ඔවුන් සිතූ තරම් එය ප්‍රමාද නොවී ය!
අවුරුද්ද, පො.යු. පෙර 609 විය. ස්ථානය, යෙරුසලම ය. කථා කරන්නා ප්‍රොපේත යෙරෙමියා විය. ඔහු තම ප්‍රේමනීය ශුද්ධ නගරය වන යෙරුසලම උදෙසා විනාශයක් ගැන පුරෝකථනය කළේ ය, ඒ විනාශය පැමිණෙන්නට යන්නේ, යුදෙව්වන් යෙහෝවඃ වහන්සේගෙන් ඉවතට හැරී, බොරු දෙවිවරු වන්දනාවේ තමන් ව ම ගිල්වාගෙන තිබූ නිසා ය. ඔවුහු උස් තැන්වල දුරාචාර ලිංගික නමස්කාරයේ නියැලී සිටි අතර, මිථ්‍යා දෙවියන්ට පාන පූජා ඔප්පු කොට, සූර්යයාට, චන්ද්‍රයාට හා තරුවලට නමස්කාර කොට, බාල්ට සුවඳ දුම් දවා, තම දරුවන් ව මොලෙක්ට පූජා කළෝ ය.—1 රාජාවලිය 14:23, 24; යෙරෙමියා 6:15; 7:31; 8:2; 32:29, 34, 35; එසකියෙල් 8:7-17.
ඔවුන්ගේ ඇස්වලට යෙරෙමියා ව පෙනුණේ, විපත්ති ගැන කෑ ගසා බෙරිහන් දෙන්නෙකු, උන්මත්තකයෙකු, හා සෑම දෙයකට ම හා සෑම කෙනෙකුට ම එරෙහි ව අමනාපයෙන් සිටි පුද්ගලයෙකු හැටියටයි. යෙරෙමියා අවුරුදු 38ක් මුළුල්ලේ ඔවුනට අනතුරු අඟවමින් සිටියේ ය; යෙරුසලමේ වැසියෝ අවුරුදු 38ක් මුළුල්ලේ යෙරෙමියාට සරදම් කරමින් සිටියෝ ය. මේ කාලය දක්වා ම ඔවුන් යෙහෝවඃ වහන්සේ ව සුළු කොට සලකමින් සිටි අතර, උන් වහන්සේ සැලකිල්ල දක්වනු ලැබිය යුතු බලවේගයක් නොවන බව ඔවුහු පැවසූහ. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] යහපතවත් නපුරවත් කරන්නේ නැත” සහ, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දේශය අත්හැරිය සේක, උන්වහන්සේ නොදක්නා සේක” යයි ඔවුහු පැවසූහ.—ශෙපනියා 1:12; එසකියෙල් 9:9.
ප්‍රොපේත යෙරෙමියා සහ එසකියෙල්, යෙරුසලමේ විනාශය ගැන දේශනා කරමින් සිටි නමුදු කිසිවක් සිදු වී තිබුණේ නැත. එමනිසා තමන්ගේ කාලයේ දී එවැනි දර්ශනයන් ඉටුවේ ය යන්න ඊශ්‍රායෙල්වරුන් සහමුලින් ම තම මනසින් ඉවත් කර ගත්තේ: “දවස් පසුවන්නේය, දර්ශන සියල්ල නැතිවන්නේය” යයි කියමිනි. නමුත් මෙයට යෙහෝවඃ වහන්සේගේ පිළිතුර වූයේ මෙයයි: “ඒ දවස්ද . . . ළංවී තිබේ . . . මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; [යෙහෝවඃ වහන්සේ ය; NW] මම කියන දේ කියන්නෙමි. එය තවත් පමා නොවී ඉෂ්ට වන්නේය. එසේය, එම්බා කැරලිකාර වංශය, මම නුඹලාගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමි”.—එසකියෙල් 12:22-25.
පොදු යුගයට පෙර 609 වසරේ දී, ස්වකීය වචනය ඉෂ්ට කිරීමට යෙහෝවඃ වහන්සේ හට කාලය පැමිණිනි. දශක හතරකට පමණ ආසන්න කාලයක් මුළුල්ලේ, යෙරෙමියා අනතුරු ඇඟවීම කළායින් පසු, බබිලෝනිය හමුදාවන් මගින් යෙරුසලම වටලන ලදි. මාස දහඅටකට පසුව, තාප්ප බිඳ දමා, දේව මාලිගාව ගිනි තබනු ලැබූ අතර, සෙනඟගෙන් බොහෝ දෙනෙකු ව බබිලෝනියාවේ වහල් භාවය සඳහා ගෙනයනු ලැබිණි. පුරෝකථනය කොට තිබුණාක් මෙන්, කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතයෙන් මෙම නගරය විනාශ විය.—2 රාජාවලිය 25:7-17; 2 ලේකම් 36:17-20; යෙරෙමියා 32:36; 52:12-20.
යෙරෙමියා හරි විය. වැරදුණේ, සෙනඟටයි. එය, ඔවුන් සිතූ තරම් ප්‍රමාද වුණේ නැත! දර්ශනය ඉටුවීමට තව අවුරුදු ගණනාවක් කල් ගත වෙන්නට තිබුණා නොවේ. එය සිදුවූයේ ඔවුන්ගේ දවස්වලයි.
මෙය හුදෙක් නිකම් ම ඉතිහාසයක් නොවේ. යෙරුසලමට සිදු වූ දේ අනාවැකිමය අර්ථයක් ගත්තේ ය. එය පැමිණෙන්නට යන යම් දෙයක ඡායාවකි. වත්මන් ක්‍රිස්තියානි ලෝකය ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ගෙන, දෙවියන් වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවයක සිටිනවා යයි කියා සිටී; එහෙත්, එහෙත් ඈ ගමන් කරන්නේ, පැරණි යෙරුසලමේ වැසියන්ගේ අඩිපාරේ ය. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි ලොකු, කුඩා සෑම එකක් ම, මිථ්‍යා දෘෂ්ටික මූලධර්ම උගන්වන අතර, ලිංගික දුරාචාරයෙන් අපවිත්‍ර වී සිට, දේශපාලන සැලසුම්වලට පක්ෂවාදිකම් පෙන්වමින්, ලෝකයේ යුද්ධවලට සහයෝගය දෙමින්, මැවුම්කාරයාණන් වශයෙන් දෙවියන් වහන්සේ ව පැත්තකට දමා පරිණාමවාදය වැළඳගෙන, පහසුකමේ අල්තාරය මත පූජා කෙරෙන මිලියන ගණන් නූපන් දරුවන් ගැන ගණනකට නොගන්නා අතර, බයිබලය මිථ්‍යාවක් හෝ ප්‍රබන්ධයක් යයි කියමින් සාමාන්‍යයෙන් මිනිස් දර්ශනවාදී අදහස් ආදේශ කර ගනී.
යෙරුසලමේ ජනයා යෙරෙමියා හට ගරහමින් සමච්චල් කළාක් මෙන්, අද දින ක්‍රිස්තියානි ලෝකය ද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හට ගරහමින් සමච්චල් කරති. අර්මගෙදොන්හි දී පැමිණෙන්ට යන විනාශය ගැන සාක්ෂිකරුවන් කරන අනතුරු ඇඟවීම, නොවටිනා දෙයක් ලෙස ඉවත දමනු ලැබ තිබේ. ‘දෙවියන් වහන්සේ පොළොව ගැන උනන්දුවක් දක්වන්නේ නැත’ යයි ක්‍රිස්තියානි ලෝකය කියා සිටී. ‘උන් වහන්සේ ස්වර්ගය පාලනය කළාදෙන්; අපි පොළොව පාලනය කරමු. අර්මගෙදොන් පැමිණෙයි නම්, එය අපගේ පරම්පරාව තුළ පැමිණෙන්නේ නැත. ඔය කථාන්තරය අපි මීට පෙරත් අසා තිබෙනවා. අපි එයට හසුවන්න යන්නේ නැහැ!’
මෙය ඉතිහාසයේ තවත් වරකට වෙන්නට යන සිදුවීමක් ද? මෙය තමන් සිතූ තරම් ප්‍රමාද වුණේ නැතැයි දැනගන්නට යන්නා වූ තවත් කාලයක් වනු ඇත්ද? w91 4/1