ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 2/15 32 පි.
  • කලින් පිබිදෙන්නා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කලින් පිබිදෙන්නා
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 2/15 32 පි.

කලින් පිබිදෙන්නා

මධ්‍යධරණී ප්‍රදේශයේ තිබෙන පලතුරු ගස් අතර, කොට්ටම්බා ගස වඩාත් චමත්කාරජනක ගසකි. ජනවාරි හෝ පෙබරවාරි මාසවල අවසානයේ දී—වෙනත් ගස් බොහොමයකට පෙරාතුව—එය එහි සීත සමයේ අලස බවින් පිබිදෙයි. එය මොනතරම් පිබිදීමක් ද! සිවුමැළි රක්ත වර්ණයකින් හෝ වයසක අයගේ හිසකෙස් පැහැයට සමාන සුදු මල් පොහොට්ටුවලින් මුළු ගස ම වැසී යයි.—දේශනාකාරයා 12:5 සසඳන්න.

පැරණි හෙබ්‍රෙව්වන්, කොට්ටම්බා ගසේ කලින් මල් හට ගැනීම අඟවමින් එය හැඳින්වූයේ “පිබිදෙන්නා” කියා ය. මෙම ලක්ෂණය, වැදගත් පණිවුඩයක් පැහැදිලි කිරීම සඳහා යෙහෝවඃ වහන්සේ විසින් යොදා ගන්නා ලදි. සිය දේව සේවයේ ආරම්භයේ දී, යෙරෙමියා හට දර්ශනයක් තුළ කොට්ටම්බා අත්තක් පෙන්වන ලදි. ඉන් අදහස් කළේ කුමක් ද? යෙහෝවඃ වහන්සේ පහදා දුන් සේක: “මාගේ වචනය ඉෂ්ට කරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමි.”—යෙරෙමියා 1:12.

කොට්ටම්බා ගස කලින් ‘පිබිදෙන’ සේ ම, යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයාගේ අකීකරුකමේ ඵල විපාක ගැන ඔවුනට අනතුරු ඇඟවීම සඳහා ස්වකීය අනාගතවක්තෘවරුවන් යැවීමට සංකේතමය ලෙස “අලුයම නැගිට” සිටි සේක. (යෙරෙමියා 7:25) ස්වකීය අනාවැකිමය වචනය ඉෂ්ට වන තෙක්, උන් වහන්සේ නිදා නොගනු ඇත—උන් වහන්සේ ‘පිබිද සිටින’ සේක. එනිසා ඇදහිල්ල අත් හළ එම යුදා ජාතිය මත යෙහෝවඃ වහන්සේගේ විනිශ්චය පැමිණියේ නියමිත කාලය වූ පො.යු.පෙ. 607 දී ය.

අප ජීවත් වන දුෂ්ට පිළිවෙළට එරෙහි ව ඒ හා සමාන විනිශ්චයක් පැමිණෙනු ඇති බව දේව වචනය පුරෝකථනය කරයි. (ගීතාවලිය 37:9, 10; 2 පේතෘස් 3:10-13) එවන් විනිශ්චමය ක්‍රියා මාර්ගයකට යොමු දක්වමින්, අනාගතවක්තෘ හබක්කුක් අපට මෙසේ සහතික වෙයි: “දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, . . . ඒ ගැන බලාසිටපන්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” (හබක්කුක් 2:3) අලංකාර කොට්ටම්බා මල් අපට සිහිගන්වන්නේ, යෙහෝවඃ වහන්සේ ස්වකීය වචනය සම්බන්ධයෙන් පිබිද සිට එය ක්‍රියාත්මක කරවන බව ය.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න