ගීතිකා අංක 4
“යෙහෝවා දෙවි මාගේ එඬේරාය”
1. යෙ-හෝ-වා දෙව් මා එ-ඬේ-රායි
ඔ-හු පෙන්-නයි මාර්-ග-ය
ම-ගේ සි-තේ ඇ-ති ආ-ශා-වන්
හො-ඳින් ඔ-හු දන්-නේ-ය
ස-රු ත-ණ-බිම්-ව-ල-ට
ඔ-හු ගෙ-න යන්-නේ-ය
ඔ-හු මා ආ-ද-රෙන් බ-ලා-ග-නියි
ස-න-සයි ම-ගේ සි-ත
ඔ-හු මා රැ-ක-බ-ලා ග-නියි
ස-න-සයි ම-ගේ සි-ත
2. ධර්-මිෂ්-ඨ මා-වත් ඔ-බ-ගේ
ගෙ-න දෙයි ප්‍ර-බෝ-ධ-යක්
සො-යා එන්-න මං-මු-ළා වු-ණොත්
ඔ-බේ නා-ම-ය නි-සා
අ-ඳු-රු වූ මි-ටි-යා-වත්
මැ-දින් වු-වත් යද්-දී මා
ජී-වි-තේ ගැ-න බි-යක් නෑ ම-ට
ඔ-බයි පි-යා-ණන් මා-ගේ
නෑ මා බි-ය කි-සි දේ-ක-ට
ඔ-බයි පි-යා-ණන් මා-ගේ
3. දෙව්-නි ඔ-බයි මා එ-ඬේ-රා
අ-ස-මි ඔ-බේ හ-ඬ
ඔ-බ ද-නියි ම-ට ඕ-නෑ දේ
ස-න-ස-ව-මින් සි-ත
ඔ-බ ස-දා-කා-ලි-ක වේ
පො-රොන්-දු ක-ඩ නො-වේ
සෙ-නෙ-හේ ඔ-බේ ප-තන්-නේ-ය මා
ජී-වි-තේ ඇ-ති තු-රා
ඔ-බේ සෙ-නෙ-හේ ප-ත-මි මා
ජී-වි-තේ ඇ-ති තු-රා
(ගීතා. 28:9; 80:1 බලන්න.)