ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 96 පාඩම 224 පි.-225 පි. 2 ¶
  • යේසුස් සාවුල්ව තෝරගනියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් සාවුල්ව තෝරගනියි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එයා ජීවිතේ වෙනස් කරගත්තා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • දමස්කයට යන ගමන්
    මගේ බයිබල් කතන්දර පොත
  • සභාවට “සාමකාමී කාලයක් උදා වුණා”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 96 පාඩම 224 පි.-225 පි. 2 ¶
සාවුල් තද එළියක් දකියි

96වෙනි පාඩම

යේසුස් සාවුල්ව තෝරගනියි

සාවුල් කියන්නේ ටාසස්වල ඉපදුණු රෝම පුරවැසියෙක්. එයා යුදෙව් නීතිය ගැන හොඳ දැනුමක් තිබුණු පරිසිවරයෙක්. ක්‍රිස්තියානීන් එක්ක කේන්තියෙන් හිටිය සාවුල් එයාලව අල්ලලා හිරේ දැම්මා. මිනිස්සු ස්තේපන් කියන ගෝලයාට ගල් ගහලා මරද්දීත් සාවුල් එතන හිටියා.

සාවුල් යෙරුසලමේ හිටිය ක්‍රිස්තියානීන්ව විතරක් හිර කරලා නතර වුණේ නැහැ. එයා නායක පූජකයා ළඟට ගිහින් කිව්වා දමස්කයට ගිහින් එහේ ඉන්න ක්‍රිස්තියානීන්ව අල්ලගන්න අවසර දෙන්න කියලා. සාවුල් දමස්කයට ළං වෙද්දී එකපාරටම තද එළියක් වැටිලා එයාව බිමට ඇදගෙන වැටුණා. “සාවුල්, ඔයා මට පීඩා කරන්නේ ඇයි” කියලා කවුද කෙනෙක් අහනවා එයාට ඇහුණා. එතකොට එයා ඇහුවා “ඔබ කවුද” කියලා. ‘මම යේසුස්. ඔයා දැන් දමස්කයට යන්න. ඔයා කරන්න ඕන දේ එහෙදී ඔයාට දැනගන්න ලැබෙයි’ කියලා කියනවා එයාට ඇහුණා. ඒ වෙලාවේ ඉඳන් එයාට කිසි දෙයක් පෙනුණේ නැහැ. එයාව නගරයට එක්කන් ගියේ එයාගේ අතින් අල්ලගෙනයි.

දමස්කයේ හිටියා දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අනනියස් කියලා කෙනෙක්. යේසුස් අනනියස්ට දර්ශනය වෙලා මෙහෙම කිව්වා. ‘කෙළින් වීථියේ ඉන්න යූදස්ගේ ගෙදරට ගිහින් සාවුල් ගැන අහන්න.’ එතකොට අනනියස් කිව්වා ‘ස්වාමීනි මං එයා ගැන දන්නවා. එයානේ අපේ සහෝදරයන්ව හිරේට දාන්නේ’ කියලා. ඒත් යේසුස් කිව්වා ‘එයා ළඟට යන්න. හුඟක් ජාතීන්ට දේශනා කරන්න මං එයාව තෝරගෙන තියෙනවා’ කියලා.

තද එළිය දැක්කාම සාවුල් අන්ධ වුණා

අනනියස් සාවුල්ව හොයාගෙන ගිහින් මෙහෙම කිව්වා. ‘සාවුල්, මගේ සහෝදරයා, ඔයාට ආයෙත් පෙනීම ලබා දෙන්න මාව එව්වේ යේසුස්.’ එතකොටම සාවුල්ට පෙනීම ලැබුණා. එයා යේසුස් ගැන ඉගෙනගෙන යේසුස්ගේ ගෝලයෙක් වුණා. සාවුල් බව්තීස්ම වෙලා අනිත් ක්‍රිස්තියානීන් එක්ක සිනගෝගවල දේශනා කරන්නත් පටන්ගත්තා. සාවුල් යේසුස් ගැන උගන්වනවා දැක්කාම අනිත් ක්‍රිස්තියානීන්ට මොනවා හිතෙන්න ඇද්ද! එයාලා මෙහෙම කිව්වා. ‘මේ අර යේසුස්ගේ ගෝලයන්ව අල්ලගෙන හිරේට දාපු සාවුල් නේද?’

සාවුල් දමස්කයට වෙලා අවුරුදු තුනක්ම දේශනා කළා. යුදෙව්වන් සාවුල් එක්ක හිටියේ හරිම කේන්තියෙන්. එයාව මරන්නත් හැදුවා. ඒත් සහෝදරයන් ඒක දැනගෙන එයාව ලොකු කූඩයක දාලා නගරයේ තාප්පේ කැඩිලා තිබුණ තැනකින් එයාව පහළට බැස්සුවා.

එතනින් සාවුල් ගියේ යෙරුසලමට. එහේ හිටිය සහෝදරයන් ළඟට යන්න එයාට ඕනෙ වුණත් එයාලා එයාට බය වුණා. ඒත් බානබස් සාවුල්ව නියෝජිතයන් ළඟට එක්කන් ගිහින් එයා ඇත්තටම වෙනස් වෙලා කියලා කිව්වා. සාවුල් යෙරුසලමේ සහෝදරයන් එක්ක එකතු වෙලා ආසාවෙන් දේශනා කරන්න පටන්ගත්තා. පස්සේ එයාට කිව්වේ පාවුල් කියලා.

‘ක්‍රිස්තුස් යේසුස් මේ ලෝකයට ආවේ පව්කාරයන්ව ගලවගන්න. ඒ පව්කාරයන් අතරින් වැඩියෙන්ම පව් කරලා තියෙන්නේ මමයි.’—1 තිමෝති 1:15

ප්‍රශ්න: ක්‍රිස්තියානීන් සාවුල්ට බය වුණේ ඇයි? එයා වෙනස් වුණේ ඇයි?

ක්‍රියා 7:54–8:3; 9:1-28; 13:9; 21:40–22:15; රෝම 1:1; ගලාති 1:11-18

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න