පර වී නොයන අලංකාරයක්
“අලංකාරය හනික නැති වී යයි; අලංකාරය පහ වී යයි” යනුවෙන් වෝල්ටර් ඩෙ ලා මෙයා නම් කවියා නිරීක්ෂණය කළේ ය. මෙය ඇත්ත වශයෙන් ම මෙහි පෙන්වා ඇති පතොක් මල් සම්බන්ධයෙන් සිදු වන්නකි. ඒවායේ දීප්තිය සැනෙකින් මැල වී යයි.
ක්‍රිස්තියානි ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේ ය: “ඔහු [ධනවතා] තණ මලක්මෙන් පහවයන්නේය. මක්නිසාද සූර්ය්‍යයා තද රස්නයෙන් යුක්තවූ සුළඟින් උදාවී, තණකොළ වියළවයි; ඒවායේ මල් වැටී පෙනීමෙන් අලංකාරය නැතිවී යන්නේය. එසේම ධනවතා තමාගේ මාර්ගවලදී මැළවී යන්නේය.”—යාකොබ් 1:10, 11.
මෙම අවිනිශ්චිත ලෝකයේ, වස්තුව ඇත්ත වශයෙන් ම එක් රැයකින් නැති වී යා හැකි ය. මීට අමතර ව, ධනවතා—අන් සෑම කෙනෙක් හා සමාන ව—‘මලක් මෙන් ස්වල්ප දවසක් පවතින්නේ ය.’ (යෝබ් 14:1, 2) තමාට විවේක සුවයෙන් ජීවිතය භුක්ති විඳිය හැකි වනු පිණිස, වස්තු රැස් කිරීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කළ මනුෂ්‍යයෙක් පිළිබඳ ව උපමාවක් යේසුස් වහන්සේ වදාළ සේක. එහෙත් විවේකී ජීවිතයක් ගත කරන්නට තමාට අවශ්‍ය සෑම දෙයක් ම තමා සතු ව ඇත්තේ යයි ඔහු සිතූ අවස්ථාවේ දී, ඔහු මිය ගියේ ය. එනිසා යේසුස් වහන්සේ: “දෙවියන්වහන්සේ කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස්කරගන්න අය එයාකාරයයි” අනතුරු ඇඟ වූ සේක.—ලූක් 12:16-21.
“දෙවියන්වහන්සේ කෙරෙහි පොහොසත්” වීම. මෙයින් යේසුස් වහන්සේ අදහස් කළේ කුමක් ද? මෙයාකාරයෙන් ධනවත් ව සිටින මනුෂ්‍යයෙකුට “ස්වර්ගයෙහි . . . වස්තු” ඇත—එනම් දෙවියන් වහන්සේ සමඟ හොඳ නාමයක් ඇත. එවන් වස්තු කිසිකලෙක මැලවීමට අවශ්‍යතාවයක් නැත. (මතෙව් 6:20; හෙබ්‍රෙව් 6:10) පර ව යන මලක් ව සිටිනවා වෙනුවට, බයිබලය, එවන් මනුෂ්‍යයෙක් ව අතු කොළ ආදිය පර ව නොයන ගසකට සමාන කර තිබේ. තව ද “ඔහු කරන සියල්ල සඵල” වන්නේ යයි අපට සහතිකයක් ද දී තිබේ.—ගීතාවලිය 1:1-3, 6.