අහංකාර ස්වභාවයකින් වැළකී සිටින්න!
ඥානවන්ත හිතෝපදේශයක් මෙසේ පවසයි: “තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි.” (හිතෝපදේශ 17:19) උස් දොරකඩක් තිබීමේ ඇති වැරැද්ද කුමක් ද? එමෙන් ම මෙම හිතෝපදේශයෙන් කාවද්දන මූලික කරුණ කුමක් ද?
පුරාතන කාලවල අසු පිට යන පුද්ගලයන් හා මංකොල්ලකාර කණ්ඩායම් දැකීම අසාමාන්‍ය දෙයක් නොවී ය. විවෘත ප්‍රදේශවල තිබූ අනාරක්ෂිත නිවාස සොරුන්ගේ ප්‍රහාරයට පහසුවෙන් ගොදුරු විය හැකි තත්ත්වයක තිබුණි. තමන් සතු දේවල් සොරුන් අතට පත්වීම වළක්වාලීමට, ඇතැම් නිවාස හිමියෝ විශේෂිත දොරටුවක් සහිත පහුරක් ගොඩනැගූහ. පහුර උස් ව තිබුණ ද, දොරකඩ පහත් ව තිබිණ. ඇත්ත වශයෙන් ම, සමහරක් ඒවා අඩි තුනක්වත් උස් නොවී ය—අශ්වයෙකුට හා අසරුවාට ඇතුල් වීමට ඉතා පහත් ව තිබිණ. තමන්ගේ මිදුලට එන දොරකඩ පහත් නොකළ අය, අසු පිට යන්නන් ඊට ඇතුල් වී සිය භාණ්ඩ බලෙන් පැහැර ගනු ලැබීමේ අනතුරට පත් විය හැකි තත්ත්වයක සිටියහ.
නගරවල මිදුල්වලට ඇතුල් වන දොරකඩ සාමාන්‍යයෙන් පහත් ව හා පහුරෙන් වට වී ඇති භූමි භාගයේ වත්කම නොඅඟවන ලෙසින් සිත් ඇද නොගන්නා විලාශයෙන් සකසා තිබිණ. කෙසේ නමුත්, පර්සියාවේ අතිවිශාල දොරකඩක් රාජත්වයේ ලකුණක් වූ අතර, මෙය ඇතැම් යටත් වැසියෝ, පැමිණිය හැකි අනතුරු තිබිය දී අනුකරණය කරන්නට වෑයම් කළහ. තමාගේ නිවසට උස් දොරකඩක් සකසා ගත් කවරෙක් නමුත්, තමාගේ සමෘද්ධිය විදහා පෙන් වූ බැවින්, සොරකමට යම් ආරාධනයක් කරමින් සිටියේ ය.
තමාගේ දොරකඩ උස් ව සකසා ගන්නා අය, තමන්ගේ සැබෑ වටිනාකමට වඩා තමන් ව තක්සේරු කර පෙන්වීමෙන් විනාශයට ආරාධනා කරන බව හිතෝපදේශ 17:19 පෙන්වී ය. මෙම හිතෝපදේශය උඩඟු හා අහංකාර කථාවෙන් උස් කර ගන්නා ලද දොරකඩක් හැටියට මුඛයට ද යොමු කරනවා විය හැකි ය. මෙවන් කථා ආරවුල් පෝෂණය කළ හැකි අතර අවසානයේ උඩඟු තැනැත්තා ව විනාශයට මඟ පෙන්විය හැකි ය. එසේ නම්, අහංකාර ස්වභාවය මඟ හැරීම කොතරම් ඥානවන්ත ද!
[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Picturesque Palestine, Sinai and Egypt, Volume 1, by Colonel Wilson (1881)