ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 90 පරි. 212 පි.-213 පි. 7 ¶
  • “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ”
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • නැවත නැඟිටීමේ බලාපොරොත්තුව
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ස්ථිර විශ්වාසයක් ඇතුව සිටි කඩිසර කාන්තාවක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මම විශ්වාස කරනවා”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 90 පරි. 212 පි.-213 පි. 7 ¶
අනිත් අය බලාගෙන ඉද්දී යේසුස් සහ මරියා හඬමින්

90වෙනි පරිච්ඡේදය

“නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ”

යොහන් 11:17-37

  • ලාසරුස් මිය ගියාට පස්සේ යේසුස් පැමිණෙයි

  • “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ”

පෙරයාවේ හිටිය යේසුස් දැන් බෙතානිය කිට්ටුවට ඇවිත්. මරියා සහ මාර්තා මිය ගිය සහෝදරයා ගැන හඬා වැලපෙනවා. ඔවුන්ව සනසන්න හුඟදෙනෙක් ඇවිත් ඉන්නවා.

මාර්තා යේසුස්ව හමු වෙන්න දුවගෙන යයි

යේසුස් එනවා කියලා දැනගත්ත මාර්තා ඉක්මනින්ම ඔහුව හමු වෙන්න යනවා. මාර්තා යේසුස්ට කියන්නේ “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ” කියලයි. ඒත් ඇය බලාපොරොත්තු අත්හැරලා නැහැ. “ඔබ දෙවිගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දෙවි ඔබට දෙන බව මම දන්නවා” කියා ඇය පවසන දෙයින් ඒක පැහැදිලියි.—යොහන් 11:21, 22.

යේසුස් කියන්නේ “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි” කියලයි. ඔහු කිව්වේ අනාගතයේදී මේ පොළොවේ සිද්ධ වෙන්න නියමිත නැවත නැඟිටීම ගැන කියලයි මාර්තා හිතන්නේ. ඒ දේ මාර්තාත් විශ්වාස කරන නිසා තමයි “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී ඔහු නැඟිටින බව මම දන්නවා” කියලා ඇය කියන්නේ.—යොහන් 11:23, 24.

ඒත් දැන් ඔහු මොනවා හරි කරයිද? මිය ගිය අයට ජීවිතය දෙන්න දෙවියන් තමන්ට දීලා තියෙන බලය ගැන ඔහු මෙහෙම කියනවා. “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි. ජීවත්ව සිටින ඕනෑම කෙනෙක් මා කෙරෙහි විශ්වාසය තැබුවොත් ඔහු කිසි කලක මිය යන්නේ නැහැ.”—යොහන් 11:25, 26.

යේසුස් කියන්නේ ඔහුගේ ගෝලයන් කවදාවත් මැරෙන්නේ නැහැ කියලද? නැහැ. තමන්ටත් මිය යන්න සිද්ධ වෙනවා කියලා ඔහු කියලා තිබුණා. (මතෙව් 16:21; 17:22, 23) ඔහු කියන්නේ තමන්ව විශ්වාස කරන අයට සදාකාල ජීවිතය ලැබෙනවා කියන එක ගැනයි. මිය ගිය හුඟදෙනෙක්ට ඒ ජීවිතය ලැබෙන්නේ නැවත නැඟිටුවීම මාර්ගයෙන්. මේ සමාජයේ අවසානය වෙන කල්ම යේසුස්ව විශ්වාස කරමින් ජීවත් වෙන අයට නම් මරණය අද්දකින්නේ නැතුවම සදාකාල ජීවිතය ලැබෙනවා. ඒ කණ්ඩායම් දෙකෙන් මොන එකට අයිති වුණත් යේසුස්ව විශ්වාස කරන අයට මරණය අද්දකින්නේ නැතුව සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

ඒත් දවස් හතරකට කලින් මිය ගිය ලාසරුස් වෙනුවෙන් යමක් කරන්න යේසුස්ට දැන් පුළුවන් වෙයිද? “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි” කියලා යේසුස් කියනවා. “ඔබ මේ දේ විශ්වාස කරනවාද” කියලා ඔහු මාර්තාගෙන් අහද්දී ඇය උත්තර දෙන්නේ මෙහෙමයි. “ස්වාමීනි, මට එය විශ්වාසයි. ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස් බවත් ලෝකයට එන්න සිටින තැනැත්තා ඔබ බවත් මම විශ්වාස කරනවා.” යේසුස්, ලාසරුස් වෙනුවෙන් යමක් කරයි කියන විශ්වාසයෙන් ඉක්මනින්ම ගෙදරට යන මාර්තා රහසින් මරියාට මෙහෙම කියනවා. “ගුරුතුමා ඇවිත් සිටිනවා. ඔහු ඔබටත් එන්න කියනවා.” (යොහන් 11:25-28) ඒක අහපු ගමන් මරියා ගෙදරින් පිට වෙනවා. ඇය සොහොන් ගෙය ළඟට යනවා ඇති කියලා හිතන සෙනඟත් ඇය පසුපසින් යනවා.

ඉක්මනින්ම යේසුස් ළඟට යන මරියා ඔහුගේ පාමුල ළඟ වැටිලා වැලපෙමින් කියන්නේ “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ” කියලයි. මරියාත් එතැනට ඇවිත් ඉන්න සෙනඟත් හඬා වැලපෙනවා දකිද්දී යේසුස්ට ඒ ගැන මොන තරම් වේදනාවක් දැනෙනවාද කියනවා නම් ඔහුගේ ඇස් කඳුළින් පිරෙනවා. සමහර අය ඔහු දිහා පුදුමයෙන් වගේ බලන් ඉද්දී තවත් අය මෙහෙම කතා වෙනවා. “එදා අර අන්ධ මිනිසාට පෙනීම ලබා දුන්නේ මේ මිනිසා නොවෙයිද? ඔහුට බැරි වුණාද මේ මරණය වළක්වන්න?”—යොහන් 11:32, 37.

  • යේසුස් බෙතානිය කිට්ටුවට එද්දී සිද්ධ වෙලා තිබුණේ මොනවාද?

  • නැවත නැඟිටීම ගැන විශ්වාස කරන්න මාර්තාට තිබුණු හේතු මොනවාද?

  • ලාසරුස් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලා යේසුස් ඇඟෙව්වේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න