ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 11/15 32 පි.
  • ගසක් හා සමාන ව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගසක් හා සමාන ව
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 11/15 32 පි.

ගසක් හා සමාන ව

“මා වැනි මෝඩයන්ගෙන් කවි සෑදේ. එහෙත් ගසක් සෑදිය හැක්කේ දෙවියන් වහන්සේට පමණකි.” ගස්වල ඇති ගුණ රාශිය වර්ණනා කරමින්, ජොයිස් කිල්මර් නම් කවියා, ඒවා නිර්මාණය කිරීමේ ගෞරවය දෙවියන් වහන්සේට පුද කළේ ය.

යෙහෝවඃ දෙවියන් වහන්සේ මහත් විවිධත්වයකින්, අලංකාරයෙන් හා ප්‍රයෝජනයන්ගෙන් යුත් ගස් සාදා ඇත. කුඩා මෙන් ම අතිවිශාල ගස් දක්නට ලැබෙන අතර, ඒවා කොතරම් අලංකාර ද කීවොත් එහි හැඩරුව විස්තර කළ නොහැකි තරම් ය. මීට අමතර ව ගස්, ආහාර, ඉන්ධන හා නවාතැන් සපයා දෙයි. තව ද නිර්මාණ ශිල්පීන් සොයමින් සිටින්නේ දැවෙන් කළ හැකි අලුත් දේවල් ගැන ය.

බයිබලයේ රාජ්‍යයන්, පාලකයන් හා පුද්ගලයන් නියෝජනය කිරීමට ඇතැම් අවස්ථාවන්හි සංකේතාත්මක වශයෙන් ගස් යොදා ගෙන ඇත. (එසකියෙල් 31:1-18; දානියෙල් 4:10-26) යෙහෝවඃ වහන්සේගේ රජකමෙන් හා ස්වකීය ජනයාගේ නැවත පිහිටු වීමෙන් විපාක වන්නා වූ ප්‍රීතිමත්, සාමකාමී හා ඵලදායී තත්ත්වයන් සම්බන්ධයෙන් ද ගස් සම්බන්ධ කර ගෙන ඇත. (1 ලේකම් 16:33; යෙසායා 55:12; එසකියෙල් 34:27; 36:30) දෙවියන් වහන්සේගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේ යයි ද ශුද්ධ ලියවිලිවල පොරොන්දු වෙයි. (යෙසායා 65:22) ඇතැම් ගස් සියවස් ගණනාවක් පවතින බව අප තේරුම් ගන්නා විට, මෙයට ගැඹුරු අර්ථයක් ඇත.

දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ මනුෂ්‍යයෙක් “දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි” කියා බයිබලයේ ගීතිකාකරුවෙක් පැවසී ය. ජලය බොහෝ සෙයින් පවතින ස්ථානයක හිටවන ලද ගසක්, ගීතිකාකරුට “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ” කෙනෙක් විසින් භුක්ති විඳින ආත්මික සමෘද්ධිය සිහිගැන්වී ය. (ගීතාවලිය 1:1-3) ඔබ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හා පරිශුද්ධ වචනයෙහි අව්‍යාජ ප්‍රීතියක් ලබන්නේ නම්, ඔබගේ දවස් වෘක්ෂයක දවස් මෙන් විය හැකි ය. ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ඒකාන්ත දැනගැන්මට එකඟ ව ක්‍රියා කිරීමෙන්, ඔබට සදාකාල ජීවිතයේ බලාපොරොත්තුව ඇති ව සිටින්නට පුළුවන.—යොහන් 17:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න