ඔයාගේ බයිබල් පාඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද?
මුලින්ම පාඩම ගැන තියෙන මේ හැඳින්වීම කියවලා වීඩියෝ එක බලන්න.
පළවෙනි කොටස
පාඩමකට ලෑස්ති වෙද්දී ඉස්සෙල්ලාම ඒකේ පළවෙනි කොටස කියවන්න. ප්‍රශ්න (1) සහ තද කලු අකුරෙන් තියෙන ප්‍රධාන කරුණු පෙන්නන බයිබල් පදත් (2) කියවන්න. සමහර බයිබල් පද “කියවන්න” කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා.
මැද කොටස
“තවත් හොයමු” කියන මාතෘකාව එක්කම තියෙන ඡේදයේ (3), ඒ කොටසේ තියෙන දේ කෙටියෙන් පැහැදිලි කරනවා. උපමාතෘකාවලින් (4) සාකච්ඡා කරන කරුණු හඳුන්වලා දෙනවා. ඔයාට පාඩම කියලා දෙන කෙනා එක්ක බයිබල් පද කියවන්න. අහලා තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. වීඩියෝ බලන්න.
වීඩියෝ කියලා දාලා තියෙන කොටු. සාකච්ඡා කරන තොරතුරුවලට අදාළ වීඩියෝ ඒ කොටුවලින් බලන්න පුළුවන්. සමහර වීඩියෝවල පෙන්නන්නේ ඇත්ත අද්දැකීම්. තවත් වීඩියෝවල තියෙන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතේ අද්දකින දේවල්. ඒවා රඟ දැක්වීම් විතරයි.
පින්තූර සහ ඒවාත් එක්ක තියෙන අදහස (5) බලන්න. “සමහරු මෙහෙම කියනවා” (6) කියන කොටසට උත්තර දෙන්නේ කොහොමද කියලා හිතන්න.
අන්තිම කොටස
“ඉගෙනගත්ත දේ” සහ “ඔයා හිතන්නේ මොකක්ද” (7) කියන කොටසෙන් පාඩම ඉවර වෙනවා. පාඩම ඉවර කරපු දවස ලකුණු කරන්න. “ඔයාට කරන්න දෙයක්” (8) කියන කොටසේ ඔයාට පුංචි ගෙදර වැඩක් දෙනවා. “තව දැනගන්න” (9) කියන කොටසේ ඔයාට කියවන්න සහ බලන්න තව තොරතුරු තියෙනවා.
බයිබල් පද හොයාගන්නේ කොහොමද?
බයිබලයේ පොඩි පොත් 66ක් තියෙනවා. ඒවා කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. මුල් කොටස (“පරණ ගිවිසුම”) ලියලා තිබුණේ හෙබ්‍රෙව් සහ ඇරමයික භාෂාවලින්. දෙවෙනි කොටස (“අලුත් ගිවිසුම”) ලියලා තිබුණේ ග්‍රීක භාෂාවෙන්.
මේ ප්රකාශනයේ බයිබල් පද සඳහන් කරලා තියෙන්නේ මෙහෙමයි. මුලින්ම පොතේ නම (1), ඊටපස්සේ පරිච්ඡේදය (2), අන්තිමට ඡේදය හෝ ඡේද (3).
උදාහරණෙකට යොහන් 17:3 කියද්දී ඒකෙන් අදහස් කරන්නේ යොහන් පොතේ 17වෙනි පරිච්ඡේදයේ 3වෙනි ඡේදය.