වමේ: කොරියාවේ පූර්ණකාලීනව දෙවිට සේවය කරපු සහෝදරියක් 1931දී ශුභාරංචිය දැනුම් දෙමින්; දකුණ: සංඥා භාෂාවෙන් කොරියාවේ ශුභාරංචිය දැනුම් දෙන ගමන්
2වෙනි කොටස
රාජ්‍යය ගැන දේශනා කරයි
නිවාඩු දවසේ උදෙන්ම ඔබ දේශනා සේවයේ යන්න සූදානම් වෙනවා. හැබැයි ටිකක් මහන්සි ගතියක් දැනෙන නිසා අද ගෙදර ඉන්න තිබුණා නම් හොඳයි කියලත් ඔබට හිතෙනවා. ඒත් ඔබ ඉක්මනින්ම යාච්ඤාවක් කරලා සේවයේ යන්න පිටත් වෙනවා. ඔබට වැඩ කරන්න ලැබෙන්නේ කාලයක් තිස්සේ දෙවිට විශ්වාසවන්තව ඉන්න වැඩිහිටි සහෝදරියක් එක්ක. ඒ සහෝදරියගේ විඳදරාගැනීම සහ කරුණාවන්තකම ඔබේ හිතට තදින්ම කාවදිනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ගෙයින් ගෙට ගිහින් සත්‍ය පණිවිඩය ගැන මිනිසුන්ට කියද්දී ඔබට මතක් වෙනවා ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් ඔබ ඉදිරිපත් කරන ප්‍රකාශනම පාවිච්චි කරලා සත්‍ය පණිවිඩය ගැන මිනිසුන්ට කියනවා නේද කියලා. ඔබ සේවය නතර කරන වෙලාව එද්දී සේවයේ තවත් වැඩියෙන් හවුල් වෙන්න ඔබට ලොකු ආශාවක් ඇති වෙලා. මුලදී මහන්සියක් දැනුණත් ගෙදර ඉන්නේ නැතුව සේවයේ හවුල් වුණු එක ගැන ඔබට දැනෙන්නේ පුදුම සතුටක්.
දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන් අද සිද්ධ වෙන වැදගත්ම කාර්යය තමයි දේශනා සේවය. අවසාන කාලයේදී වෙන කවරදාකටත් වඩා වැඩියෙන් පොළොව පුරාම දේශනා සේවය සිද්ධ වෙනවා කියලා යේසුස් කලින්ම කිව්වා. (මතෙ. 24:14) යේසුස් කියපු ඒ දේ ඉටු වෙලා තියෙන්නේ කොහොමද? මිලියන ගණන් සෙනඟකට ශුභාරංචිය කියන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු අය ගැනත් ඒ අය පාවිච්චි කරපු ක්‍රම සහ දේවල් ගැනත් මේ කොටසෙන් දැනගන්න පුළුවන්.