ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 12/1 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ජීවමාන දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රුධිරය—ජීවිතය සඳහා අත්‍යවශ්‍යයි
    ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද?
  • රුධිරය සමඟින් ජීවිතය බේරා ගැනීම—කෙසේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ ජීවිතය නමැති ත්‍යාගය නිසි ලෙස අගය කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 12/1 30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

වියළි ප්ලාස්මා වැනි රුධිර සංඝටක ආහාර ද්‍රව්‍යවලට ඇතුළත් කර ඇතැයි යන්න ගැන ක්‍රිස්තියානියෙක් කොතරම් සැලකිලිමත් විය යුතු ද?

සත්ත්ව ලේ (නැතහොත් ඒවා අඩංගු දෙයක්) සහතික ව ම දේශීය ආහාර නිෂ්පාදනයකට භාවිතා කරනු ලබන බව විශ්වාස කිරීමට වලංගු පදනමක් තිබේ නම්, ක්‍රිස්තියානින් නිසි ලෙස සුපරීක්ෂාකාරී විය යුතු ය. එහෙත්, හුදෙක් සැකයක් පමණක් ඇත්නම් කලබල වීම හෝ කිසි පදනමකින් තොර ව කනස්සලු වීම මගින් අඥාන දෙයක් වනු ඇත.

මිනිසාගේ ඉතිහාසයේ මුල් අවධියේ දී, මිනිසුන් රුධිරය නොකෑ යුතු යයි අපගේ මැවුම්කරුවාණෝ නීති පැනවූ සේක. (උත්පත්ති 9:3, 4) රුධිරය, තමන් වහන්සේගෙන් පැමිණෙන දීමනාවක් වන ජීවිතය නියෝජනය කරන බව උන් වහන්සේ ප්‍රකාශ කළ සේක. ජීවියෙකුගෙන් ඉවත් කර ගන්නා ලද රුධිරය භාවිතා කළ හැකි ව තිබුණේ පූජාසනයක් මත වැනි පූජාවක් සඳහා පමණි. එසේ නොවේ නම්, ජීවියාගෙන් ගන්නා රුධිරය භූමිය මතු පිට වත් කළ යුතු විය, ඉන් අදහස් කළේ, එය දෙවියන් වහන්සේට නැවත දෙනවා ය යන අරුතයි. ජීවිතය පෝෂණය කිරීම සඳහා රුධිරය ගැනීමෙන් වැළකීමට උන් වහන්සේගේ ජනයා හට අවශ්‍ය ව තිබිණ. උන් වහන්සේ මෙසේ ආඥා කළ සේක: “නුඹලාගෙන් කිසිවෙක් ලේ නොකෑ යුතුය. . . . මක්නිසාද සියලුම මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය, . . . එය කන කවරෙක් නුමුත් සිඳදමනු ලබන්නෙහිය.” (ලෙවී කථාව 17:11-14) ලේ කෑම මත දෙවියන් වහන්සේ විසින් පනවා තිබූ තහනම ක්‍රිස්තියානින් මත යළි පනවන ලදි. (ක්‍රියා 15:28, 29) එමනිසා, බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් හෝ ලේ සහිත ලිංගුස් වැනි රුධිරය අඩංගු ආහාරවලින් වැළකීමට මුල් ක්‍රිස්තියානින්ට අවශ්‍ය විය.

එනමුත්, ‘ලේවලින් තමන් ව ම වළක්වා ගැනීමට’ ඔවුන් තමන් විසින් ගත්තා වූ අධිෂ්ඨානය මත ප්‍රායෝගික අන්දමින් ක්‍රියා කිරීමට එම ක්‍රිස්තියානින්ට හැකි වනු ඇත්තේ කෙසේ ද? (ක්‍රියා 21:25) “මස්කඩේ විකුණන කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා කාපල්ලා” යන පාවුල්ගේ වචන ඔවුන් නිකම් ම අදාළ කර ගත යුතු ද?

නැත. පළමු වෙනි කොරින්ති 10:25 හි සඳහන් එම වචන යොමු දක්වන්නේ, රූප වන්දනා කරන දේවාලයක සිදු කරන ලද සත්ත්ව පූජාවකින් ගෙනැවිත් තිබිය හැකි මස්වලට ය. එම වකවානුවේ දී, දේවාලවල අතිරේක මස්, වෙළෙඳුන්ට විකුණනු ලැබූ අතර, ඔවුන් තම කඩවල විකිණීමට තබා තිබූ මස් තොග සමඟ ඒවා මිශ්‍ර කළා විය හැකි ය. පාවුල්ගේ මූලික කරුණ වූයේ, දේවාලයකින් ගෙනෙන ලද මස් ස්වභාවයෙන් ම නරක හෝ දූෂිත වී හෝ නැති බව ය. පෙනෙන විදිහට, එහි පූජාකරන ලද සතුන්ගේ ලේ ගලා යන්නට සලස්වා, මිථ්‍යා ලබ්ධික අල්තාර මත ඒවා භාවිතා කිරීම සිරිතක් විය. එමනිසා, වෙළෙඳ පොළේ සමහරක් අතිරේක මස් විකුණනු ලැබුවා නම්, මිථ්‍යා දෘෂ්ටින්ගේ දේවාලයකට හෝ ඔවුන්ගේ වැරදි අදහස්වලට යම් සම්බන්ධයක් ඇති බවට යමක් පෙනෙන්ට නොතිබුණා නම්, සුදුසු ලෙස ලේ ඉවත් කර, විකිණීමට තබා තිබූ මස් වශයෙන් හුදෙක් අනුභව කරන්නට ක්‍රිස්තියානින්ට හැකි විණි.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ මස් කඩයක විකුණන මස්, විශේෂයෙන් ම බොටුව මිරිකා මැරූ සතුන්ගෙන් ගෙන ඇති බව (හෝ ලේ සහිත ලිංගුස්) එම ක්‍රිස්තියානින් දැන ගත්තා නම්, තත්ත්වය වෙනස් වන්නට තිබුණි. තමන් විසින් මස් මිල දී ගැනීමේ දී, සුපරීක්ෂාකාරී වන්නට ඔවුන්ට අවශ්‍ය වනු ඇත. ලේ අඩංගු මස් නිෂ්පාදනවලට විශේෂිත වර්ණයක් තිබුණා නම්, එවැනි නිෂ්පාදන හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත (අද දින පවා, ලේ සහිත ලිංගුස් පොදුවේ භාවිතා කරන රටවල සාමාන්‍යයෙන් ඒවා පහසුවෙන් හඳුනා ගත හැකි ය). නොඑසේ නම්, ප්‍රසිද්ධ මස් මරන්නෙකුගෙන් හෝ මස් වෙළෙන්දෙකුගෙන් ඒ ගැන අසන්නට ක්‍රිස්තියානියෙකුට හැක. එක්තරා මස් වර්ගයක ලේ අඩංගු බව විශ්වාස කිරීමට කිසිදු හේතුවක් ඔවුන්ට නොතිබුණි නම්, ඔවුන්ට හුදෙක් ඒවා මිල දී ගෙන කෑමට පුළුවන.

පාවුල් මෙසේ ද ලීවේ ය: “ඔබගේ සාධාරණකම සියලු මිනිසුන්ට දැන ගන්ට සලස්වන්න.” (පිලිප්පි 4:5, NW) මස් මිල දී ගැනීමේ කාරණයට එය අදාළ කරන්නට හැක. මිල දී ගැනීමට තිබෙන මස්වල ලේ තිබෙන බවට මඳ සැකයක් හෝ තිබුණොත් ශාක භක්ෂකයන් බවට පවා පත් වෙමින්, මස් ගැන සොයා බැලීමට බොහෝ සෙයින් කාලය හා වෑයම මිඩංගු කරන තරම් දුරට දෙවියන් වහන්සේගේ සෙනඟට යා යුතු වූ බවට ඊශ්‍රායෙල්ට දුන් නීතියේවත්, පළමු සියවසේ ක්‍රිස්තියානි පාලක මණ්ඩලයේ ආඥාවේවත් ඇඟ වූයේ නැත.

සතෙකු ව මැරූ ඊශ්‍රායෙල් දඩයක්කරුවෙක්, උගේ ලේ ඉවත් කර ගලා යන්නට සලස්වනු ඇත. (නික්මයාම 12:15, 16 සසඳන්න.) ඔහුගේ පවුලේ අයට සියලු ම මස් අනුභව කිරීමට නොහැකි වූවා නම්, ඉන් ප්‍රමාණයක් විකිණීමට ඔහුට හැකි විණි. නිසි අයුරින් ලේ ඉවත් කරන ලද සතෙකුගේ කඳක පවා ලේ ස්වල්ප ප්‍රමාණයක් ඉතිරි ව තිබෙනු ඇත. එහෙත් මස් මිලදී ගන්නා යුදෙව්වෙක්, සතා මරනු ලැබූ අවස්ථාවේ සිට ලේ ගලා යාමට සැලැස්වූ අවස්ථාව දක්වා මිනිත්තු කීයක් ගතවුණා ද, ලේ ගලා යාමට සැලැස්වීම සඳහා කපනු ලැබුවේ කොයි ශිරාව හෝ ධමනිය ද තව ද සතා ව එල්ලා තැබුවේ කෙසේ ද, කොතරම් වේලාවකට ද වැනි තොරතුරු සොයමින් අන්තයට යාමට අවශ්‍ය වූ බවක් බයිබලය තුළ කිසි අයුරකින් යෝජනා කෙරෙන්නේ නැත. එපමණක් ද නොව, ක්‍රිස්තියානින් කුමන මසක් හෝ කෑමට පෙර අන්තයට ගොස් තොරතුරු සෙවීමට අවශ්‍ය නොවූවාක් මෙන්, මේ සම්බන්ධයෙන් අති විශේෂ සුපරික්ෂාකාරී පියවරවල් ගැනීමට තිබූ බවක් පාලක මණ්ඩලය ඔවුන්ට ලියුවේ නැත.

අද දින, බොහෝ රටවල, නීතිය, සිරිත හෝ ආගමික පුරුද්ද වන්නේ, එම මාංස නිෂ්පාදන (ලේ සහිත ලිංගුස් වැනි අසාමාන්‍ය දේවල් හැර) මරනු ලබන විට ලේ ගලා යාමට සැලැස්වූ සතුන්ගෙන් විය යුතු බව ය. මෙසේ, එම ප්‍රදේශවල සිටින ක්‍රිස්තියානින් සතුන් මැරීම හෝ මස් පිළියෙළ කිරීම ගැන ඕනෑවට වඩා සැලකිලිමත්වීම අවශ්‍ය නැත. පුළුල් අර්ථයකින්, ඔවුන්ට හුදෙක් ‘විමසීමක් නොකර, විකිණීමට තිබෙන මස් කෑමට හැකි’ අතර, තමන් ලේවලින් වැළකී සිටින බවට පිරිසිදු හෘදය සාක්ෂියක් ඇති ව සිටිය හැක.

එසේ නමුත්, සමහරක් ක්‍රිස්තියානින් ව බාධාවට පත් කළා වූ වාණිජමය රුධිර භාවිතය පිළිබඳ ව මීට අදාළ අංශවලින් වාර්තා ඉඳ හිට ලැබී ඇත. මරනු ලබන සතුන්ගේ ලේ විශාල ප්‍රමාණයක්, පොහොර හෝ සත්ත්ව ආහාර වැනි ප්‍රායෝගික ප්‍රයෝජන හා ලාභ සඳහා එකතු කරනු ලැබිය හැකි බව මාංස නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන ඇතැම් ව්‍යාපාරිකයෝ තර්ක කරති. එවැනි ලේ (හෝ ලේ අඩංගු නිෂ්පාදන) මස් සකස් කිරීමේ දී භාවිතා කළ හැකි දැයි පර්යේෂකයන් අධ්‍යයනය කර තිබේ. වාණිජමය ආයතන කිහිපයක්, ලේ සහිත ලිංගුස් වැනි මස් නිෂ්පාදනවල හෝ ඒවායේ මිශ්‍රණයකින් සාදාගත් තවරණයක් කුඩා ප්‍රතිශතයක් සඳහා ආදේශ කළ හැකි දියර, සීත කළ හෝ කුඩු කළ ප්ලාස්මා (හෙවත් විරංජනය කරන ලද රතු රුධිරානු සෛල) සීමිත ප්‍රමාණයකින් නිෂ්පාදනය කොට පවා තිබේ. කුඩු කළ රුධිර ව්‍යුත්පන්න [රුධිරයෙන් ලබා ගත හැකි අතුරු නිෂ්පාදන], යමක් සම්පූර්ණ කරවන්නෙකු හෝ අඹරන ලද මස්වල, ජලය හා මේද සිර කර තබන දෙයක් ලෙස හෝ ආහාර පිළිස්සීම සඳහා යොදවන ද්‍රව්‍ය සඳහා හෝ ප්‍රෝටීන් හා යකඩ එකතු කිරීම සඳහා වෙනත් ආහාර හා බීමවලට යොදා ගැනීම සම්බන්ධ ව වෙනත් අධ්‍යයනයන්ගේ අවධානය යොමු වී තිබේ.

කෙසේ වුවද, එවන් පර්යේෂණයන් දශක ගණනාවක් පුරා කරමින් තිබෙන බව සටහන් කිරීම වටී. එහෙත්, බොහෝ රටවල එවන් නිෂ්පාදනවල භාවිතා ඉතා සීමිත හෝ ඇතැම් විට පවතින්නේ නැති බව පවා පෙනී යයි. සමහරක් පොදුවේ දැකගත හැකි වාර්තාවන් ඊට හේතුව පෙන්වීමට උපකාරවත් වෙයි:

“රුධිරය වනාහි පෝෂ්‍යජනක හා ක්‍රියාකාරී ප්‍රෝටීන්වල ප්‍රභවයකි. කෙසේ වෙතත්, හරක් මස්වල ඇති තද පැහැය හා ඊට ආවේණික ලාක්ෂණික රසය නිසා, ඒවායේ ලේ මිනිස් පරිභෝජනය සඳහා යොදා ගෙන ඇත්තේ සීමිත ප්‍රමාණයකට පමණි.”—ජර්නල් ඔෆ් ෆුඩ් සයන්ස්, වෙළුම 55, අංක 2, 1990.

“ඉහළ ද්‍රව්‍යතාවය, තෛලෝදකරණ ශක්තිය, ජලය නොරැඳීමේ ශක්තිය වැනි ප්‍රයෝජනවත්, සංඝටක රුධිර ප්ලාස්මා ප්‍රෝටීනවල තිබේ. . . . තව ද ඒවා ආහාර සකස් කිරීමේ කටයුතුවල දී භාවිතා කිරීම මහත් ප්‍රයෝජන ලබා දෙයි. කෙසේ වුවද, විශේෂයෙන් විජලනය වී පසු ව, ප්ලාස්මාවන් පිරිසිදු කිරීමේ ක්‍රමයක් ජපානයේ පිහිටුවනු ලැබ නැත.”—ජර්නල් ඔෆ් ෆුඩ් සයන්ස්, 56 වෙළුම, අංක 1, 1991.

බොහෝ ආණ්ඩු මගින්, අසුරන ලද ආහාරවල අඩංගු දේ එහි ලේබලයේ තිබිය යුතු යයි නීතියෙන් ඉල්ලා සිටින හෙයින්, ඇතැම් ක්‍රිස්තියානින් ඉඳ හිට එවැනි අසුරන ලද ආහාරවල ලේබල පරීක්ෂා කොට තිබේ. ලේ අඩංගු වී ඇති බවට විශ්වාස කිරීමට යම් හේතුවක් ඔවුන්ට තිබෙන, ඕනෑ ම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් නිති පතා එසේ කිරීමට ඔවුන් තෝරා ගන්නවා විය හැක. ඇත්තෙන් ම, රුධිරය, රුධිර ප්ලාස්මාව, ප්ලාස්මා, ග්ලොබින් (හෝ ග්ලොබ්‍යුලින්) ප්‍රෝටීන්, හෝ හිමොග්ලෝබින් (හෙවත් ග්ලෝබින්) යකඩ වැනි දේවල් ලයිස්තු ගත කරන නිෂ්පාදනවලින් වැළකීම හරි දෙය වනු ඇත. මෙම ක්ෂේත්‍රයට අදාළ එක් යුරෝපීය සමාගමක අලෙවි කටයුතු පිළිබඳ තොරතුරුවල මෙය මෙසේ පිළිගෙන තිබුණි: “පාරිභෝගිකයා නිෂ්පාදනයේ තිබෙන දේවල් ගැන හෝ එහි වටිනාකම ගැන මුලා නොවන ආකාරයට, ආහාරයේ අඩංගු දෙයක් ලෙස ග්ලෝබින් යොදා ගන්නා විට, ආහාරයේ ඇති අසුරනයේ එම තොරතුරු සටහන් විය යුතුයි.”

කෙසේ වුවද, ලේබල් පරීක්ෂා කිරීමේ දී හෝ මස් මරන අයගෙන් ඒ ගැන විමසීමේ දී පවා, සාධාරණකම අවශ්‍ය ය. ලොව වටා සිටින සෑම ක්‍රිස්තියානියෙක් සියලු ම අසුරන ලද ආහාරවල ලේබල හා ඒවායේ අඩංගු දේවල් ගැන අධ්‍යයනය කළ යුතු හෝ ආපන ශාලාවල හෝ ආහාර විකුණන කඩවල සේවකයන්ගෙන් ප්‍රශ්න මාලාවක් ඇසිය යුතුවා හෝ නොවේ. ක්‍රිස්තියානියෙකුට තමාගෙන් ම මෙසේ ඇසිය හැක, ‘මේ ප්‍රදේශයේ හෝ රටේ, ලේ සහ එයින් නිපදවන දේවල් [ව්‍යුත්පන්න] සාමාන්‍ය ආහාර නිෂ්පාදනවල යොදා ගෙන ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා ද?’ බොහෝ තැන්වලට දිය හැකි පිළිතුර නම් නැත යන්නයි. මෙබැවින්, ඈත තිබෙන එවන් හැකියාවන් ගැන පරීක්ෂා කිරීමට පුද්ගලික වශයෙන් තම කාලය සහ අවධානය යොමු නොකිරීමට බොහෝ ක්‍රිස්තියානිහු නිගමනය කර සිටිති. මේ අයුරින් හැඟී නොයන පුද්ගලයෙක්, තමාගේ හෘදය සාක්ෂියට අනුව ක්‍රියා කළ යුතු අතර, අනෙක් අතට කාරණය වෙනත් විධියකට විසඳ ගන්නාමුත්, දෙවියන් වහන්සේ ඉදිරියේ හොඳ හෘදය සාක්ෂියක් පවත්වා ගන්නා අන්‍යයන් ව විනිශ්චය නොකළ යුතු ය.—රෝම 14:2-4, 12.

රුධිරය අඩංගු ආහාර නිෂ්පාදන නිපදවිය හැකි වුවත්, මිල, නීතිය, හා වෙනත් සාධක නිසා මෙය පුළුල් වශයෙන් නොකරනවා වන්නට පුළුවන. නිදසුනක් වශයෙන්, ෆූඩ් ප්‍රෝසෙසිං (සැප්තැම්බර් 1991) මෙසේ සටහන් කළේ ය: “සියයට 1කට වඩා අඩුවෙන් වූ ජල විච්ඡේදිත හරක් මස් ප්ලාස්මාව (නිම කළ මස් පස්තෑලවලට) දැමීම සම්බන්ධයෙන් යම් ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වේ නම් කිරිමෝරු ප්‍රෝටින් සාරය සමන්විත වෙනත් විකල්පයක් ආදේශ කළ හැකි අතර එය යුදෙව් නීතියෙන් පිළිගත හැකි ආහාරයක් බවට සහතික කළ හැකි ය.”

බොහෝ රටවල නීතිය, සිරිත හෝ රසය කෙසේ ද යත්, මරන ලද සතුන්ගේ ලේ සාමාන්‍යයෙන් ගලා යාමට සලස්වන බවත් එවැනි ලේ අනෙකුත් ආහාර නිෂ්පාදනවලට යොදා නොගන්නා බවත් මෙහි දී අවධාරණය කිරීම සුදුසු ය. තම ප්‍රදේශයේ තත්ත්වය මීට වඩා වෙනස් බවට හෝ මෑතක දී ප්‍රධාන වෙනසක් සිදු වී ඇති බවට සිතන්නට පදනමක් නොමැති නම්, නිකම් ම කට කථා මගින් කරදරයට පත්වීමට එරෙහි ව ක්‍රිස්තියානින් ආරක්ෂා විය යුතු ය. එසේ නමුත්, ආහාරවල වේවා නැත්නම් වෛද්‍ය ප්‍රතිකාරවල වේවා, ලේ යොදා ගෙන ඇති බවට සහතික නම්, හෝ එවන් යමක් පැහැදිලි ව දක්නට තිබේ නම්, ලේවලින් වැළකීමට දෙවියන් වහන්සේ දී තිබෙන ආඥාවට කීකරු වීමට අප අධිෂ්ඨාන කර ගත යුතුයි. w92 10/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න