ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 7/15 32 පි.
  • “අහසෙන් ලකුණක්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “අහසෙන් ලකුණක්”
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 7/15 32 පි.

“අහසෙන් ලකුණක්”

පැරණි එළිසමයක් මෙසේ පවසයි: “සවස රතු අහසකි, නැවියන්ට ප්‍රීතියකි. උදෑසන රතු අහසකි, නැවියන්ට විපතකි.”

අද දින, චන්ද්‍රිකා, පරිගණකයෙන් මඟ පෙන්වීම ලබන උෂ්ණත්ව අධ්‍යනයන්, ඩොප්ලර් රේඩාව, හා වෙනත් විද්‍යාත්මක උපක්‍රම කාලගුණය කලින් නිර්ණය කිරීමට යොදා ගැනේ. අනාවැකි ඉහත උපුටා දක්වන ලද එළිසමයත් සමඟ බොහෝ විට එකඟ වේ.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආගමික එදිරිවාදියෝ වරෙක, තමන් මෙසියස් බව තහවුරු කිරීමට අසාමාන්‍ය විදහා පෙන්වීමක් වන, “අහසෙන් ලකුණක්” බලෙන් ඉල්ලා සිටියෝ ය. උන් වහන්සේ “සවස් වේලෙහි අහස රතුපාට නිසා හොඳ කාලයක් වන්නේ කියාත්, උදය අහස රතුපාටව, අඳුරුව තිබෙන නිසා අද කුණාටු දවසක් වන්නේය කියාත් නුඹලා කියවුය. නුඹලා අහස්තලය විමසන්ට දන්නහුය; එහෙත් කාලයන්ගේ ලකුණු විමසා දැනගන්ට නුඹලාට බැරිය. නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලැබෙන්නේයයි කීසේක.”—මතෙව් 16:1-4.

යේසුස් වහන්සේගේ සතුරන්ට කාලගුණය පුරෝකථනය කරන්නට පුළුවන්කම තිබුණත්, ආත්මික කාරණා අවබෝධ කර ගැනීමට නොහැකි විය. උදාහරණයක් හැටියට, “යෝනාගේ ලකුණ” ගැන කුමක් කිව හැකි ද? මහත් මත්ස්‍යයෙකුගේ බඩේ දින තුනක් ගත කිරීමෙන් පසු, දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවර යෝනා නිනිවයේ දේශනා කළ අතර එසේ අෂූරියේ එම අගනගරයට ලකුණක් විය. යේසුස් වහන්සේ දින තුනක කොටස් සොහොන් ගෙයක ගත කර නැවත නැගිටුවනු ලැබූ විට, යේසුස් වහන්සේගේ පරම්පරාව “යෝනාගේ ලකුණ” ලැබී ය. උන් වහන්සේගේ ගෝලයන් එම සිද්ධියට සාක්ෂිය ප්‍රකාශ කළ අතර එසේ යේසුස් වහන්සේ එම පරම්පරාවට ලකුණක් වූ සේක.—මතෙව් 12:39-41.

තවත් අවස්ථාවක, යේසුස් වහන්සේගේ ගෝලයෝ රාජ්‍යය බලයෙන් යුක්ත ව උන් වහන්සේගේ අනාගත “පැමිණ සිටීම” පිළිබඳ “ලකුණ” උන් වහන්සේගෙන් ඉල්ලා සිටියෝ ය. මෙයට පිළිතුරු වශයෙන්, අසමාන්තර යුද්ධ, මහත් භූමිකම්පා, සාගත, හා පිහිටුවන ලද ස්වර්ගීය රාජ්‍යය පිළිබඳ ලෝක ව්‍යාප්ත දේශනා කිරීම යනාදී විවිධ කොටස්වලින් සමන්විත සංයුක්ත ලකුණක් උන් වහන්සේ දුන් සේක.—මතෙව් 24:3-14.

අදෘශ්‍යමාන ස්වර්ගීය රජු හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම පිළිබඳ ලකුණ ඔබ හඳුනා ගත්තෙහි ද? එහි අංගයන් මෙම පරම්පරාව මත ඉෂ්ට වෙමින් පවතී. (මතෙව් 24:34) එමෙන් ම අනාගතය ගැන කුමක් කිව හැකි ද? බයිබලය මෙම දේවල පිළිවෙළේ සමාප්තිය අත ළඟ බව හෙළි කරනවා පමණක් නොව නමුත් මනුෂ්‍ය වර්ගයා සඳහා පැහැදිලි ව හා දීප්තිමත් ව ඉතා ඉක්මනින් උදා වන්නට යන දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ නව දවස ගැනත් පුරෝකථනය කරයි.—2 පේතෘස් 3:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න