පිබිදෙව්! ඉතාලියේ දී ත්‍යාගය දිනා ගැනීමට උපකාරී වෙයි
වර්ෂ 1990 දී, ඉතාලියේ දහ හැවිරිදි එක් පාසල් ශිෂ්‍යාවක්, “පොළොවට කථා කරන්නට හැකි නම්” යන මැයෙන් රචනාවක් ලීවා ය. එම තේමාව ගොඩ නැඟුණේ, පොළොව සහ පොළොව හඬන්නේ මන්දැයි අසා සිටි එක් දරුවෙකු අතර දෙබසක් විලසිනි. පාසල් දැරිය මෙසේ පැහැදිලි කරන්නී ය:
“පොළොව ප්‍රතිචාර දැක්වූයේ, හරිතාගාර ආචරණයක් නිපදවා තිබූ පටලයක් මගින් එය දූෂණය වූවා ය කියා ය. පොළොව මෙම දරුවාට දිගට ම කථා කරමින්, ඉතා ඉක්මනින් දේවල් වෙනස් වනු ඇති බවත්, එහි අනාගතය වඩාත් හොඳ වනු ඇති බවත්, තව ද මෙය කිසිසේත් මිනිසා තුළින් සිදු නොවන බවත් පැවසුවේ ය. පොළොවේ බලාපොරොත්තුව තිබුණේ, එය හිස්කමට නොව නමුත් වාසය පිණිස සෑදුවා වූ එහි මැවුම්කරුවාණන් වන සර්ව බලධාරී දෙවියන් වහන්සේ තුළ ය.—යෙසායා 45:18.”
පාසල් දැරිය තවදුරටත් මෙසේ පැවසුවා ය: “මා තොරතුරු ලබා ගත්තේ, 1989 ජූලි 22; 1989 සැප්තැම්බර් 8; 1989 සැප්තැම්බර් 22 එවේක්! [සිංහලෙන් පිබිදෙව්!] සඟරාවලිනි. මේ සඟරාවලට ස්තුතිවන්නට මගේ රචනය පළමු ත්‍යාගය දිනා ගත්තා. දෙවන තෑග්ග දිනා ගත්තේ, මගේ පංතියේ ළමයෙක්, ඔහුගේ මව මගේ මවගෙන් සඟරා ලබා ගන්නා කෙනෙක්. ඔහුත් තොරතුරු ලබා ගෙන තිබුණේ, එම එවේක්! සඟරාවලින්මයි.
“අප ව ඥානවන්ත කරන්නා වූ මෙම හොඳ, නිවැරදි, එමෙන් ම සරල තොරතුරු අපට දීම ගැන මම ඔබ හට ස්තුතිවන්ත වෙමි. මා දිනාගත් ත්‍යාගය ලීරා 1,00,000ක් [රුපියල් 4000ක් පමණ], තව සඟරා මුද්‍රණය කිරීමට යොදා ගැනීම සඳහා මම මේ මුදල් එවන්නෙමි.”
ඔබ සම්බන්ධ වී සිටින ආගම කුමක් වුවත්, ඔබත් පිබිදෙව්! සඟරාවේ සිත්ගන්නා සුලු ලිපිවලින් ප්‍රයෝජන ගනු ඇතැයි අපගේ හැඟීමයි.
මගේ නිවසට පිබිදෙව්! සඟරාව ගෙන්වා ගැනීමට මා කැමතියි.