ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 31 පරි. 76 පි.-77 පි. 2 ¶
  • ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සබත් දවසේදී ධාන්‍ය කරල් කැඩීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ක්‍රිස්තියානීන් සබත් දවස පවත්වන්න ඕනද?
    බයිබලයෙන් උත්තර
  • ක්‍රිස්තියානින් නිවාඩු දවසක් පැවැත්විය යුතු ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සබත් දවසේ කරන්න හොඳ මොන වගේ දේවල්ද?
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 31 පරි. 76 පි.-77 පි. 2 ¶
යේසුස්ගේ ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩලා කනවා

31වෙනි පරිච්ඡේදය

ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි

මතෙව් 12:1-8 මාක් 2:23-28 ලූක් 6:1-5

  • සබත් දවසක ගෝලයන් ධාන්‍ය කරල් කඩයි

  • සබත් දවස පවතින්නේ යේසුස්ගේ “බලය යටතේයි”

උතුරු දෙසට ගමන් කරන යේසුස් සහ ඔහුගේ ගෝලයන් දැන් යන්නේ ගලීලයට. මේ වසන්ත කාලය නිසා පැහුණු ධාන්‍ය කරල්වලින් කෙත්වතු පිරිලා. කෙතක් මැදින් යන ගෝලයන් බඩගින්නට ධාන්‍ය කරල් කඩාගෙන කන්න පටන්ගන්නවා. සබත් දවසකදී ඔවුන් කරන ඒ දේ පරිසිවරුන් දකිනවා.

ටික දවසකට කලින් තමයි යේසුස් සබත කඩ කළා කියලා චෝදනා කරමින් යුදෙව්වන් ඔහුව මරා දාන්න හිතුවේ. දැන් පරිසිවරුන් ගෝලයන්ට චෝදනා කරමින් “බලන්න! ඔබේ ගෝලයෝ සබත් දවසේදී කිරීමට තහනම් දෙයක් කරනවා” කියා යේසුස්ට පවසනවා.—මතෙව් 12:2.

පරිසිවරුන් හිතන්නේ ධාන්‍ය කරල් කඩලා ඒවා අතින් පොඩි කරන එක අස්වැන්න නෙළලා කරල් මඩිනවා හා සමාන දෙයක් කියලයි. (නික්මයාම 34:21) සබත් දවසේදී වැඩ කරන එක ගැන පරිසිවරුන් දරන්නේ දැඩි මතයක්. ඒ නිසා සබත පවත්වන එකත් මිනිසුන්ට බරක් වෙලයි තියෙන්නේ. හැබැයි ඇත්තටම යෙහෝවා දෙවියන් සබත පවත්වන්න කිව්වේ හැමෝටම සතුටු වෙන්නත් දෙවිට තව ළං වෙන්නත් අවස්ථාව උදා කරන්නයි. ඒ නිසා පරිසිවරුන්ගේ මතය වැරදියි කියලා පෙන්වන්න යේසුස් උදාහරණ කිහිපයක් යොදාගන්නවා.

යේසුස් මුලින්ම මතක් කරන්නේ දාවිත් සහ ඔහුත් එක්ක හිටිය මිනිසුන් කරපු දේ ගැනයි. ඒ අය බඩගිනි වුණු වෙලාවක ශුද්ධ කූඩාරම ළඟ නතර වෙලා පිදීමේ රොටි කෑවා. සාමාන්‍යයෙන් ශුද්ධ කූඩාරමේ යෙහෝවා දෙවියන් ඉදිරියේ අලුත් රොටි තියන හැම වෙලාවකම කලින් තිබුණු රොටි අයින් කරනවා. අයින් කරන ඒ රොටි කෑවේ පූජකයන්. ඒත් ඒ වෙලාවේ තිබුණු තත්වය හැටියට දාවිත් සහ එයත් එක්ක හිටිය මිනිසුන් ඒ රොටි කාපු එක වරදක් හැටියට සැලකුවේ නැහැ.—ලෙවී කතාව 24:5-9; 1 සාමුවෙල් 21:1-6.

ඊළඟට යේසුස් සඳහන් කරන්නේ පූජකයන් ගැන. “දේවමාලිගාවෙහි පූජකයන් සබත් දවසේදී පවා වැඩ කරනවා. ඒ වුණත් ඔවුන් නිදොස් බවට නීතියේ සඳහන්ව ඇති දේ ඔබ කියවා නැද්ද” කියා ඔහු අසනවා. යේසුස් එහෙම අහන්නේ සබත් දවස්වල වුණත් පූජකයන් පූජා සඳහා සතුන්ව මරන එක ඇතුළු දේවමාලිගාවේ වෙනත් වැඩවල යෙදෙන නිසයි. ඊටපස්සේ යේසුස් මෙහෙම කියනවා. “මා ඔබට කියන්නේ, දේවමාලිගාවට වඩා උතුම් ලෙස සැලකිය යුතු කෙනෙක් මෙහි සිටින බවයි.”—මතෙව් 12:5, 6; ගණන් කතාව 28:9.

කාරණය තහවුරු කරන්න යේසුස් ශුද්ධ ලියවිල්ලේ සඳහන් තවත් දෙයක් මතක් කරමින් පවසන්නේ “‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’ යන කියමනේ නියම අර්ථය ඔබ තේරුම්ගෙන සිටියා නම් ඔබ නිදොස් අය පිට වරද තබන්නේ නැහැ” කියායි. ඔහු මෙහෙමත් කියනවා. “ඇත්තෙන්ම සබත් දවස පවතින්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේයි.” යේසුස් ඒ විදිහට සඳහන් කරන්නේ අනාගතයේදී දේවරාජ්‍යයේ රජු හැටියට අවුරුදු දහසක් පුරා ඔහු කරන සාමකාමී පාලනය ගැනයි.—මතෙව් 12:7, 8; හොෂෙයා 6:6.

සැහැසික ක්‍රියා සහ යුද්ධවලින් පිරුණු සාතන්ගේ පාලනය නිසා මුළු මිනිස් වර්ගයාම බොහෝ කාලයක් තිස්සේ දුක් වේදනා විඳිනවා. ඒත් ක්‍රිස්තුස්ගේ පාලනය ඊට වඩා හුඟක් වෙනස්. සබත් දවසෙන් නියෝජනය වෙන ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ මිනිසුන් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්න නිදහස සහ සැනසීම අද්දකින්න ලැබෙනවා.

  • පරිසිවරුන් යේසුස්ගේ ගෝලයන්ට විරුද්ධව කරපු චෝදනාව මොකක්ද? ඒ ඇයි?

  • පරිසිවරුන්ගේ මතය වැරදියි කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

  • සබත් දවස තියෙන්නේ යේසුස්ගේ “බලය යටතේ” කියලා කියන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න