ජීවනයේ වතුර
“අසන්නාද: වරෙන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.” (එළිදරව් 22:17) “ජීවන-වතුර”—එනම් අපගේ ගැලවීම සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිලය මත පදනම් දෙවියන් වහන්සේගේ සැපයුම් සියල්ල ඉන් අදහස් වේ. මෙම සැපයුම් සියල්ලන්ට ම ලබා ගත හැකි තත්ත්වයක පවතින අතර ඒවා නොමිලයේ දෙනු ලැබේ. අපගේ දෙවියන් වහන්සේගේ පැත්තෙන් ගත් කල, කොතරම් පුදුම සහගත ත්‍යාගශීලීත්වයක් ද! එහෙත් ඒවා වතුරෙන් සංකේතවත් කරනු ලැබ ඇත්තේ මක්නිසා ද?
හොඳයි, සාමාන්‍ය වතුර පසේ පැළෑටි වර්ධනය හැකි කරවන අතර එමගින් මනුෂ්‍යයන්ට ජීවත්වීමට ද හැකි කරවයි. වතුර නොමැති ව ශාක ජීවිත මෙන් ම මනුෂ්‍ය ජීවිත ද පැවතිය නොහැකි ය. මීට අමතර ව ඔබගේ ශරීරය සෑදී තිබෙන්නේ ද සියයට 65ක් වතුරෙනි. දිනකට වතුර ලීටර් 2.4ක් පමණ ගැනීමෙන් එම ප්‍රමාණය පවත්වා ගැනීම ඇතැම් සෞඛ්‍ය විශේෂඥයෝ නිර්දේශ කරති. ඔබගේ අභ්‍යන්තර ජීවන ක්‍රියාවලි—එනම් ආහාර ජීරණයේ පටන් අපද්‍රව්‍ය පහ කිරීම දක්වා—යන සියල්ල සඳහා වතුර අවශ්‍ය වේ. සතියක් වතුර නොමැති ව සිටියොත්, ඔබ මැරෙනු ඇත.
සමානාකාරයෙන් “ජීවන-වතුර” ආත්මික ජීවිතයක් ගත කිරීමත්, පෝෂ්‍ය කිරීමත් හැකි කරවයි. ජීවනයේ වතුර අප ප්‍රතික්ෂේප කළහොත්, අපට කල්පවතින ජීවිතය නැති වී යනු ඇත. (යොහන් 3:36) අප එය පිළිගත්තොත්, අපට සදාකාල ජීවනය ලබන්නට පුළුවන. යේසුස් වහන්සේ සමාරීය ස්ත්‍රියට මතු සඳහන් දෙය පැවසූ විට ඇය අනුකූලතාව දැක්වීම පුදුමයක් නොවේ: “මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේය!” (යොහන් 4:14) එයාකාර උනන්දුවෙන් අපිත් ඉදිරිපත් වී, ජීවනයේ වතුර නොමිලයේ ගනිමු.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Garo Nalbandian