දුප්පත් අයට අවංක ව ජීවත්විය හැකි ද?
අමෙලියාගේ ආච්චි ඇය ව වෛද්‍යවරයා වෙත ගෙන ආ විට ඇගේ වයස දවස් 29ක් පමණ විය. අමෙලියාගේ මව අසනීප ව තම අනෙක් දරුවන් හතර දෙනා සමඟ නිවසේ රැඳී සිටින්නට සිදු වූ හෙයින්, ඇයට එම ගමන යන්නට නොහැකි විණ. පියා රැකියාවක් සොයමින් වෙනත් කොහේදෝ ගොස් සිටියේ ය. වෛද්‍යවරයා ළදරුවා පරික්ෂා කළේ ය. බටහිර අප්‍රිකාවේ අසාමාන්‍ය දෙයක් නොවූ මන්දපෝෂණයේ ලක්ෂණ දක්නට ලැබිණ. නමුත් ප්‍රධාන ගැටලුව වූයේ සෛල ප්‍රදාහයයි. අමෙලියාගේ කුඩා ළය මහත් ආසාදනයකට ලක් වී තිබිණ. වෛද්‍යවරයා නියම කරන ලද බෙහෙත් වට්ටෝරුව ආච්චි හට දෙනවාත් සමඟ ම ඈ ඇසුවේ; “මේ බෙහෙත්වල මිල කීයක් විතර වෙයි ද?” “ඩොලර් හතරක් හෝ පහක් විතර,” ඔහු පිළිතුරු දුන්නේ ය. ආච්ච් කෙඳිරි ගෑවා ය. වෛද්‍ය ගාස්තු ගෙවන්නට අවශ්‍ය වූ ඩොලර් දෙකවත් ඈට තිබුණේ නැත. “මේ වගේ මුදලක් ලෝකෙ කොහෙන් සොයන්න ද!” ඈ මවිතයෙන් සුසුම් ලෑවා ය.
“ඔබට එය කොහෙන් හරි සොයාගන්න වෙයි,” වෛද්‍යවරයා අවධාරණාත්මක ව කියා සිටියේ ය. ඔබේ මිතුරන් හා ඥාතීන්ගෙන් අයදින්න. ඔබ මේ ආසාදනයට ප්‍රතිකාර නොකළහොත් එය ලේ ගමන් මාර්ගයට ඇතුල් වේවි, එතකොට දරුවා මිය යන්න පුළුවන්”.
අමෙලියාගේ පවුලේ උදවිය කෙසේ හෝ මුදල් සොයා ගත් අතර, ළදරුවා ඇගේ දෙවෙනි මාසයට පියමං කළා ය. කෙසේ වුවද, ලොව වටා දියුණු වෙමින් පවතින රටවල මිලියන සංඛ්‍යාත ජනකායකට තම මිතුරන්ගෙන් හා නෑයන්ගෙන් මුදල් ණයට ගත නොහැක. එමෙන් ම ආර්ථිකමය දියුණුවක අපේක්ෂාවන් බොඳ වී තිබේ.
යුනිසෙෆ් ආයතනය (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) මගින් ප්‍රකාශිත ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්ස් චිල්රන් රිපෝට් 1989 මෙසේ ප්‍රකාශ කරයි: “දශක කිහිපයක ශක්තිමත් ආර්ථිකමය දියුණුවකින් පසු ව ලොවේ විශාල පෙදෙස් දිළිඳුකම කරා ආපසු ලිස්සාගෙන එයි.” අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ ආදායමේ සාමාන්‍යය 1980 ගණන්වල දී සියයට 25 සිට 10 දක්වා පහත බැසිණ. එමෙන් ම, පසුගිය වසර කිහිපය ඇතුළත දී, ලෝකයේ දිළිඳු ම ජාතින් 37 තුළ, සෞඛ්‍යය සඳහා කරන ලද වියදම් සියයට 50කින් පහත වැටිණ.
දිළිඳුකමින් ජීවත්වෙන මිලියන සංඛ්‍යාත ජනයාට මින් අදහස් කරන්නේ කුමක් ද? බොහෝ දෙනෙකුට තමන්ට අවශ්‍ය කරන ආහාර හෝ ඖෂධ මිල දී ගත නොහැකි බව ඉන් අදහස් කරයි. එමනිසා, තමන්ට විවෘත යැයි පෙනෙන්නට තිබෙන එක ම මාර්ගය වන සොරකම් කිරීමෙන් මුදල් සොයා නොගතහොත් තම දරුවන්, විවාහක කාලාත්තරයන්, හෝ දෙමාපියන් අනවශ්‍ය මරණයකට ගොදුරු වේවි යන බියක් ඔවුන් තුළ පවති. එසේ ය, දිළිඳුකම මහත් වේදනාකාරී සදාචාරමය උභතෝකෝටික ප්‍රශ්න සමඟ පොරබැදීමකට ලක් කරවයි: සොරකම් කිරීම ද මරණය ද? බොරුකීම ද හාමතේ සිටීම ද? අල්ලස් ගැනීම ද නැතහොත් කිසිවක් ලබා නොගැනීම ද?
බටහිර අප්‍රිකාවේ මෙවැනි කියමනක් තිබේ: “ඔබ එළදෙන ව ගැටගසන්නේ කොතැන ද, ඈ තණකොළ කන්නේ එතැනැයි.” වෙනත් වචනවලින් පවසතොත්, තමන්ට වාසියක් ලැබෙන ඕනෑ ම අවස්ථාවකින් මිනිස්සු ප්‍රයෝජන ගනිති. බොහෝ විට සිදුවන දෙයක් නම්, ලොව වටා රටවල අධිකාරිත්වමය තනතුරු දරන අය, අල්ලස් ගැනීමට, මුදල් වංචා කිරීමට හෝ සොරකම් කිරීමට තම තනතුර පාවිච්චි කරති. ‘ඔබට පුළුවන් වෙලාවේ පුළුවන් තරම් කරගන්න.’ ඒ ඔවුන්ගේ විමර්ශනය ය. ‘මෙවැනි අවස්ථාවක් නැවත ඔබට නොලැබෙන්නට පුළුවන්.’ දියුණු වෙමින් පවතින ජාතීන්ගේ ආර්ථික තත්ත්වය තවත් දරුණු වන විට, පත් ව ඇති අසරණ තත්ත්වය, අවංකකම, දිළිඳු අය සඳහා හොඳ ම ප්‍රතිපත්තියක් නොවේ ය යන අදහස අනුක්රමයෙන් අනුමත වී යන්නට පුළුවන.
“සොරකම් නොකරව” යයි බයිබලය පවසයි. (නික්මයාම 20:15) නමුත් දුප්පතාට ඇත්තට ම අවංක ව ජීවත් වන්නට නොහැකි බව හැඟේ නම්, බයිබල් සදාචාරයන්හි වලංගුභාවය ප්‍රශ්න කළ යුතු ද? ජනයාගේ සැබෑ අවශ්‍යතාවයන් කෙරෙහි අසංවේදී වන තරමට දේව නීනි ප්‍රායෝගික නොවන්නේ ද? දියුණුවෙමින් පවතින රටවල සිටින දහස් ගණනක් සත්‍ය ක්‍රිස්තියානින්ගේ අත්දැකීම, මෙම ප්‍රශ්නවලට විස්මිත පිළිතුරක් දෙයි. w90 11/15
සංවර්ධනය වන රටවල බොහෝ මහන්සි වී වැඩ කරන්නේ දිළිඳු අයයි
“ඔබ එළදෙන ව ගැටගසන්නේ කොතැන ද, ඈ තණකොළ කන්නේ එතැනැයි.”