ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 26 පාඩම 66 පි.-67 පි. 1 ¶
  • තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ඔත්තුකාරයෝ 12දෙනා
    මගේ බයිබල් කතන්දර පොත
  • ඔබ සම්පූර්ණ ලෙස යෙහෝවඃ වහන්සේ ව අනුගමනය කරන්නෙහි ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එයා දිගටම දෙවියන් වෙනුවෙන් සටන් කළා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • යෝෂුවාගේ මතක සටහන්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 26 පාඩම 66 පි.-67 පි. 1 ¶
කානාන් දේශයේ තොරතුරු හොයලා බලන්න ගිය ඊශ්‍රායෙල්වරු

26වෙනි පාඩම

තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා

ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟින් පිටත් වෙලා කාදෙෂ් කියන තැනට ආවා. එතනදී යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘හැම ගෝත්‍රයකින්ම පුරුෂයන් එක් කෙනා ගාණේ 12දෙනෙක් තෝරගන්න. මම ඔයාලට දෙන්න යන කානාන් දේශයේ තොරතුරු හොයලා බලන්න එයාලව යවන්න.’ මෝසෙස් 12දෙනෙක්ව තෝරගෙන මෙහෙම කිව්වා. ‘කානාන්වලට ගිහින් ඒක ගස් වැල් වැවෙන සරුසාර දේශයක්ද කියලා බලලා එන්න. එහේ ඉන්නේ ශක්තිමත් අයද දුර්වල අයද කියලත් එයාලා ඉන්නේ කූඩාරම්වලද නුවරවල්වලද කියලත් බලලා එන්න.’ යොෂුවා, කාලෙබ් එක්ක තව 10දෙනෙක් ඒ ගමන ගියා.

බය වුණු ඊශ්‍රායෙල්වරු වාද කරමින්

දවස් 40කට පස්සේ ඒ 12දෙනා අත්තික්කා, දෙළුම්, මිදි අරගෙන ඇවිත් මෙහෙම කිව්වා. ‘ඒක සරුසාර දේශයක්. ඒත් එහේ ඉන්නේ හරිම ශක්තිමත් මිනිස්සු. නුවරවල් වටේ උස තාප්ප තියෙනවා.’ එතකොට කාලෙබ් කිව්වා ‘අපිට ඒක ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්, අපි දැන්මම යමු’ කියලා. එයාටයි යොෂුවාටයි යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒත් අනිත් 10දෙනා කිව්වේ මෙහෙමයි. ‘එහේ ඉන්නේ යෝධයෝ වගේ මිනිස්සු. ඒගොල්ලන් එක්ක බලද්දී අපි නිකං තණකොළ පෙත්තෝ වගේ.’

ඊශ්‍රායෙල්වරු බය වෙලා මෙහෙම කිව්වා. ‘ඇයි අපි කානාන්වලට ගිහින් නිකං මැරෙන්නේ? අපි අලුත් නායකයෙක්ව පත් කරගෙන ආයෙත් ඊජිප්තුවට යමු.’ එතකොට කාලෙබුයි යොෂුවායි මෙහෙම කිව්වා. ‘යෙහෝවාට අකීකරු වෙන්න එපා. යෙහෝවා අපිව ආරක්ෂා කරයි.’ ඒත් සෙනඟ ඒක ඇහුවේ නැහැ. එයාලා යොෂුවාවයි කාලෙබ්වයි මරන්න හැදුවා.

යෙහෝවා මොකද කළේ? ඔහු මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘මං ඊශ්‍රායෙල්වරුන්ට මෙච්චර උදව් කරලත් එයාලා මට කීකරු වෙන්නේ නැහැ. ඒ නිසා එයාලා අවුරුදු 40ක්ම පාළුකරයේ ඉඳලා මැරිලා යයි. මං පොරොන්දු වුණු දේශයේ ජීවත් වෙන්න හම්බ වෙන්නේ එයාලාගේ දරුවන්ටයි යොෂුවාටයි කාලෙබ්ටයි විතරයි.’

“ඇයි ඔයාලා මෙච්චර බය වෙලා? ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දුන්නේ ඇයි?”—මතෙව් 8:26

ප්‍රශ්න: තොරතුරු හොයලා බලන්න ගිය 12දෙනා ආයෙත් ආවාට පස්සේ මොකද වුණේ? යෙහෝවාව විශ්වාස කරනවා කියලා යොෂුවායි කාලෙබුයි පෙන්නුවේ කොහොමද?

ගණන් කතාව 13:1–14:38; ද්විතීය කතාව 1:22-33; ගීතාවලිය 78:22; හෙබ්‍රෙව් 3:17-19

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න