ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w91 7/1 12 පි.
  • අලුත් ලොවක් අත ළඟ ය!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් ලොවක් අත ළඟ ය!
  • 1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • එළිදරව් 21:4 - ‘උන්වහන්සේ සියලු කදුළු පිසදමනසේක’
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • යුද්ධයෙන් තොර ලොවක් නුදුරෙහි
    1996 පිබිදෙව්!
  • අන්තිම දවස් ඉන් අනතුරුව සිදු වන්නේ කුමක්ද?
    2008 පිබිදෙව්!
  • “බලව! මම සියල්ලම අලුත් කරමි”
    “බලව! මම සියල්ලම අලුත් කරමි”
තව තොරතුරු
1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w91 7/1 12 පි.

අලුත් ලොවක් අත ළඟ ය!

ලෝකයේ අසනීප සුවකිරීම සඳහා යෝජනා බහුල ව තිබේ. සාමාන්‍යයෙන්, ඊට සැලකිල්ල හා සහයෝගිතාව අවශ්‍ය කෙරේ, එමෙන් ම ලොව වටා සිටින ජාතීන් විසින් අතිවිශාල සමායෝජනය කිරීමේ උත්සාහයක් අවශ්‍ය කෙරේ. තත්ත්වය වඩාත් නරක් වෙද්දී, අන්‍යෝන්‍ය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ජාතීන්ට තමන්ගේ ප්‍රමුඛතාවයන් නැවත සලකා බැලීමට හා අලුත් සහ කල්පවතින ලෝකයක් ගොඩනැගීම සඳහා එකට වැඩකිරීමට ඔවුන් ව බලකරනු ඇති බවට හැඟීම් පවති. පරිසර තර්ජනයන් සඳහා සම්පත් පාවිච්චි කිරීමට පක්ෂ ව හමුදා අය-වැය බොහෝ සෙයින් අඩුකිරීමට බලාපොරොත්තුවක් තිබෙන අතර, ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1990 සඳහන් කළ පරිදි, තමන්ගේ ම ආරක්ෂක ආයතනයන් පවත්වාගෙන යනවා වෙනුවට, බොහෝ සෙයින් පුළුල් කරන ලද හා ශක්තිමත් කරන ලද එක්සත් ජාතීන්ගේ සාමය රකින හමුදාවක් කෙරෙහි රඳා පැවතීමට ආණ්ඩුවලට හැක, ආක්‍රමණය කරන්නෙකුට එරෙහි ව ඕනෑ ම සාමාජික රටක් ආරක්ෂා කිරීමට බලය හා අධිකාරිය එයට තිබෙනු ඇත.

නමුත් අපගේ 9-11 වන පිටුවල සඳහන් කළා වූ ආශා කරන ලද තත්ත්වයන් ගෙන ඒමේ දී එබඳු සැලසුම්වල බොහෝ අඩුපාඩුකම් තිබේ. මිනිස් පව්කාරකම හා ගිජුකම සුවකිරීමට හුදු මනුෂ්‍ය උපක්‍රමවලට කිසිසේත් නොහැක; අගතිය සහ මානව වංශක ආරාවුල් ඒවා ඉවත් කරන්නේ නැත; සියලු මනුෂ්‍යවර්ගයා අතරෙහි පරාර්ථකාමී ප්‍රේමය එය උපදවන්නේ නැත; අසනීපයට හා මරණයට අවසානයක් සහතික කිරීමට ඒවාට නුපුළුවන. අපරාධය සාර්ථක ව මැඩපවත්වා නැත, ආගමික වෙනස්කම් හා වෛරයන් ජය ගැනීම ගැන කිසිදු සඳහනක් නැත. ස්වාභාවික විපත්ති ඉවත් කිරීම ගැන සලකා බැලීමටවත් නොහැක. ගැටලු ඇති කිරීමට හැකියාව ඇති, ජාති ආලය පැවතීමට ඉඩ දී තිබේ. එසේ නම්, කණගාටුදායක ලෙස, අප ගත යුතු නිගමනය නම්, ක්‍රියාත්මක කළ හැකි පිළියමක් ඉදිරිපත් කිරීමට මනුෂ්‍යයන් අසාර්ථක වී ඇති බවයි.

එහෙත්, පිළියමක් තිබේ! සැබවින් ම, මනුෂ්‍යවර්ගයා විසින් ආශා කරන මේ සියලු දෙයක් ම පොරොන්දු කර තිබේ, තව ද පොරොන්දුව පැමිණෙන්නේ “බොරු නොකියන දෙවියන්වහන්සේ” ගෙන් ය. (තීතස් 1:2) නියත වශයෙන් ම කළ යුතු දෙය උන් වහන්සේ දැන සිටින අතර, තමන් වහන්සේ අරමුණු කර තිබෙන දෙය ඉටුකිරීමට උන් වහන්සේට ප්‍රඥාව, බලය, හා හැකියාව ඇත.—එළිදරව් 7:12; 19:1.

දෙවියන් වහන්සේ මෙසේ පොරොන්දු කරන සේක: “මඳ කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:​10, 11.

මෙය ඉටු කරනු ඇත්තේ කෙසේ ද? යෙසායා 11:9 මෙසේ පිළිතුරු දෙයි: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරුකිරීමක්වත් විනාශකිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” එසේ ය, සියලු මනුෂ්‍යවර්ගයාට ‘යොහෝවඃ වහන්සේගේ දැනගැන්ම’ තුළ උගන්වනු ලබන අතර, ඊට අනුකූලතාවය දැක්වීම ප්‍රතික්ෂේප කරන ඕනෑ ම කෙනෙකුට නැවතී සිට අන්‍යයන්ගේ සාමයට බාධා කිරීමට ඉඩ දෙනු නොලැබේ. අපගේ අලංකාර පෘථිවිය තවදුරටත් විනාශ නොවනු ඇත.

“ස්වාමීන්ගේ [යෙහෝවාගේ NW] ක්‍රියාවන්, . . . බලව්. උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක” යයි ගීතාවලිය 46:​8, 9 පොරොන්දු කරයි. (මීකා 4:​3, 4ත් බලන්න) ලෝක ව්‍යාප්ත සාමය ඇතිකිරීමෙහි වැදගත් සාධකයක් වන්නේ දේශානුරාගී වෙනස්කම් නැතිකර දැමීම ය. සහයෝගිතාව සහතික ය, මක්නිසා ද පවතිනු ඇත්තේ එක ආණ්ඩුවක් පමණකි—දෙවියන් වහන්සේගේ එක ය. තව ද උන් වහන්සේගේ ආණ්ඩුව වනාහි ‘කිසි කලක නැති නොවන්නා වූ රාජ්‍යයකි.’ (දානියෙල් 2:44) තවදුරටත් එහි රජ වනාහි නැවත නැගිටුවනු ලැබුවා වූ අරමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය, තව ද උන් වහන්සේගේ පාලනය යුක්තිය හා ධර්මිෂ්ඨකම කරණකොටගෙන සිදුකරනු ලබනවා ඇත.—යෙසායා 9:​6, 7; 32:1.

එහෙත් මිනිසාගේ සහජ අසම්පූර්ණකමෙන් මෙය නරක් වී, නොකඩවා පවතින වේදනාව, අසනීපය, දුක, සහ මරණයෙන් අවලක්ෂණ වනු ඇත්ද? නැත, මක්නිසා ද, මේවාත් අතීතයේ දේවල් වනු ඇත. එළිදරව් 21:4 අපට මෙසේ සහතික කරයි: “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” යේසුස් වහන්සේගේ පූජාවේ පදනම මත උරුම වූ පාපයට සමාව දෙනු ලබන අතර, මනුෂ්‍යවර්ගයා සම්පූර්ණභාවයට ගෙනෙනු ලබනවා ඇත. (රෝම 6:23; එපීස 1:7) තව ද ස්වභාවික බලවේගයන් වඩා හොඳින් පාලනය කර මනුෂ්‍ය වර්ගයාට හානි කිරීමෙන් ඒවා වළක්වාලීමට හැක්කේ ඒවායේ මැවුම්කරුවාණන්ට හැර වෙන කවරෙකුට ද?—ගීතාවලිය 148:​5-8; යෙසායා 30:30.

මිනිසාට බලාපොරොත්තු වීමට හා සිහින මැවීමට පමණක් හැකි වුවත්, දෙවියන් වහන්සේ ඒවා ඉටු කරන සේක. නමුත් කවදා ද? ජාතීන් ‘උදහස් වන්නා වූ’ හා “පොළොව විනාශ කරන්නාවූ” කාලයක වෙනස්කම් සිදුවීමට යන බව බයිබල් අනාවැකිය අඟවයි. (එළිදරව් 11:18) පරණ පිළිවෙළේ ‘අන්තිම දවස් අන්තරා සහිත කාලවලින්’ ලකුණු කෙරෙනු ඇත— දැන් අපට දැකීමට ඇති නරක් වෙමින් පවතින තත්ත්වයන් එහි ප්‍රතිඵලයකි. (2 තිමෝති 3:​1-5, 13) තව ද එබඳු දේවල් දකින පරම්පරාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවල ඉටුවීම දකින පරම්පරාව බව යේසුස් වහන්සේ පැවසූ සේක.—මතෙව් 24:​3-14, 32-34.

බයිබලයේ වාර්තා කර තිබෙන එම පොරොන්දු සෝදිසි කිරීමට කාලය  ගන්න.  මෙම  කාරණය මත, බුද්ධිමත්  මනුෂ්‍යයෝ  හා  දෙවියන්  වහන්සේ  එකඟ වෙති: අලුත් ලොවක් සඳහා කාලය දැන් ය! w90 10/1

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න