ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w91 11/1 27 පි.
  • යාච්ඤාවේ අර්ථය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාච්ඤාවේ අර්ථය
  • 1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w91 11/1 27 පි.

යාච්ඤාවේ අර්ථය

“හෙබ්‍රෙව් භාෂාවෙන්, යාච්ඤාව යන වචනය සඳහා වූ මූලික වදන පැමිණෙන්නේ, ‘විනිශ්චය කිරීමට’ යන මූලයෙන් ය. තව ද සාමාන්‍ය ප්‍රත්‍යාවර්තිත ආකාරයෙන් ගත් කල, . . . එහි පදගතාර්ථ අරුත නම්, ‘තමා ව ම විනිශ්චය කිරීම’ යන්නයි.” එසේ නිරීක්ෂණය කරන්නේ දි ඕතරයිස්ඩ් ඩේලි ප්‍රෙයාර් බුක් නම් පොත ය. මෙහි නියම අර්ථ ඇඟවීම නම්, යාච්ඤාවෙන් ඉටු කෙරන එක් ක්‍රියාවක් නම්, එය දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිති හා අවශ්‍යතාවයන් තමා විසින් සපුරා තිබේ දැයි බැලීමට පුද්ගලයෙකු හට උපකාරවත් වීමයි.

යමෙකු දෙවියන් වහන්ගේ කැමැත්ත කරමින් නොසිටියහොත් ඔහුගේ යාච්ඤා දෙවියන් වහන්සේ විසින් අසනු නොලබන බව බයිබලය පුරා ම අප හට පවසා තිබෙන්නේ මේ හේතුව නිසා ය. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසන සේක.”—හිතෝපදේශ 15:29; 1 යොහන් 5:14.

යෙහෝවඃ දෙවියන් වහන්සේ ඉදිරියේ ආත්ම සෝදිසියක් කිරීම, සහතික ව ම යාච්ඤා කරන පුද්ගලයා ව යටහත් පහත් කොට තමා කළ වරදවල් ගැන බොහෝ සෙයින් පසුතැවීමට සැලැස්විය යුතු ය. යාච්ඤා කිරීම සඳහා දේව මාලිගාවට පැමිණියා වූ පුරසාරම් දෙඩූ ඵරිසිවරයා සහ පශ්චත්තාප වූ අයබදු එකතු කරන්නා පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාවට මෙයින් වඩාත් වැඩි බලයක් ලබා දෙයි.—ලූක් 18:​9-14.

මේ අයුරින්, අප ස්තුති කිරීමට, ප්‍රශංසා කිරීමට, හෝ යෙහෝවඃ වහන්සේට ආයාචනා කිරීමට අප උන් වහන්සේට යාච්ඤා කරන විට, එය ආත්ම සෝදිසියක් කිරීම සඳහා අප හට අවස්ථාවක් සලසා දෙයි. මේ මගින් යාච්ඤාව අප ව යෙහෝවඃ වහන්සේ වෙතට වඩාත් ළං කරවන අතර, උන් වහන්සේ සමඟ ඇති අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කරයි. w91 7/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න