මෙම පොත ඔවුන්ගේ ජීවිත වෙනස් කළේ ය
වසර කිහිපයකට පෙර, එක් ස්ත්රියක් තම ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වූවා ය. අවසානයේ දී ඇගේ පුත් ස්ටීව්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෙකු බවට පත් විය. තමාගේ ඇදහිලි සම්බන්ධ ව තම මවට කථා කිරීමට ස්ටීව් උත්සාහ කළ ද ඉන් පලක් නොවී ය. පිළිකා රෝගයෙන් මිය යමින් සිටි සිය පියා බැලීමට ද ස්ටීව් ගියේ ය.
බොහෝ කථා කරනවා වෙනුවට, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නැමැති පොත ඔහුගේ ඇඳ අසල තැබූ ස්ටීව්, එය කියවීම ඔහුට උපකාරවත් වනු ඇතැයි පැවසී ය. ඔහුගේ පියා මෙම පොත කියවූ අතර, 1988 ජනවාරි මාසයේ දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්ගේ රැස්වීම්වලට ඔහුගේ උත්සාහයෙන් ම සහභාගි වීමට පටන් ගත්තේ ය.
මේ අතරතුර, කලින් සිටි තම සැමියා පවුලේ හමුවීම්වල දී විදහා පෑ නව පුද්ගලිකත්වය නිරීක්ෂණය කිරීමට ස්ටීව්ගේ මවට අවස්ථාව ලැබිණි. මෙය ඇය කෙරෙහි කොතරම් බලපෑමක් ඇති කළා ද කිවහොත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වන්නට ඇය එකඟ වූවා ය. ඈ විධිමත් ලෙස රැස්වීම්වලට සහභාගි වෙන්නට පටන් ගත් අතර, වැඩිකල් යන්නට පෙර, ඈ ඇගේ කලින් සිටි සැමියා සමඟ එකට වාඩි වී සිටියා ය. අවසානයේ දී ඔවුහු නැවත විවාහ වූහ.
ස්ටීව්ගේ පියා මිය ගියේ 1988 සැප්තැම්බර් මාසයේ දී වුවද, ඒ ඔහු දේව සේවයේ සහභාගිවීමට පෙර නොවේ. තම පියා අසනීපයෙන් පෙළුණු අවසාන මාසවල දී ඔහු ව රැකබලා ගත් ස්ටීව්ගේ මව, 1988 ජුනි මාසයේ දී බව්තීස්ම වූ අතර, ඈ දැන් ජ්වලිතමත් සාක්ෂිකාරියකි.
පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත ජීවිතයේ ගැටලුවලට බයිබලයේ පිළිතුරු හුවා දැක්වීම මගින් බලාපොරොත්තුවක් ලබා දෙයි. එය බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කිරීමෙහි ලා උපකරණයක් වී තිබේ. පහත සඳහන් කූපනය පුරවා එවීමෙන් වැඩිදුර විස්තර ලබාගන්න.