දෙවියන් වහන්සේ වෙත සංකීර්ණ එළැඹීමක්
“මාර්ගයද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය” යනුවෙන් යේසුස් වහන්සේ වදාළ සේක. තව දුරටත් උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක.”—යොහන් 14:6; 16:23, නව අනුවාදය.
කෙසේ වෙතත්, ක්‍රිස්තියානි ලෝකයේ ආගම්, විශේෂයෙන් ම කතෝලික පල්ලිය, එහි ඇති නිරාගින්න, ශුද්ධගිනිස්ථානය හා ත්‍රිත්ව මූල ධර්ම, සමඟින් මෙම “මාර්ගය” අවුල් කර තිබේ. යේසුස් වහන්සේ ව විස්තර කරනු ලැබුවේ, පව්කාර මිනිසා සඳහා කැමැත්තෙන් ම ඉදිරිපත් වෙන මැදිහත්කාරයෙකු වශයෙන් නොව, නමුත් අත්වලින් වඩා ගෙන සිටින බිළිඳෙකු වශයෙන් නැත්නම්, පව්කාරයන් ව ගලවා ගන්නවා වෙනුවට, ඔවුන් ව හෙලා දැකීමට හා දඬුවම් කිරීමට වඩාත් නැඹුරු වූ විනිශ්චයකාරයෙකු හැටියට ය. එසේ නම්, පව්කාරයෙකුට දෙවියන් වහන්සේ වෙතට එළැඹිය හැක්කේ කෙසේ ද?
ද ග්ලෝරීස් ඔෆ් මේරී (1750) නම් පොත මේ ගැන විස්තර කරයි. යේසුස් වහන්සේ ව යුක්තියේ දැවෙන සුලු සූර්යයාට සන්සන්දනය කළ 13 වෙනි සියවසේ ඉනසන්ට් පාප්, මෙසේ ප්‍රකාශ කළේ ය: “පාපය නැමැති රාත්‍රියේ සිටින ඕනෑ ම අයෙක් තමාගේ ඇස් චන්ද්‍රයා වෙතට යොමු කොට මරියාගෙන් ඇයද සිටියාවේ.” යේසුස් වහන්සේගේ මව වූ මරියා තුළින් තවත් මැදිහත් කාරයෙකු ව හඳුන්වා දුණි. ඇති වේ යයි සිතා සිටින ඇගේ මව් බලපෑම තුළින්, යේසුස් වහන්සේගෙන් සහ දෙවියන් වහන්සේගෙන් උපකාරයක් ඉල්ලා සිටිය හැක. පසළොස්වෙනි සියවසේ දේවගැතිවරයෙකු වූ ලෝරන්ස් ජස්ටිනියන්ගේ වචනවලින් ම පවසතොත්, මරියා “පාරාදීසයට නගින ඉනිමගක්, ස්වර්ගයේ දොරටුව, දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර උතුම් මැදහත්කාරිණිය” බවට පත් වූවා ය.
ඈට දෙන ලද සියලු ප්‍රශංසා සමඟ, කල් ගත වෙද්දී, ඈ තවදුරටත් “කන්‍ය මරියාව” ලෙස සලකනු නොලැබූ අතර, ඈ “ශුද්ධ රැජින, දයාවන්ත මෑණියෝ” බවට පත් වූයේ, ඈ එතරම් නිර්මල හා උතුම් වූ බවට ඈ ව සලකනු ලැබූ නිසාවෙනි. මේ හේතුවෙන් ඍජු ව එළැඹීමට තරම් ඈ කෙරෙහි ද බියක් ඇති විය. දැන් තවත් මැදිහත්කාරයෙකු ව සොයා ගත හැකි ද? ඇගේ මව් ගැන කුමක් කිව හැකි ද?
මේ විෂය ගැන බයිබලය කිසිවක් නොපවසන හෙයින්, පිළිතුර සොයා ගත්තේ වෙනත් තැනකිනි. යාකොබ්ගේ පූර්ව එවැන්ජලිස්ත [Protevangelium of James] ද්විතීය සම්මත පොතෙහි [ක්‍රිස්තියානි ශුද්ධ ලියවිල්ලට අයත් නොවන], විවාහයට බොහෝ වසර ගණනකට පසු දරුවන් නොසිටි ජුවකීනුගේ භාර්යාව වන ඈන් (හෙවත් ආනා) ගැන පවසයි. අවසානයේ දී දේව දූතයෙකු ඈ හට දර්ශනය වී, ඈ දරුවෙකු ප්‍රසූත කරන බව පැවසී ය. නියමිත කාලයේ දී, ඈ “කන්‍ය මරියාගේ” මව වූවා යයි කියවේ.
මේ අයුරින් “සාන්ත” ආනාගේ නිකායක් බිහි විණි. ඈට ගෞරව කිරීම පිණිස පල්ලි සහ ප්‍රතිමා සාදනු ලැබිණි. “සාන්ත” ආනාට ගෞරව කීරීම 14 වෙනි සියවසේ දී යුරෝපයේ දසත පැතිර ගියේ ය.
“ආගම මොනතරම් සංකීර්ණ වී තිබෙනවා ද!” යයි නිරීක්ෂණය කරන ද ස්ටෝරි ඔෆ් ද රෙෆමේෂන් නම් පොත මෙසේ කියයි: “මිනිසුන් ආනාට යාච්ඤා කළේ ඈ මරියා කෙරෙහි මැදිහත් වෙන බවත්, මරියා ඇගේ පුත්‍රයා කෙරෙහි මැදිහත් වෙන බවත්, උන් වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙහි මැදිහත් වෙන බවත් සිතා ගෙන ය. එය උන්මාදයක් වූ නමුත්, එය මිනිස් ආත්ම පෝෂණය වූ මිත්‍යාදෘෂ්ටියේ එක්තරා ආකාරයක් වූයේ ය.” එසේ නම් මෙය ද යේසුස් වහන්සේගේ වදන් කදිමට ගැළපෙන තවත් දෙයකි: “මෙසේ කීමෙන් ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහුය.”—මාර්ක් 7:13, නව අනුවාදය. w91 2/15
[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Metropolitan Museum of Art, Bequest of Benjamin Altman, 1913. (14.40.633)