ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 79 පරි. 184 පි.-185 පි. 2 ¶
  • යේසුස් විනාශයක් ගැන අනතුරු අඟවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් විනාශයක් ගැන අනතුරු අඟවයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ජාතියක් අත්හරිනු ලැබුවද සියල්ලන්වම නොවේ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • එක් එක්කෙනා තම තමාගේ අත්තික්කා ගස යට වාසය කරනු ඇත
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ලෙඩුන්ව සුව කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ක්‍රිස්තියානීන් සබත් දවස පවත්වන්න ඕනද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 79 පරි. 184 පි.-185 පි. 2 ¶
සබත් දවසේදී යේසුස් ස්ත්‍රියක්ව සුව කරපු එක ගැන සිනගෝගයේ ප්‍රධාන නිලධාරියා කෝප වෙයි

79වෙනි පරිච්ඡේදය

යේසුස් විනාශයක් ගැන අනතුරු අඟවයි

ලූක් 13:1-21

  • විපත් දෙකක් ගැන සඳහන් කරමින් යේසුස් පාඩමක් උගන්වයි

  • භූතයෙකුගේ බලපෑම නිසා දුබල වී සිටි ස්ත්‍රියක්ව සබත් දවසේ සුව කරයි

දෙවියන් එක්ක තියෙන බැඳීම ගැන හිතන්න මිනිසුන්ව පොලඹවන්න යේසුස් විවිධ ක්‍රමවලින් උත්සාහ කරලා තියෙනවා. දැන් ඒ දේ කරන්න යේසුස්ට තවත් අවස්ථාවක් උදා වෙලා. යේසුස් පරිසිවරයාගේ නිවස ළඟට ඇවිත් හිටිය මිනිසුන් එක්ක කරපු සාකච්ඡාවට පස්සේ තමයි මේ සිද්ධිය වෙන්නේ.

සෙනඟ අතරේ ඉන්න සමහර අය “පූජා ඔප්පු කරමින් සිටි ගලීලයේ වැසියන් පිරිසක්ව පිලාත් [රෝම ආණ්ඩුකාර පොන්තියුස්] විසින් මරා දැමූ ආකාරය ගැන” යේසුස්ට කියනවා. (ලූක් 13:1) ඇත්තටම ඔවුන් කියන්නේ මොනවා ගැනද?

ඔවුන් කියනවා ඇත්තේ යෙරුසලමට වාරිමාර්ගයක් හදන්න පිලාත් දේවමාලිගාවේ භාණ්ඩාගාරයෙන් සල්ලි ගත්ත සිද්ධිය නිසා වුණු දේ ගැන වෙන්න ඇති. සමහරවිට ඒ විදිහට මුදල් ලබාගන්න දේවමාලිගාවේ බලධාරීන් ඔහුට උදව් කරන්න ඇති. ඒත් සමහර යුදෙව්වන් ඒකට විරුද්ධ වුණු නිසා පිලාත් ඒ අයව මරලා දැම්මා. මේ සිද්ධිය ගැන යේසුස්ට කියන අයට හිතෙනවා ඇති එදා මරණය අද්දැක්කේ පව්කාරයන් කියලා. හැබැයි යේසුස් නම් එහෙම හිතන්නේ නැහැ.

ඔහු ඔවුන්ට මෙහෙම කියනවා. “ගලීලයේ සිට පැමිණි ඒ අයට ඒ වගේ දෙයක් සිදු වුණේ ඔවුන් ගලීලයේ සිටි අනික් වැසියන්ට වඩා පව්කාරයන් වූ නිසාද? නැහැ, එහෙම කියන්න බැහැ. නමුත් ඔබ පසුතැවිලි වුණේ නැත්නම් ඔබත් ඔවුන් වගේ විනාශ වෙයි.” (ලූක් 13:2, 3) ඒ වගේ තවත් විපතක් ගැන යේසුස් දැන් මතක් කරනවා. පෙනෙන විදිහට මෑතකදී සිද්ධ වුණු මේ දේ පිලාත් වාරිමාර්ගය හදද්දී සිද්ධ වුණු අනතුරක් වෙන්න ඇති.

යේසුස් කියන්නේ මෙහෙමයි. “සිලෝම් පොකුණ ළඟ තිබුණු ටැඹ කඩා වැටුණු විට දහඅටදෙනෙක් ඊට යට වී මිය ගිය ආකාරය ඔබට මතක ඇති. ඔවුන්ට ඒ දේ සිදු වුණේ යෙරුසලමේ සිටින අන් සියලුම මිනිසුන්ට වඩා ඔවුන් පව්කාරයන් වූ නිසාද?” (ලූක් 13:4) සෙනඟ අතරේ ඉන්න අය හිතනවා ඇත්තේ ඒ මිනිසුන් මැරුණේ ඒ අයම කරපු නරක දේවල් නිසා කියලයි. හැබැයි යේසුස් නම් එහෙම හිතන්නේ නැහැ. මොකද “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔහු දන්නවා. (දේශනාකාරයා 9:11) මේ සිද්ධීන්වලින් ඉගෙනගන්න පුළුවන් වැදගත් කාරණය ගැන යේසුස් මෙහෙම කියනවා. “ඔබ පසුතැවිලි වෙන්නේ නැත්නම් ඔබත් එලෙසම විනාශ වෙයි.” (ලූක් 13:5) ඒත් යේසුස් දැන් ඒ ගැන සෙනඟට කාවද්දන්නේ ඇයි?

කොළ තිබුණත් පල නොදරන අත්තික්කා අත්තක්

ඔහු එහෙම කරන්නේ සේවය කරන්න ඔහුට තව ඉතුරු වෙලා තියෙන්නේ බොහොම ටික කාලයක් නිසයි. ඔහු මේ නිදර්ශනයෙන් ඒ කාරණය ගැන තවත් කාවද්දනවා. “එක්තරා මිනිසෙක් තම මිදිවත්තේ අත්තික්කා ගසක් පැළ කළා. කලක් ගත වන විට ඔහු නිතර නිතර පැමිණ ගස පල දරා තිබෙනවාද කියා සෝදිසි කර බැලුවා. නමුත් එහි පල තිබුණේ නැහැ. පසුව ඔහු තම මිදිවත්තේ වැඩ කරන්නාට මෙසේ පැවසුවා. ‘මා දැන් අවුරුදු තුනක්ම මේ අත්තික්කා ගහේ ගෙඩි එයි කියා බලා සිටියා. ඒත් එක ගෙඩියක්වත් ආවේ නැහැ. ඒ නිසා ගස කපා දමන්න! පලක් නැති මේ ගස තියාගෙන වැඩක් නැහැ.’ එවිට වැඩ කරන්නා පැවසුවේ මෙයයි. ‘ස්වාමීනි, අපි තව අවුරුද්දක් බලමු. මම ගස වටේ හාරා පොහොර දමා එයට සාත්තු කරන්නම්. ඒ දේ කළ පසුත් එය පල දැරුවේ නැත්නම් එය කපා දමමු.’”—ලූක් 13:6-9.

යේසුස් අවුරුදු තුනකටත් වඩා වැඩි කාලයක් තිස්සේ යුදෙව්වන්ට දෙවියන් ගැන තිබුණු විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කළා. ඒත් ඔහුගේ ගෝලයන් වෙලා පල දරන්නේ ටිකදෙනෙක් විතරයි. දැන් හතරවෙනි අවුරුද්දේ ඔහු තවත් වැඩියෙන් සේවය කරනවා. හරියට අත්තික්කා ගහ වටේ හාරලා පොහොර දානවා වගේ යේසුස් දැන් යුදය සහ පෙරයාව කියන ප්‍රදේශවල දේශනා කරමින් මිනිසුන්ට උගන්වනවා. ඒත් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ යුදෙව්වන් අතරින් කිහිපදෙනෙක් විතරයි. හුඟදෙනෙක් පසුතැවෙන්නේ නැති නිසා ඔවුන් විනාශ වෙන්න නියමිතයි.

සබත් දවසකදී යේසුස් සිනගෝගයේ උගන්වමින් ඉද්දී භූතයෙක්ගේ බලපෑම නිසා අවුරුදු 18ක් පුරා දුබල වෙලා දෙකට නැමිලා හිටිය ස්ත්‍රියක්ව යේසුස් දකිනවා. ඇය ගැන අනුකම්පාවෙන් පෙලඹුණු යේසුස් ඇයට කියන්නේ “ඔබේ පීඩාවෙන් ඔබ දැන් නිදහස්” කියලයි. (ලූක් 13:12) යේසුස් ඇය පිට අත් තියද්දී ඒ මොහොතේම ඇය කෙළින් වෙලා දෙවිට ප්‍රශංසා කරනවා.

ඊශ්‍රායෙල්වරයෙක් ගවයෙක්ව මඩුවෙන් පිටතට ගෙන යමින්

සිනගෝගයේ ඉන්න නිලධාරියෙක්ට ඒ ගැන මොන තරම් කේන්ති යනවාද කියනවා නම් ඔහු මෙහෙම කියනවා. “වැඩ කරන්න සතියට දවස් හයක්ම තිබෙනවා. සබත් දවසක නැතුව ඒ දවසක ඇවිත් සුව කරගන්න.” (ලූක් 13:14) අසනීප සුව කරන්න යේසුස්ට බලය තියෙනවා කියලා ඒ නිලධාරියා පිළිගන්නවා. හැබැයි මිනිසුන් අසනීප සුව කරගන්න සබත් දවසේදී එන එකට නම් ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා යේසුස් ඔහුට මෙහෙම කියනවා. “ඔබ කොතරම් කුහකද! සබත් දවසේදී ගොනෙකුට හෝ බූරුවෙකුට වතුර ටිකක් දෙන්න ඔබ උන්ව ලිහා වතුර තිබෙන තැනකට උන්ව ගෙන යන්නේ නැද්ද? දැන් මේ ගැන ටිකක් සිතන්න! ආබ්‍රහම්ගේ දියණියක් වන මේ ස්ත්‍රිය අවුරුදු දහඅටක් තිස්සේ සාතන්ගේ බැඳුම්වලින් සිර වී සිටියා. සබත් දවසේදී ඇයව නිදහස් කිරීමේ ඇති වරද කුමක්ද?”—ලූක් 13:15, 16.

යේසුස්ට සතුරුකම් කරන අය ඒකෙන් ලැජ්ජාවට පත් වුණත් ඔහු කරන පුදුමාකාර දේවල් ගැන සෙනඟ නම් සතුටින් ඉපිල යනවා. කලින් වතාවකදී ගලීල මුහුදේ බෝට්ටුවක ඉඳන් මිනිසුන්ට කියලා දීපු නිදර්ශන දෙකක් යේසුස් යුදයේදී දැන් ආයෙත් කියනවා. ඒ නිදර්ශනවලින් කියවෙන්නේ දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ අනාවැකි ගැනයි.—මතෙව් 13:31-33; ලූක් 13:18-21.

  • යේසුස් යුදෙව්වන්ගේ අවධානයට ලක් කළේ මොන විපත් දෙකද? ඔහු අනතුරු ඇඟෙව්වේ මොනවා ගැනද?

  • පල නොදරපු අත්තික්කා ගහ ගැන නිදර්ශනයෙන් යුදෙව් ජාතිය ගැන පැහැදිලි වුණේ මොනවාද?

  • සිනගෝගයේ හිටිය නිලධාරියාට කේන්ති ගියේ ඇයි? ඔහුගේ කුහකකම යේසුස් හෙළි කළේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න