන්‍යයෙන් පුවත් පත් ගෙන යනවා, ඒත් මේ වතාවේ මා කිසිවක් රැගෙන ගියේ නැහැ.
“එම ගමනේ දී මා අසල අසුන්ගෙන සිටි මැදි වියේ පුරුෂයෙකුගේ අතේ ඔබගේ ප්‍රකාශන තිබුණා. පිබිදෙව්! සඟරාව ඔහු කියවීමෙන් පසු, ඔහු තවත් සඟරාවක්, එනම් මුරටැඹ සඟරාව එළියට ගත්තා. පිබිදෙව්! සඟරාව ඉල්ලා ගැනීමට මා එම ප්‍රස්තාව යොදා ගත්තා. අවංක ව ම කියනවා නම්, එම සඟරාවේ ලිපි සියල්ල සිත්ගන්නා, කාලෝචිත හා වර්ධනය ගෙනදෙන බැවින්, සැබවින් ම එම සඟරා කියවීමෙන් මම ආස්වාදයක් ලැබුවා.”
එම කාන්තාව සිය ලිපිය අවසන් කළේ, “මට ඔබගේ සඟරා ලබා ගන්න ඕනෑ. ඒවා මට ලබා ගත හැකි ආකාරය කරුණාකර දන්වන්න” යනුවෙනි. පිලිප්පීනයේ ඇති යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය තමන්ගේ තැපැල් ලිපින ලැයිස්තුවට මෙම කාන්තාව ව ඇතුළත් කිරීමෙන් ඇයට අනුග්‍රහ දැක්වීමට සතුටු විය.