ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 39 පරි. 98 පි.-99 පි. 7 ¶
  • සිත් දැඩි කරගත් පරම්පරාවක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිත් දැඩි කරගත් පරම්පරාවක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • උඩඟු සහ යටහත් පහත් අය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • මතෙව් 11:28-30 - “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • පීඩනයෙන් සහනය ලැබීමට ප්‍රායෝගික පිළියමක්
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 39 පරි. 98 පි.-99 පි. 7 ¶
වෙළඳපොළේ ඉන්න දරුවෙක් නළා පිම්බත් අනිත් දරුවන් නටන්නේ නැහැ

39වෙනි පරිච්ඡේදය

සිත් දැඩි කරගත් පරම්පරාවක්

මතෙව් 11:16-30 ලූක් 7:31-35

  • යේසුස් සමහර නුවරවල් හෙළාදකියි

  • සහනය ලබා දෙන්න පොරොන්දු වෙයි

යේසුස් යොහන් බව්තීස්තට ගෞරවයෙන් සලකනවා. ඒත් මිනිසුන් යොහන්ට සලකන්නේ කොහොමද? ඒ ගැන යේසුස් මෙහෙම කියනවා. ‘පවතින මේ පරම්පරාව වෙළඳපොළවල ඉඳගෙන තම යහළුවන් සමඟ සෙල්ලම් කරන කුඩා දරුවන්ට සමානයි. ඒ දරුවන් සෙල්ලම් කරමින්, “අපි ඔබට නළාව පිම්බත් ඔබ නැටුවේ නැහැ. අපි විලාප නැඟුවත් ඔබ ශෝකයෙන් පපුවට ගසාගත්තේ නැහැ” කියා එකිනෙකාට පවසනවා.’—මතෙව් 11:16, 17.

යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද? ඒ ගැන ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “යොහන් සාමාන්‍ය විදිහට කමින් බොමින් තම ජීවිතය ගත කළේ නැහැ. නමුත් ‘ඔහුට භූතයෙක් ආවේශ වෙලා’ කියා කිසි දෙයකින් සතුටු වන්නේ නැති මිනිසුන් කියනවා. මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් සාමාන්‍ය විදිහට තම ජීවිතය ගත කළ විට, ‘මෙන්න, කෑදර, වයින් බීමට ලොල් වූ මිනිසෙක් ඇවිත්. ඔහු බදු එකතු කරන්නන්ගේද පව්කාරයන්ගේද මිත්‍රයෙක්’ කියා මිනිසුන් කියනවා.” (මතෙව් 11:18, 19) යොහන් නසරීතවරයෙක් විදිහට සරල ජීවිතයක් ගෙවමින් වයින්වත් බොන්නේ නැතුව ඉද්දී මිනිසුන් කියන්නේ ඔහුට භූතයෙක් ආවේශ වෙලා කියලයි. (ගණන් කතාව 6:2, 3; ලූක් 1:15) හැබැයි යේසුස් සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරමින් ප්‍රමාණය ඉක්මවා යන්නේ නැතුව කෑම බීම ගද්දී ඔහු කෑදර කෙනෙක් කියලා ඔවුන් කියනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔවුන් කිසිම දේකින් සෑහීමට පත් වෙන්නේ නැති පරම්පරාවක් කියලයි.

යේසුස් ඒ පරම්පරාවේ අයව සමාන කරන්නේ වෙළඳපොළවල ඉන්න කුඩා දරුවන්ට. අනිත් දරුවන් නළාව පිම්බත් ඔවුන් නටන්නේ නැහැ. විලාප නැඟුවත් ඔවුන් ශෝක වෙන්නේ නැහැ. කොහොමවුණත් “ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි” කියා යේසුස් පවසනවා. (මතෙව් 11:16, 19) ඔව්, යොහන් සහ යේසුස් ක්‍රියා කරන විදිහ නිසා මිනිසුන් ඔවුන්ට විරුද්ධව නඟන චෝදනා බොරුයි කියලා ඔප්පු වෙනවා.

යේසුස් දැන් කතා කරන්නේ කොරාසීනය, බෙත්සයිදා සහ කපර්ණවුම කියන නුවරවල් ගැනයි. තමන් බලවත් ක්‍රියාවන් බොහොමයක් කරපු ඒ නුවරවල් හෙළාදකින යේසුස්, ඒ බලවත් ක්‍රියාවන් තීර් සහ සීදොන් කියන ෆිනීෂියානු නුවරවල කළා නම් එහේ ඉන්න මිනිසුන් ඔවුන්ගේ පව් ගැන පසුතැවෙයි කියා පවසනවා. යේසුස් නතර වෙලා සේවය කරපු කපර්ණවුමේ ඉන්න හුඟදෙනෙකුත් යේසුස්ව පිළිගත්තේ නැහැ. ඒ නුවර ගැන සඳහන් කරමින් ‘විනිශ්චය සිදු වන දවසේදී ඔබට ලැබෙන දඬුවම සොදොම් නුවරෙහි වැසියන්ට ලැබුණු දඬුවමට වඩා දරුණු වෙනවා’ කියා යේසුස් පවසන්නේ ඒ නිසයි.—මතෙව් 11:24.

වටිනා සත්‍යයන් “ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා” බිලිඳුන් වගේ නිහතමානී අයට හෙළි කරපු එක ගැන යේසුස් දැන් පියාණන්ට ප්‍රශංසා කරනවා. (මතෙව් 11:25) ඒ වගේ නිහතමානී අයට ඔහු මෙහෙම ආරාධනා කරනවා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.”—මතෙව් 11:28-30.

යේසුස් ඒ අයට සහනයක් ලබා දෙන්නේ කොහොමද? සබත ඇතුළු තවත් දේවල් ගැන ආගමික නායකයන් පනවලා තියෙන දැඩි නීති සහ සම්ප්‍රදායන් නිසා සෙනඟ පීඩාවට පත් වෙලයි ඉන්නේ. හැබැයි යේසුස් දෙවියන් ගැන සත්‍ය තොරතුරු කියා දෙන නිසා ඔවුන් ලොකු සහනයක් අද්දකිනවා. ඒ වගේම පාලකයන්ගේ කෲර බලහත්කාරකම් නිසා තැළී පොඩි වී ඉන්න අයටත් තමන් අතින් වුණු පව් ගැන දුක් වෙන අයටත් යේසුස් සහනය ලබා දෙනවා. ඔව්, ඔවුන්ගේ වැරදිවලට සමාව ලබාගෙන දෙවියන් එක්ක සමාදාන වෙන්න පුළුවන් කොහොමද කියලා යේසුස් පැහැදිලි කරනවා.

යේසුස්ගේ වියගහ කැමැත්තෙන්ම පිළිගන්න අයට තමන්ගේ ජීවිත දෙවිට කැප කරලා දයානුකම්පිත පියාණන්ට සේවය කරන්න අවස්ථාව තියෙනවා. අපිට කරන්න බැරි දේවල් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඒ දේ කරන එක අපිට බරක් නෙවෙයි.—1 යොහන් 5:3.

  • යේසුස්ගේ කාලයේ හිටිය පරම්පරාව කුඩා දරුවන්ට සමාන වුණේ කොහොමද?

  • ස්වර්ගයේ ඉන්න පියාණන්ට යේසුස් ප්‍රශංසා කළේ ඇයි?

  • මිනිසුන් බරින් පීඩිත වෙලා හිටියේ මොන හේතු නිසාද? යේසුස් ඔවුන්ට සහනයක් ලබා දුන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න