ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 8/1 32 පි.
  • සඟවා තිබෙන නිධාන සෙවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සඟවා තිබෙන නිධාන සෙවීම
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 8/1 32 පි.

සඟවා තිබෙන නිධාන සෙවීම

වර්ෂ 1848 දී, එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ සටර්ගේ ඉඩමේ ලී මෝලක් තිබූ ස්ථානයෙන් රත්රන් සොයා ගනු ලැබී ය. වර්ෂ 1849 වන විට, ඉක්මනින් ධනවත්වීමේ බලාපොරොත්තුවෙන් දහස් සංඛ්‍යාවක් එම ප්‍රදේශය කරා ඇදී එමින් සිටි අතර එක්සත් ජනපද ඉතිහාසයේ ධනවත්වීමේ අටියෙන් රත්රන් තිබූ ප්‍රදේශ කරා ප්‍රබලතම ඇදී යාම දියත් කරනු ලැබී ය. වසරක් ඇතුළත, ළඟ ම වරාය වූ සැන් ෆ්‍රැන්සිස්කෝ, කුඩා නගරයක තත්ත්වයේ සිට 25,000ක් වෙසෙන නුවරක තත්ත්වයට පත් විය. ක්ෂණික ධනය පිළිබඳ අපේක්ෂාව බලගතු පෙලඹීමක් බව සනාථ විය.

සඟවා තිබෙන නිධාන මනුෂ්‍යයන් කොතරම් උද්‍යෝගි ලෙස හාරනවා දැයි පුරාණ ඊශ්‍රායෙලයේ සාලමොන් රජ දැන සිටි අතර ඔහු මතු සඳහන් වදන් ලියූ විට මෙය අවධානයට යොමු කළේ ය: “නුඹ නුවණට [අවබෝධයට NW] හඬගසා, ඥානයට [විචාර බුද්ධියට NW] නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නෙහි නම්, නුඹ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.”—හිතෝපදේශ 2:3-5.

රත්රන් හා රිදීවලින් ඔබට බොහෝ දෑ කළ හැකිමුත්, ඔබට ඊටත් වඩා වැඩියෙන් අවබෝධයෙන් හා විචාර බුද්ධියෙන් ද කළ හැකි ය. හරි තීරණ ගැනීමට, ගැටලු විසඳීමට, විවාහයේ දී සාර්ථක වීමට හා සන්තෝෂය සොයා ගැනීමට මේවා ඔබට උපකාරවත් වනු ඇත. (හිතෝපදේශ 2:11, 12) සමානාකාරයෙන්, සැබෑ දැනුම හා ප්‍රඥාව අපගේ මැවුම්කරුවාණන් ව දැනගැනීමටත්, උන් වහන්සේගේ අරමුණු තේරුම් ගැනීමටත්, එසේ ම කීකරු වී උන් වහන්සේ ව ප්‍රසන්න කිරීමටත් ඔබට උපකාරවත් වනු ඇත. රත්රන්වලට මේ දේවල් කිසිවක් ඔබට දිය නොහැක.

බයිබලයේ වදන් සැබෑ ය: “මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.” (දේශනාකාරයා 7:12) බොහෝ අය ක්ෂණික ව ධනවත්වීමට සිහින මැවුවත්, සැබෑ ධනය වන විචාර බුද්ධිය, අවබෝධය, දැනගැන්ම හා ප්‍රඥාව සඳහා බයිබලය විවෘත කර හෑරීම කොතරම් ප්‍රඥාවන්ත ද.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න