ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 45 පරි. 114 පි.-115 පි. 3 ¶
  • භූතයන් බොහෝදෙනෙකුව දුරු කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භූතයන් බොහෝදෙනෙකුව දුරු කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • අනපේක්ෂිත ගෝලයෙක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • භූතයන්ට වඩා යේසුස් බලවත්
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 45 පරි. 114 පි.-115 පි. 3 ¶
භූතයන් ආවේශ වෙලා හිටිය මිනිසෙක් යේසුස් ඉදිරියට පැමිණෙයි

45වෙනි පරිච්ඡේදය

භූතයන් බොහෝදෙනෙකුව දුරු කරයි

මතෙව් 8:28-34 මාක් 5:1-20 ලූක් 8:26-39

  • ඌරන්ට වැහෙන්න භූතයන්ට අවසර දෙයි

කුණාටුවෙන් බේරිලා වෙරළට එන ගෝලයන් දැන් දකින්නේ හරිම බියකරු දසුනක්. ළඟපාත තියෙන සොහොන් ගෙයක ඉඳන් භූතයන් ආවේශ වුණු දරුණු මිනිසුන් දෙන්නෙක් යේසුස් ළඟට දුවගෙන එනවා. ඒ අතරින් එක් කෙනෙක්ට තමයි වැඩි අවධානයක් යන්නේ. සමහරවිට ඔහු අනිත් කෙනාට වඩා වැඩි කාලයක් භූතයන්ගේ හිරිහැරවලට ලක් වෙලා ඉන්න ඇති. ඒ වගේම අනිත් කෙනාට වඩා හුඟක් දරුණු කෙනෙක් වෙන්නත් ඇති.

නිරුවත්ව ඉන්න ඒ මිනිසා දිවා රෑ දෙකේම මොරගසමින් ‘ගල්වලින් තමාගේ සිරුර කපාගනිමින් සොහොන් ගෙවල්වලත් කඳුවලත් ගැවසෙනවා.’ (මාක් 5:5) ඔහු මොන තරම් දරුණු කෙනෙක්ද කියනවා නම් කිසිම කෙනෙක්ට ඔහු ඉන්න පාරෙන් යන්න තරම්වත් ධෛර්යයක් නැහැ. සමහර අය විලංගු දාලා දම්වැල්වලින් ඔහුව බැඳලා තියන්න උත්සාහ කළත් ඔහු ඒවා කඩලා දානවා. ඔහුව මෙල්ල කරන්න තරම් හයියක් කිසිම කෙනෙක්ට නැහැ.

යේසුස්ව දැක්කාම දුවගෙන ඇවිත් යේසුස්ගේ පාමුල ළඟ දණින් වැටෙන ඔහු මහත් හඬකින් මොරගසමින් මෙහෙම කියනවා. “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්, ඔබ හා මා අතර කිසිම ගනු දෙනුවක් නැහැ. මට වධ දෙන්නේ නැහැ කියා දෙවිගේ නාමයෙන් මට දිවුරන්න.” භූතයන් එහෙම කියන්නේ “මේ මිනිසාගෙන් පිටතට එන්න” කියලා යේසුස් නියෝග කළ නිසයි. (මාක් 5:7, 8) එහෙම කියපු එකෙන් භූතයන්ට වඩා තමන් බලවත් කියලා යේසුස් පෙන්නුවා.

ඊළඟට “ඔබේ නම මොකක්ද” කියලා යේසුස් අහද්දී “බොහෝදෙනෙක් සිටින නිසා අපිට කියන්නේ සේනාංකය කියලයි” කියා ඔහු පිළිතුරු දෙනවා. (මාක් 5:9) සාමාන්‍යයෙන් රෝම හමුදාවේ සේනාංකයකට සෙබළුන් දහස් ගණනක් ඇතුළත් වෙනවා. එහෙම බලද්දී භූතයන් හුඟදෙනෙක් ඒ මිනිසාට හිරිහැර කරමින් ඉන්නවා කියලා පැහැදිලියි. ඒකෙන් ඔවුන් ලොකු වින්දනයක් ලබනවා. දැන් මේ භූතයන් ඉතාමත් බැගෑපත්ව යේසුස්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ව අගාධයට දමා බැඳ තබන්න එපා කියලයි. පෙනෙන විදිහට අනාගතයේදී තමන්ටත් තම නායකයා වන සාතන්ටත් සිද්ධ වෙන්නේ මොනවාද කියලා ඔවුන් තේරුම් අරගෙනයි ඉන්නේ.—ලූක් 8:31.

භූතයන් වැහුණු ඌරු රැළ කන්දෙන් පහලට පනියි

දෙවියන් දීලා තිබුණු නීතියට අනුව අපවිත්‍ර සතුන් ගණයට වැටුණු ඌරන් ඒ අසල කන්දක කෑම කමින් ඉන්නවා. භූතයන් යේසුස්ගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ “ඒ ඌරු රැළට වැහෙන්න අපට ඉඩ දෙන්න” කියලයි. (මාක් 5:12) ඔහු අවසර දුන්නාම ඒ භූතයන් ඌරු රැළට වැහෙනවා. ඒ නිසා රැළේ ඉන්න ඌරන් 2,000 වේගයෙන් දුවගෙන ගිහින් ප්‍රපාතයෙන් වැටිලා වතුරේ ගිලිලා මැරෙනවා.

ඌරු රැළ රැකබලා ගත් අය සිද්ධ වුණු දේ ගැන නුවරේ වැසියන්ටත් පිටිසර පළාත්වල අයටත් දැනුම් දෙනවා. ඒ නිසා සිද්ධ වුණු දේ බලාගන්න ඒ හැමෝම වගේ එතැනට එනවා. භූතයන් ආවේශ වෙලා හිටිය මිනිසා ඇඳුම් ඇඳගෙන, හොඳ සිහිකල්පනාවෙන් යේසුස් ළඟින් ඉඳන් ඉන්නවා දකිද්දී ඔවුන්ට කොහොම හැඟෙන්න ඇද්ද!

භූතයන් ආවේශ වෙලා හිටිය මිනිසාව සුව කළ යේසුස් සිද්ධ වුණු දේ නෑදෑයන්ට කියන්න කියා ඔහුට පවසයි

මේ සිද්ධිය ගැන අහන්න ලැබෙන අයටත් සුව වුණු මිනිසාව දකින අයටත් ලොකු බයක් දැනෙනවා. ඔවුන් යේසුස්ගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ මේ ප්‍රදේශයෙන් පිට වෙලා යන්න කියලයි. යේසුස් ඔරුවට නැඟලා පිටත් වෙන්න හදනකොට සුවය ලබපු මිනිසා යේසුස් ළඟට ඇවිත් තමාටත් ඔහු එක්ක එන්න ඉඩ දෙන්න කියලා බැගෑපත්ව ඉල්ලනවා. හැබැයි යේසුස් ඔහුට කියන්නේ මෙහෙමයි. “ඔබේ ගෙදර ගිහින්, යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ සියලු දේ ගැනත් ඔහු ඔබට පෙන්වූ දයාව ගැනත් ඔබේ නෑදෑයන්ට කියන්න.”—මාක් 5:19.

සාමාන්‍යයෙන් යේසුස් ආශ්චර්යවත් විදිහට රෝගීන්ව සුව කළාම ඒ ගැන අනිත් අයට කියන්න එපා කියලා ඔහු කියනවා. මොකද කටකතා මාර්ගයෙන් මිනිසුන් තමන් ගැන දැනගන්නවාට ඔහු කැමති නැහැ. හැබැයි මේ වතාවේදී සුවය ලබපු මිනිසාට ඒ ගැන කියන්න යේසුස් අවසර දෙනවා. මොකද එහෙම කරන එකෙන් යේසුස්ව පෞද්ගලිකවම මුණගැහෙන්නේ නැති අයට යේසුස්ගේ බලය ගැන දැනගන්න ලැබෙයි. ඒ වගේම ඌරු රැළට සිද්ධ වුණු දේ ගැන බොරු කටකතා පැතිරෙන එක නතර කරන්නත් ඒක උදව්වක් වෙයි. යේසුස් කරපු දේ ගැන ඒ මිනිසා දෙකපොලිසය පුරාම දැනුම් දෙන්න පටන්ගන්නවා.

  • භූතයන් ආවේශ වෙලා හිටිය මිනිසුන් දෙදෙනාගෙන් එක් කෙනෙක්ට වැඩි අවධානයක් ගියේ ඇයි?

  • අනාගතයේදී තමන්ට සිද්ධ වෙන දේ ගැන භූතයන් තේරුම් අරන් තියෙන්නේ මොනවාද?

  • භූතයන් ආවේශ වෙලා හිටිය මිනිසාට තමන් සුවය ලබපු විදිහ ගැන අනිත් අයට කියන්න යේසුස් අවසර දුන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න