ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 77 පරි. 180 පි.-181 පි. 1 ¶
  • යේසුස් ධන සම්පත් ගැන අනතුරු අඟවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ධන සම්පත් ගැන අනතුරු අඟවයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • උරුමය පිළිබඳ ප්‍රශ්නය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • මෙතෙක් කර ඇති සුප්‍රකටම දේශනය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ‘ඔබ දෙවි ඉදිරියෙහි පොහොසත්ද?’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 77 පරි. 180 පි.-181 පි. 1 ¶
ධනවත් මිනිසෙක් තමන් රැස් කර තිබෙන වස්තුව ගැන සතුටු වෙමින්

77වෙනි පරිච්ඡේදය

යේසුස් ධන සම්පත් ගැන අනතුරු අඟවයි

ලූක් 12:1-34

  • ධනවත් මිනිසෙක් ගැන උපමාව

  • කපුටන් සහ ලිලී මල් ගැන යේසුස් කතා කරයි

  • දෙවිගේ රාජ්‍යය උරුම කරගන්නා “කුඩා රැළ” ගැන කියයි

යේසුස් පරිසිවරයාගේ නිවසේ ඉද්දී ඔහුව හමු වෙන්න දහස් ගණන් සෙනඟ එළියේ රැස් වෙලා ඉන්නවා. යුදයේ ඉන්න මේ සෙනඟ පරිසිවරුන්ට වඩා හුඟක් වෙනස්. මොකද ඔවුන් ඇවිත් ඉන්නේ යේසුස්ගෙන් ඉගෙනගන්න අවංක උනන්දුවක් තියෙන නිසයි. යේසුස් ගලීලයේ ඉන්නකොටත් ඔහුව හමු වෙන්න ලොකු සෙනඟක් රැස් වුණු අවස්ථා කිහිපයක්ම තිබුණා.—මාක් 1:33; 2:2; 3:9.

යේසුස් මුලින්ම ගෝලයන්ට මෙහෙම කියනවා. “පරිසිවරුන්ගේ කුහකකම්වලින් පරෙස්සම් වන්න. එය හරියට මුහුන් වගෙයි.” කලිනුත් යේසුස් ඒ ගැන ගෝලයන්ට අනතුරු අඟවලයි තිබුණේ. ඒත් පරිසිවරයාගේ නිවසේදී වුණු දේවල් නිසා ඉක්මනින්ම ඒ අනතුරු ඇඟවීම දෙන එක වැදගත් කියලා යේසුස් තේරුම්ගත්තා. (ලූක් 12:1; මාක් 8:15) පරිසිවරු ඔවුන්ගේ දුෂ්ටකම වහගන්න බොරු භක්තියක් මවාපෑවත් ඔවුන්ගෙන් ලොකු හානියක් වෙන නිසා ඔවුන් මොන වගේ අයද කියලා හෙළි කරන්න ඕනේ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “දැන් හොඳින් සඟවා තිබෙන කිසි දෙයක් අනාවරණය නොකර තිබෙන්නේ නැහැ. දැන් රහසක්ව තිබෙන කිසි දෙයක් හෙළි නොකර සිටින්නේ නැහැ.”—ලූක් 12:2.

ඇවිත් ඉන්න හුඟදෙනෙක් යුදයේ අය නිසා යේසුස් ගලීලයේදී උගන්වපු දේවලට ඇහුම්කන් දෙන්න ඒ අයට අවස්ථාව ලැබිලා නැතුව ඇති. ඒ නිසා වෙන්න ඇති කලින් උගන්වපු දේවල සාරාංශයක් යේසුස් කියන්නේ. ඔහු දැන් හැමෝටම මෙහෙම කියනවා. “සමහරුන් ඔබව මරා දමයි. ඔවුන්ට කරන්න පුළුවන් එපමණයි. ඊට වඩා වැඩි දෙයක් කරන්න ඔවුන්ට බැහැ. එවැනි අයට භය වෙන්න එපා.” (ලූක් 12:4) දෙවියන් ඔවුන්ව රැකබලා ගන්න බව විශ්වාස කරන්න කියලා මේ වතාවෙත් ඔහු අනුගාමිකයන්ට කාවද්දනවා. ඔවුන් මනුෂ්‍ය පුත්‍රයාව හොඳින් හඳුනාගන්න එකත් දෙවියන් තමන්ගේ උපකාරයට ඉන්නවා කියලා තේරුම්ගන්න එකත් හුඟක් වැදගත්.—මතෙව් 10:19, 20, 26-33; 12:31, 32.

සෙනඟ අතරේ ඉන්න මිනිසෙක් දැන් මෙහෙම කියනවා. “ගුරුතුමනි, අපේ පියාගෙන් ලැබුණු උරුමය මා සමඟ බෙදාගන්න කියා මගේ සහෝදරයාට කියන්න.” (ලූක් 12:13) මුලින්ම බිහි වෙන පුතාට උරුමයෙන් කොටස් දෙකක් දෙන්න කියලා නීතියේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. (ද්විතීය කතාව 21:17) පෙනෙන විදිහට මේ මිනිසාට නීතියෙන් අයිති වුණු කොටසට වඩා වැඩියෙන් ඕනෙ වෙලා වගෙයි. යේසුස් කිසි පැත්තක් ගන්නේ නැතුව මෙහෙම අහනවා. “ඔබේ විනිශ්චයකාරයා නැත්නම් ඔබ අතරේ දේපොළ බෙදා දෙන තැනැත්තා ලෙස මාව පත් කළේ කවුද?”—ලූක් 12:14.

ඊළඟට යේසුස්, හැමෝටම මෙහෙම කියනවා. “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න. මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.” (ලූක් 12:15) කෙනෙක්ට මොන තරම් ධන සම්පත් තිබුණත් කවදා හරි දවසක ඔහු මිය යද්දී ඒ හැම දෙයක්ම අහිමි වෙනවා. ඒ ගැනත් දෙවියන් ඉදිරියේ හොඳ නමක් තියාගන්න එක කොයි තරම් වැදගත්ද කියන එක ගැනත් කාවද්දන්න යේසුස් දැන් මේ උපමාව කියනවා.

“එක්තරා ධනවතෙක් සිටියා. ඔහුට අයිති ඉඩමෙන් හොඳ අස්වැන්නක් ලැබුණා. ඒ නිසා ඔහු මෙහෙම හිතුවා. ‘මගේ අස්වැන්න රැස් කරන්න තැනක් නැහැ. මම දැන් මොනවාද කරන්නේ? මුලින්ම මට තිබෙන ගබඩාවන් මම කඩා දමනවා. ඊටපස්සේ මම ඊටත් වඩා විශාල ගබඩාවන් ගොඩනඟනවා. එතකොට මට පුළුවන් මගේ මුළු ධාන්‍ය අස්වැන්න සහ මගේ අනිකුත් හැම සම්පතක්ම එහි රැස් කර තබන්න. එතකොට අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඇති තරම් මට තියෙයි. මට පුළුවන් වෙයි හොඳින් කා බී, ප්‍රීති වෙමින් විවේක සුවයෙන් ඉන්න.’ නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි. එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’ තමාගේ ජීවිතයේ මුල් තැන දෙවිට දෙනවා වෙනුවට තමාගේ සැප පහසුව සඳහා වස්තු රැස් කරගන්නා තැනැත්තාට සිදු වන්නෙත් ඒ දේමයි.”—ලූක් 12:16-21.

ගෝලයන් ඇතුළුව රැස් වෙලා ඉන්න හැමෝම ධන සම්පත් රැස් කරගන්න වෑයම් කළොත් නැත්නම් ජීවිතයේ වෙනත් දේවලට වැඩි අවධානයක් දුන්නොත් යෙහෝවා දෙවිට කරන සේවයට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මීට අවුරුදු එකහමාරකට විතර කලින් කන්ද උඩ දේශනයේදී දීපු මේ උපදෙස ඔහු මතක් කරන්නේ.

‘කන්නේ මොනවාද කියා ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න. කපුටන් ගැන ටිකකට සිතන්න. උන් බීජ වපුරන්නේවත් අස්වැන්න නෙළාගන්නේවත් නැහැ. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැහැ. නමුත් දෙවි උන්ව පෝෂණය කරනවා. ඒ කුරුල්ලන්ට වඩා ඔබ කොතරම් වටිනවාද! ලිලී මල් වැවෙන ආකාරය ගැන ටිකක් සිතන්න. ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් තමන්ට ඇඳුම් මසාගන්නේවත් නැහැ. නමුත් මා ඔබට කියන්නේ, මේ මල්වල තිබෙන අලංකාරය සලමොන් තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් නොතිබුණු බවයි. ඒ නිසා කන බොන දේ ගැනවත් අඳින පළඳින දේ ගැනවත් සිතසිතා කනස්සලු වෙන්න එපා. ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න. ඔහුගේ රාජ්‍යයට නොකඩවා මුල් තැන දෙන්න. එවිට අවශ්‍ය දේවල් ඔබට දෙනු ලබයි.’—ලූක් 12:22-31; මතෙව් 6:25-33.

දෙවිගේ රාජ්‍යයට නොකඩවා මුල් තැන දෙන්නේ කවුද? ඒ දේ කරන්නේ “කුඩා රැළ” විදිහට හඳුන්වන, දෙවිට විශ්වාසවන්තව සේවය කරන ටිකදෙනෙක් කියලයි යේසුස් පැහැදිලි කරන්නේ. ඒ අයගේ ගණන 1,44,000ක් කියලා ඉදිරියේදී දැනගන්න ලැබෙනවා. ඒ අයට ලැබෙන ආශීර්වාද මොනවාද? “ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා” කියලා යේසුස් ඔවුන්ට පොරොන්දු වෙනවා. ඔවුන් පොළොවේ වස්තු රැස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට “කිසිදා දිරා නොයන පසුම්බිවල ස්වර්ගයේ වස්තු රැස් කරගන්න” ඒ කියන්නේ ස්වර්ගයට ගිහින් ක්‍රිස්තුස් එක්ක පාලනයට හවුල් වෙන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ.—ලූක් 12:32-34.

  • උරුමය ගැන අහපු ප්‍රශ්නයට යේසුස් පිළිතුරු දුන්නේ කොහොමද?

  • යේසුස් කියපු උපමාවට අපි වැඩි අවධානයක් දෙන එක වැදගත් වෙන්නේ ඇයි?

  • තමන් එක්ක පාලනයට හවුල් වෙන අය ගැන යේසුස් කිව්වේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න