වාර්ෂික රැස්වීම
1993 ඔක්තෝබර් 2
වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා හි සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම 1993 ඔක්තෝබර් 2වන දින, න්‍යූ ජර්සි, ජර්සි නගරයේ, කෙනඩි බූලවාඩ් හි අංක 2923 දරන ස්ථානයේ පිහිටි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේ පවත්වනු ලබනවා ඇත. සාමාජිකයන් පමණක් සහභාගි වන මුල් රැස්වීම පෙ.ව. 9.30ට කැඳවනු ලබන අතර ඉන් පසු ව පෙ.ව. 10.00ට පොදු වාර්ෂික රැස්වීම පටන් ගනු ඇත.
සංස්ථාවේ සාමාජිකයන් පසුගිය වසර තුළ තමන්ගේ තැපැල් ලිපිනයේ යම් වෙනසක් සිදු වී තිබේ නම් ඒ බව ලේකම්ගේ කාර්යාලයට දැනුම් දිය යුතු වන්නේ සාමාන්‍යයෙන් එවනු ලබන නිවේදන ලිපි හා පෙරකලාසි [සහභාගි නොවී ඡන්දය ප්‍රකාශ කිරීමේ ලියවිලි] අගෝස්තු 1වන දිනයෙන් මද කලකට පසු තමන්ට ලබා ගැනීමට හැකි වන පිණිස ය.
වාර්ෂික රැස්වීමේ නිවේදනය සමඟ සාමාජිකයන් වෙත එවනු ලබන, පෙරකලාසිය, අගෝස්තු 15වන දිනට ප්‍රථම සමිතියේ ලේකම්ගේ කාර්යාලයට ලැබෙන ලෙසින් ආපසු එවිය යුතු ය. තමන් පුද්ගලික ව රැස්වීමට සහභාගි වෙනවා ද නැද්ද යන වග සඳහන් කරමින්, සෑම සාමාජිකයෙක් ම තමාගේ පෙරකලාසිය පමාවකින් තොර ව ආපසු එවිය යුතු ය. කවරෙක් පුද්ගලික ව පැමිණෙනු ඇත්දැයි තීරණය කිරීම පෙරකලාසිය මත පදනම් වනු ඇති බැවින්, එක් එක් පෙරකලාසියේ සපයනු ලබන තොරතුරු මේ කාරණය සම්බන්ධයෙන් නිශ්චිත විය යුතු ය.
නාමික ව්‍යාපාර රැස්වීම හා වාර්තාවන් ද ඇතුළු ව, මුළු සැසිවාරය ප.ව. 1.00ට හෝ ඉන් මද වේලාවකට පසු අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දවල් සැසිවාරයක් පවත්වනු ලබන්නේ නැත. සීමිත ඉඩ ප්‍රමාණයක් ඇති බැවින්, ඇතුල් විය හැක්කේ ප්‍රවේශපත්‍ර මගින් පමණි. වාර්ෂික රැස්වීම දුරකථන මාර්ගවලින් වෙනත් ශ්‍රවණාගාරවලට සම්බන්ධ කිරීමට කටයුතු යෙදෙන්නේ නැත.