ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 2/1 30 පි.
  • දුම් කොළ සහ පූජක පංතිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුම් කොළ සහ පූජක පංතිය
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දුම්බීම වැරදිද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුම්කොළ පාක්ෂිකයෝ තම උෂ්ණ-වායු බැලුම් දියත් කරති
    1995 පිබිදෙව්!
  • දුම්බීම පාපයක්ද?
    බයිබලයෙන් උත්තර
  • දුම් රහිත දුම්කොළ එය අනතුරු රහිතද?
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 2/1 30 පි.

දුම් කොළ සහ පූජක පංතිය

වසර 115කට පෙර, වෛද්‍යාචාර්ය ජෝන් කෞවන්, දි යූස් ඔෆ් ටුබැකෝ වර්සස් පියොරිටි, චැස්ටිටි, ඇන්ඩ් සවුන්ඩ් හෙල්ත් [දුම් කොළ පාවිච්ච්යට එරෙහි ව නිර්මලත්වය, නොකැලැල් බව හා පොදු සෞඛ්‍ය] යන මැයෙන් පොතක් ලීවේ ය. පසුගිය වර්ෂ පුරා, දුම් කොළවල ඇති හානිකර භාවය ගැන දැනගෙන තිබෙන දේ සම්බන්ධ ව සලකන කල, පූජක පංතිය විසින් ඒවා භාවිතා කිරීම ගැන ඔහුගේ නිරීක්ෂණයන් දූර්දර්ශී වූ අතර, අද දින දෙවියන් වහන්සේට සේවය කිරීමට සොයන ඕනෑ ම කෙනෙකුට ඉන් සම්බන්ධයක් තිබේ. දුම් කොළ භාවිතයේ තිබෙන සදාචාර බලපෑම සම්බන්ධ ව 4 වෙනි පරිච්ඡේදයේ දී, වෛද්‍ය කෞවන් මෙසේ සටහන් කළේ ය:

“පැහැදිලි ව පෙන්වා දී ඇති පරිදි, දුම් කොළ භාවිතය ශාරීරික වශයෙන් වැරදි නම්, එය අනිවාර්යයෙන් ම සදාචාර වශයෙනුත් වැරදි විය යුතු ය; මන්දයත්, ‘සිරුර කෙලසන හෝ වේදනා දෙන ඕනෑ ම දෙයක්, ස්නායු පද්ධතිය, ඒ තුළින් මොළය, සහ ඒ මගින් මනස කෙළසා දමයි’ යනුවෙන් කායවේදී නීතියක් තිබේ. මිනිසෙකුගේ මනස—එනම් ඔහුගේ සිතිවිලි, ඔහු පවසන දේ, ඔහුගේ ක්‍රියාවන්, ඔහුගේ ශාරීරික ස්වභාවය, ඔහු පාවිච්චි කරන හෝ වැරදි ලෙස පාවිච්චි කරන ආකාරය මගින් බලපෑමට හසු වේ. දුම් කොළ වනාහි, එහි නමින් සහ ඊට ආශ්‍රිත දේවල් සම්බන්ධයෙන් ගත් කල, අපවිත්‍ර දෙයක් වන අතර,—ඉන් සිදු කරන හානිය ගැන ගණනකට ගන්නේවත් නැත—පිරිසිදු, නිර්මල, යුක්ති සහගත, සදාචාර හැඟීම් සහ ක්‍රියාවන් ආරම්භ වන්නේ හෝ මනස තුළ ඒවා වර්ධනය වන්නේ හෝ කෙසේ ද? එවන් දෙයක් සිතේ මවා ගත හැකි නම්, ක්‍රිස්තුස් වහන්සේ පොළොව මත සිය ආදර්ශවත් ජීවිතය ගත කරන විට, නිර්මලත්වය, පවිත්‍රතාවය, ප්‍රේමය හා ත්‍යාගශීලී භාවය දේශනා කරන අතරතුර, දුම් කොළ පානය කරමින් දුම් කුඩු උරමින් හා ඒවා විකමින් සිටීමේ දර්ශනය සිහියේ මවා ගැනීම හා සමාන ය. එම සිතිවිල්ල ශුද්ධ වූ යමක් අපහාසයට ලක් කිරීම හා සමාන බව නොපෙනේ ද? ඇරත්, දේව සේවකයන්—එනම්, උන් වහන්සේගේ නීති සහ මූල ධර්මවල අනුගාමිකයෝ, දේශනාකරුවෝ, සහ විස්තර දක්වන්නෝ—තමන්ගේ ශරීර දූෂණය කරගෙන, අපවිත්‍ර, විස සහිත බීජවලින් තමන්ගේ ම ආත්ම කෙලෙසා ගනිති. එවැනි මිනිසුන්ට හෝ ඔවුන්ගේ අනුගාමිකයන්ට ක්‍රිස්තුස් වහන්සේ මෙන් උසස් සදාචාර ජීවිත ගත කළ හැකි ද? පුළුවන් කියා මම නම් නොසිතමි.

“ඔබට පුළුවන් නම්, කෑදරයෙකු ව, බේබද්දෙකු ව හෝ දුම් කොළ භාවිතා කරන්නෙකු ව, හදවතේ ශුද්ධවන්තකම සමඟ සම්බන්ධ කිරීමට පුළුවන් ද කියා සිතීමට උත්සාහ කරන්න? මෙම සිතිවිලි එකට සම්බන්ධ කිරීම අස්වාභාවික ය, කැරලිකාර ය, පිළිකුල් ය. ශාරීරික රුචිය, සහ බාහිර ඉන්ද්‍රියන් කෙලෙසනවා මෙන් ම, අභ්‍යන්තර මිනිසා, සදාචාරාත්මක ස්වභාවය, පිරිහී යයි. නිර්මල ස්වභාවයක් අපවිත්‍ර වාසස්ථානයක වාසය කරන්නේ නැත, වාසය කරන්නට බැරි ය. ද්‍රව්‍යමය හා ආත්මික දේවල් අතර ස්වභාවික සම්බන්ධයක් තිබෙන අතර, එවිට එක් දෙයක ගුණාංගවලින් අනෙකේ චරිත ලක්ෂණ ඇඟවෙයි. ආගමේ මහාචාර්යවරයෙක් සහ දුම් කොළවල වහලෙක් . . . කොටින් ම, ඍජු ලෙස හා අවංක ව කිවහොත්, දුම් කොළ භාවිතා කිරීම විනාශකාරී පුරුද්දකි, සදාචාර වශයෙන් වැරදි යයි ඔහු පිළිගන්නවා; නමුත් ඔහුගේ ඉන්ද්‍රියයන්ගෙන් කෘත්‍රිම ව නිපදවෙන ඇතුළාන්ත පෙලඹීමක් මගින්, අවයවවල ව්‍යවස්ථාව මගින් පුරුද්ද දිගට ම කර ගෙන යාමට ගිජු ආශාවක් ඔහු තුළින් ම හට ගන්නවා විය හැකියි, මෙම කෘත්‍රිම නීතිය, ඔහුගේ ස්වභාවික විතර්කණය හා හෘදය සාක්ෂිය එක් ව සම්බන්ධ වී ක්‍රියා කරනවාට වඩා ප්‍රබල විය හැකි ය. දුම් කොළ භාවිතය, අපගේ ශරීර ඉන්ද්‍රිය තුළ පැල පදියම් කර ඇති දෙවියන් වහන්සේගේ නීතිවලින් එකක් පැහැදිලි ව කෙලෙසීමක් නොවේ ද? දෙවියන් වහන්සේගේ නීතිවලින් එකක් උල්ලංඝනය කිරීම අපරාධයක් හා පාපයක් නොවන්නේ ද? යම් මිනිසෙකු පුරුද්දක් ලෙස දෙවියන් වහන්සේගේ එක නීතියක් කෙලෙසමින් ජීවත් වෙයි නම්, වෙනත් නීති උල්ලංඝනය කිරීමට අවතීර්ණ වීම වඩාත් පහසු වඩාත් සාමාන්‍ය දෙයක් නොවේ ද? අවසන් වශයෙන් යමෙක් තමාගේ ම ශරීරයට සාපරාධී ජීවිතයක් දිගට ම ගත කිරීමට තමන්ගේ සෙසු මැවිලිවලට ඔහුගේ හැසිරීම තුළින්, නිර්දේශ කරන්නේ නම්, ඔහු ව සදාචාර ගුරුවරයෙකු වශයෙන් සැලකිය හැක්කේ කෙසේ ද?”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න