ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 5/15 32 පි.
  • “කුහුඹුවා ළඟට යන්නේ” මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “කුහුඹුවා ළඟට යන්නේ” මන්ද?
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 5/15 32 පි.

“කුහුඹුවා ළඟට යන්නේ” මන්ද?

පැරණි ඊශ්‍රායෙලයේ ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙම අවවාදය දුන්නේ ය: ‘කුහුඹුවා ළඟට යන්න.’ ඔහු මෙය පැවසුවේ මන්ද? කුහුඹුවන්ගෙන් අපට ඉගෙන ගත හැක්කේ කුමක් ද?

සාලමොන් මෙසේ එකතු කළේ ය: “උගේ [කුහුඹුවාගේ] මාර්ග බලා, ඤාණවන්ත වෙයන්න. ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.” (හිතෝපදේශ 6:6-8) බොහෝ කලකට පෙර පළ කරන ලද එම වචනවල සත්‍යතාවයන් නවීන දින පරිසර විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ.

හිතෝපදේශ ලේඛක ආගුර්, කුහුඹුවන් වනාහි “ඉතා ඥානවත්වූ [සහජ බුද්ධියකින් යුතු NW]” බව අඟවයි. (හිතෝපදේශ 30:24, 25) ඇත්ත වශයෙන් ම, ඔවුන්ගේ ප්‍රඥාව බුද්ධිමත් විමර්ශනයේ නිපැයුමක් නොව, නමුත් මැවුම්කරුවාණන් විසින් ඔවුන් කෙරෙහි උරුම කොට දී ඇති සහජ බුද්ධියේ [ඉවේ] ප්‍රතිඵලයකි. නිදසුනක් වශයෙන්, සහජ බුද්ධිය [ඉව] හේතුවෙන්, කුහුඹුවෝ තම ආහාර නිසි කාලයට එක්රැස් කර ගනිති.

කුහුඹුවෝ මනා ව සංවිධානය වී සිටිත්. කැපී පෙනෙන අයුරින් තම සෙසු වැඩකරුවන් වෙත සහයෝගයෙන් හා අවධානයෙන් ක්‍රියා කරන ඔවුහු, තුවාල වූ හෝ විඩාවට පත් වූ කුහුඹුවන්ට ආපසු කුහුඹු ගුල බලා යාමට උදව් වෙති. ඔවුහු අනාගතය උදෙසා ඉවෙන් සූදානම් වන අතර, තමන්ගේ කාර්යයන් ඉටු කිරීමට හැකි සෑම දෙයක් ම කරති.

කුහුඹුවන්ගේ ස්වාභාවික ක්‍රියා කලාපයෙන් ඇඟවෙන්නේ, මිනිසුන් තම ඉදිරිය බලා සැලසුම් කොට වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවයි. මෙය, පාසලේ දී, රැකියා ස්ථානයේ දී, සහ ආත්මික ක්‍රියාකාරකම්වල දී අදාළ වෙයි. කුහුඹුවා තමාගේ කාර්යක්ෂම බවින් ප්‍රයෝජන ගන්නවා සේ, මිනිසුන් විසින් කරන ‘වෙහෙස ගෙන දෙන අසීරු වැඩවලින් යහපත දකිනවා’ දැකීමට දෙවියන් වහන්සේට වුවමනා ය. (දේශනාකාරයා 3:13, 22; 5:18) කාර්ය බහුල කුහුඹුවන් මෙන්, සැබෑ ක්‍රිස්තියානිහු දවසේ දී හොඳින් වැඩ කරති. ඔවුන් ‘තමන් අතට සම්බ වන දෙය වීර්යයෙන් කරන’ අතර, එසේ කරන්නේ, වැඩ පරීක්ෂකයා බලා සිටින නිසා නොව, නමුත් කාර්යක්ෂම හා ඵලදායී වැඩකරුවන් වීමට ඇති අවංක ආශාව නිසා ය.—දේශනාකාරයා 9:10; සසඳන්න හිතෝපදේශ 6:9-11; එමෙන් ම තීතස් 2:9, 10 ද බලන්න.

ඇත්තෙන් ම, අප “කුහුඹුවා ළඟට ගොස්” උගෙන් අප ඉගෙන ගන්නා දේ අදාළ කර ගන්නේ නම්, අප සන්තෝෂවත් වෙනවා ඇත. තව ද, බයිබලයේ හෙළි කර ඇති පරිදි, අප යෙහෝවඃ දෙවියන් වහන්සේගේ කැමැත්ත බලවත් උත්සාහයකින් කළහොත් මහත් ම සන්තෝෂය අප නෙලා ගන්නවා ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න