රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
ස්ථිරභාවය විපුල විපාක ගෙන දෙයි
ස්වකීය අනුගාමිකයන්ට පීඩා විඳින්නට සිදු වන බව යේසුස් වහන්සේ පුරෝකථනය කළ අතර 2 තිමෝති 3:12 හි දක්වා ඇති ආකාරයට ප්‍රේරිත පාවුල් ද එසේ කර ඇත: “එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.” එහෙත් යෙහෝවඃ දෙවියන් වහන්සේට සේවය කිරීමෙහි ලා ස්ථිරභාවය විපුල විපාක ගෙන දෙයි.
◻ මලයාසියාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි නගරයක මෙය සැබෑවක් විය. එක් පියෙක් සිය දරුවන්ට දැඩි ලෙස දේශනා කළ භක්තිමත් බෞද්ධයෙක් ව සිටිය ද, ඔහුගේ දියණියන් තිදෙනා හා පුත්‍රයන් තිදෙනා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙන ගැනීම වැළැක්වීමට ඔහුට නොහැකි විය. ඔහුගේ භාර්යාව පවා සත්‍යය කෙරෙහි උනන්දුවක් දැක්වූවා ය. එවිට එක් දිනක් අසල්වැසියෙක් මෙසේ පවසමින් ඔහුට සරදම් කළේ ය: “ඔබගේ දරුවන් ව පාලනය නොකර ඔවුන්ට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට ඔබ ඉඩ දෙන්නේ කොහොම ද? මගේ දරුවන් සියලු දෙනා ම, මා සමඟත් අපගේ පාරම්පරික බෞද්ධාගම සමඟත් එකට කටයුතු කරනවා. ඔබ ගැන මට දුක හිතෙනවා!”
එම පියා නිවසට කඩා වැදුණේ තම දරුවන් සමඟ පාඩම් පැවැත් වූ සහෝදරියට පහර දෙන බව තර්ජනය කරමිනි. කෙසේ වෙතත්, ඔහු ව සන්සුන් කළ දරුවෝ තම මවගේ උපකාරය ඇති ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ දිගට ම පාඩම් කිරීමෙහිත්, රැස්වීම්වලට යාමෙහිත් නිරත වූහ.
කෙසේ වෙතත්, අවසානයේ, පියා මුළු පවුල ම තමා ඉදිරියට කැඳෙව්වේ ය. “නුඹලාට ඕනෙ මාත් එක්ක ගෙදර ඉන්න ද, නැත්නම් ක්‍රිස්තියානින් වී ගෙදරින් පිටවෙන්න ද, දෙකෙන් එකක් තෝරාගන්නවා!” යයි ඔහු විධාන කළේ ය. ඉතා මෘදු ලෙස කථා කරන කෙනෙක් වූ, වැඩිමහල් පුතා, එවෙලේ ම පිට වී යන්නට ඇඳුම් සූදානම් කර ගැනීමට පටන් ගත්තේ ය. එවිට පියා “එපා!” යයි කෑ ගැසී ය. “නුඹලා ඔක්කොම කැරලිකාර ළමයිනෙ, ඒ හින්දා, මම මැරෙන එක වඩාත් හොඳයි.” අනතුරුව ඔහු වේගයෙන් නිවසින් පිට වූ අතර, මැරෙන්න එපා යයි අයදිමින් පවුලේ අය ඔහු පසු පස දුවන්නට වූහ. ඔවුන්ගේ ආයාචනය ඔහුගේ සිතට කා වැදී ගියෙන් ඔහු ආපසු හැරී ගෙදර ආවේ ය.
කලක් ගත විය. සිය දරුවන්ගේ හැසිරීම කෙරෙහි බයිබල් සත්‍යයේ යහපත් බලපෑම පියා නිරීක්ෂණය කළේ ය. දිනක් ඔහුට සරදම් කරන මිත්‍රයා හමු විය. මේ අවස්ථාවේ දී ඔහු සිටියේ කනගාටුවෙනි. ඔහු කියා සිටියේ, “මට මගේ දරුවන් ගැන කලකිරීමක් දැනෙනවා. ඔවුන් මා ව රවටනවා, ඒ වගේ ම මගෙන් සොරකම් කරනවා” යනුවෙනි. ඒත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කරමින් සිටි දරුවන්ගේ පියා පැවසුවේ මෙසේ ය: “ඇත්තට ම, මගේ දරුවන් නම් වෙනස්! ඒ අය මට ඉතා කරුණාවන්තයි, මට රැකියාවක් නොතිබුන කාලයේ මගේ මෝටර් රථයේ ණය වාරිකය පියවන්න පවා ඔවුන් මට උපකාර කළා.”
මේ වන විට, දියණියන් තිදෙනෙක් හා මව බව්තීස්මය ලබා තිබුණා. එක් පුත්‍රයෙක් විශේෂ පුරෝගාමියෙක් ව සිටී. කලින් දැඩි මෙන් ම කෝප වූ තත්ත්වයක සිටි පියා ගැන කුමක් කිව හැකි ද? ඔහු දැන් මිත්‍රශීලී ව සිටින අතර සිහි කිරීමේ උත්සවයට ද පැමිණ ඇත.
යෙහෝවඃ වහන්සේ කෙරෙහි ස්ථිරභාවයෙන් සිටීම නිසා උන් වහන්සේ එම පුත්‍රයාට ද, ඔහුගේ සහෝදරියන් තිදෙනාට මෙන් ම ඔවුන්ගේ මවට ද විපාක දී ඇත. ඔවුහු දැන් යෙහෝවඃ වහන්සේගේ හෘදය සතුටු කරන ජ්වලිතවත් රාජ්‍යය දේශනාකරුවෝ වෙත්.—හිතෝපදේශ 27:11.