ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 12/1 32 පි.
  • දෙවියන් වහන්සේගේ නාමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් වහන්සේගේ නාමය
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 12/1 32 පි.

දෙවියන් වහන්සේගේ නාමය

“යෙහෝවඃ වහන්සේ ගෙය නොසාදන සේක්නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති.” මෙම ලතින් සටහන එසේ පවසයි. එම වදන් බයිබලයේ ගීතාවලිය 127:1 මත පදනම් ව ඇති අතර, එහි ගැඹුරු සත්‍යතාවක් ගැබ්ව ඇත: එනම්, යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදය නොමැති ඕනෑ ම උත්සාහයක් අවසානයේ දී නිෂ්ඵල වනු ඇති බව ය.

වර්ෂ 1780 දාතම දරන එම සටහන, ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ ඇති ගොඩනැගිල්ලක දක්නට ලැබෙන අතර, එහි යෙහෝවඃ නම් දෙවියන් වහන්සේගේ නාමය ගැබ්ව තිබීම සැලකිය යුතු යමක් වෙයි. (ඡායාරූපය බලන්න.) පුරාණ ශතවර්ෂවල එම නාමය පුළුල් ව භාවිතා කරනු ලැබී ය. එය බොහෝ අවස්ථාවන්හි ලෞකික ගොඩනැගිලිවල, පල්ලිවල මෙන් ම, කාසි මත පවා සටහන් කරනු ලැබී ය. මිෂනාරිවරුන් බයිබලය දුරස්තර රටවලට ගෙන ගිය විට ඔවුන් එම නාමය පාවිච්චි කළ අතර, නිසැක ව ම එම නාමය ශ්‍රී ලංකාවේ එම සටහනේ දක්නට ලැබීමට ඵය හේතු වන්නට ඇත.

අද දින දේවල් කොතරම් වෙනස් ද! දෙවියන් වහන්සේගේ නාමය ගැන සැලකිලිමත් වන්නේ ක්‍රිස්තියානින් යයි කියා සිටින සුළු පිරිසක් පමණකි. ඇතැම් විශාරදයෝ එය අවධාරණය කිරීම වෙනුවෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව විවේචනය කරති. ඒ මක්නිසා ද? සමහරෙක් කියන ආකාරයට එහි හෙබ්‍රෙව් ශබ්ද කිරීම නිවැරදි ව නොදැන සිටීම ය. එහෙත් යේසුස් වහන්සේගේ නාමයේ මුල් හෙබ්‍රෙව් ශබ්ද කිරීම දන්නේ කී දෙනෙක් ද? එහෙත් උන් වහන්සේගේ නාමය ලොව පුරා භාවිතා කරනු ලබන අතර ගෞරවය ද කරනු ලබයි.

යේසුස් වහන්සේට, දෙවියන් වහන්සේගේ නාමය ඉතා වැදගත් විය. “ඔබගේ නාමයට ගෞරව වේවා” කියා යාච්ඤා කිරීමට උන් වහන්සේ අපට ඉගැන් වූ සේක. (මතෙව් 6:9) තව ද තමන් වහන්සේගේ මරණයට මොහොතකට පෙර, “ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි” යයි උන් වහන්සේ දෙවියන් වහන්සේට වදාළ සේක. (යොහන් 17:6) සැබෑ ක්‍රිස්තියානින් යේසුස් වහන්සේගේ අඩි පාරේ යන අනුගාමිකයන් ය. ඔවුනුත් ‘දෙවියන් වහන්සේගේ නාමය ප්‍රකාශ කළ යුතු’ නොවේ ද? යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් එසේ කරන අතර යෙහෝවඃ වහන්සේ ඔවුන්ගේ ‘ගෙයට’ මහත් සේ ආශීර්වාද කරන සේක. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනග වාසනාවන්තයෝය” [සන්තෝෂවත් වන්නෝ ය NW] යන ගීතාවලියේ වදන් ඔවුන් සඳහා සැබෑවක් වී ඇත.—ගීතාවලිය 144:15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න