ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ia 205-208 පි.
  • අවසානය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවසානය
  • ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • සමාන තොරතුරු
  • ‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විශ්වාසය - නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
ia 205-208 පි.

අවසානය

“විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව අනුකරණය කරන්න.”—හෙබ්‍රෙව් 6:12.

1, 2. දෙවි කෙරෙහි විශ්වාසයක් වර්ධනය කරගැනීම මේ කාලයේදී අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි කියා නිදර්ශනයකින් පැහැදිලි කරන්න.

අපි හැමෝටම අනිවාර්යයෙන්ම දෙවි කෙරෙහි විශ්වාසයක් තියෙන්නම ඕනේ. එවැනි විශ්වාසයක් අපිට නැත්නම් අපි එය ඇති කරගැනීමට දැන්ම පියවර ගනිමු. දැනටමත් අපිට දෙවි කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම් දිගටම එය රැකගැනීමටත් දිනෙන් දින එය වර්ධනය කරගැනීමටත් වෑයම් කරමු.

2 හිතන්න ඔබ කාන්තාරයක ගමන් කරනවා කියලා. ඒ වගේ ගමනකට වතුර නැතුවම බැහැ. ඒ නිසා වතුර ලැබුණාම ඒක ආරක්ෂා කරගන්න ඔබ උපරිමය කරනවා. ඒ විතරක් නෙවෙයි වතුර ඉවර වේගෙන එද්දී කොහොමහරි වතුර පුරවාගන්නවා. ඔබේ ගමනාන්තයට යන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි. අද අපි ජීවත් වෙන සමාජයේ වැඩි හරියක් ඉන්නේ දෙවි කෙරෙහි විශ්වාසයක් නැති අයයි. ඒ නිසා අපිට තියෙන විශ්වාසය රැකගැනීමටත් එය ශක්තිමත් කරගැනීමටත් අපි වෑයම් කළේ නැත්නම් දෙවි එක්ක තියෙන අපේ මිත්‍රත්වය නැති වෙන්න පුළුවන්.—රෝම 1:17.

3. විශ්වාසය ඇති කරගැනීමට යෙහෝවා දෙවි අපිට සපයා දී තිබෙන්නේ මොනවාද? අපි සිහියේ තබාගන්න ඕනේ මොන කාරණා දෙකද?

3 අපිට දෙවි කෙරෙහි විශ්වාසයක් තිබීම මොන තරම් අත්‍යවශ්‍යද කියා යෙහෝවා දෙවි හොඳින්ම දන්නවා. ඒ විතරක් නෙවෙයි, එවැනි විශ්වාසයක් දිගටම පවත්වාගෙන යෑම මොන තරම් අභියෝගයක්ද කියලත් ඔහු දන්නවා. අනුකරණය කළ හැකි ආදර්ශ බොහොමයක් ඔහු අපිට සපයා දී තිබෙන්නේ ඒ නිසයි. ඒ වගේම “විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව අනුකරණය කරන්න” කියාත් ඔහු අපිට පවසා තිබෙනවා. (හෙබ්‍රෙ. 6:12) මෙම පොතේ සඳහන් චරිත ඇතුළු දෙවිට විශ්වාසවන්තව සිටි අනිකුත් සේවකයන්ගේ ආදර්ශ අනුකරණය කරන්න කියා දෙවිගේ සංවිධානය අපිට දිරිගන්වන්නෙත් ඒ නිසයි. මේ වැදගත් කාරණා දෙක කිසිදාක අමතක කරන්න එපා. (1) විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න. (2) බලාපොරොත්තුව මනසේ පැහැදිලිව තබාගන්න.

4. දෙවි කෙරෙහි විශ්වාසයක් පවත්වාගන්නවාට යක්ෂයා කැමති නැහැ කියා පවසන්න පුළුවන් ඇයි? අපි ලත වෙන්න අවශ්‍ය නැත්තේ ඇයි?

4 විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න. අපි දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නවාට අපේ ප්‍රධාන සතුරා වන යක්ෂයා පොඩ්ඩක්වත් කැමති නැහැ. අද සමාජයේ දෙවි කෙරෙහි විශ්වාසයක් පවත්වාගැනීම අසීරු දෙයක් කියා සිතන්න ඔහු මිනිසුන්ව පොලඹවා තිබෙනවා. යක්ෂයා අපිට වඩා බොහෝ සෙයින් බලවත් බව ඇත්තයි. ඒත් අපිට දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමට සහ එය දිගටම ශක්තිමත් කරගැනීමට නොහැකි වෙයි කියා අපි ලත වෙන්න ඕනෙද? නැහැ. යක්ෂයාව පරාජය කරන්න අපට උපකාර කරන බවට දෙවි සහතික කර තිබෙනවා. (යාකො. 4:7) අපිට යක්ෂයාව පරාජය කරන්න පුළුවන් වෙන්නේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට සෑම දවසකම වෑයම් කරනවා නම් පමණයි. අපිට එය කරන්න පුළුවන් කොහොමද?

5. පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ට විශ්වාසය ඇති කරගැනීමට පුළුවන් වුණේ කොහොමද?

5 පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ට උපතින්ම දෙවි කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැහැ. ඔවුන් විශ්වාසය ඇති කරගැනීමට දෙවිගේ උපකාරය පැතුවා. යෙහෝවා දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස විශ්වාසය ඇති කරගන්න ඔවුන්ට පුළුවන් වුණා. (ගලා. 5:22, 23) අපිත් දෙවිට යාච්ඤා කරනවා නම් සහ ඊට එකඟව ජීවත් වෙනවා නම් දෙවි තම බලය නොමසුරුව ලබා දෙන බව නිසැකයි.—ලූක් 11:13.

6. බයිබල් චරිත ගැන අධ්‍යයනය කිරීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් අපි කරන්න ඕනේ මොනවාද?

6 මෙම පොතේ සඳහන් වෙන්නේ දෙවිට විශ්වාසවන්තව සිටි සේවකයන් අතරින් කිහිපදෙනෙක් ගැන පමණයි. නමුත් දෙවිට විශ්වාසවන්තව සිටි තවත් බොහෝ පිරිසක් සිටිනවා. (හෙබ්‍රෙව් 11:32 කියවන්න.) ඒ සෑම කෙනෙකු ගැනම ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අපිට බොහෝ ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. ඒත් බයිබලයේ සඳහන් තොරතුරු උඩින් පල්ලෙන් කියෙව්වොත් නම් අපිට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම සිද්ධීන් ගැනත් ඒවාට මඟ පෑදූ දේවල් ඇතුළු තවත් අමතර තොරතුරු ගැනත් හොඳින් අධ්‍යයනය කරමු. බයිබලයේ සඳහන් එම චරිත “අප හා සමාන හැඟීම් ඇති” අය බව අමතක කරන්න එපා. (යාකො. 5:17) අපි මුහුණ දෙනවා හා සමාන ප්‍රශ්න ගැටලුවලට ඔවුන් මුහුණ දුන් අවස්ථාවලදී ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගන්න එය අපිට උපකාරවත් වෙයි.

7-9. (අ) පුරාණයේ සිටි විශ්වාසවන්ත සේවකයන්ට අද අපට ලැබී තිබෙනවා හා සමාන පැවරුම් ලැබුණා නම් ඔවුන්ට ඒ ගැන කොහොම හැඟෙයිද? (ආ) අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වීම අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි?

7 “ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයකි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යාකො. 2:26) ඒ නිසා අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ. මෙම පොතේ සඳහන් විශ්වාසවන්ත සේවකයන්ට, අපි දෙවිට නමස්කාර කරන අයුරින් නමස්කාර කරන්න අවස්ථාව ලැබුණා නම් ඔවුන් ඒ ගැන මොන තරම් සතුටු වෙයිද!

8 පාළුකරයේ ගලින් සෑදූ පූජාසනයක් මත දෙවිට පූජා ඔප්පු කරනවා වෙනුවට නමස්කාර මධ්‍යස්ථානවල හෝ සමුළු ශාලාවල අන් අය සමඟ එකතු වී දෙවි දී තිබෙන පොරොන්දු ගැන විස්තරාත්මකව ඉගෙනගන්න ආබ්‍රහම්ට අවස්ථාවක් ලැබුණා නම් ඔහුට කොහොම හැඟෙයිද? (හෙබ්‍රෙව් 11:13 කියවන්න.) දුෂ්ට රජ කෙනෙකුගේ පාලනය යටතේ යෙහෝවා දෙවිට නමස්කාර කරමින් බොරු අනාගතවක්තෘවරුන්ව විනාශ කරනවා වෙනුවට අද මෙන් මිනිසුන්ට සාමයේ පණිවිඩයක් දේශනා කරන්න එලියාට අවස්ථාව ලැබුණා නම් ඔහුට ඒ ගැන කොහොම හැඟෙයිද? ඔවුන් හද පිරි සතුටින් තම උපරිමයෙන් එම පැවරුම් ඉටු කරන බවට නම් සැකයක් නැහැ.

9 අපිට ලැබී තිබෙන පැවරුම් උපරිමයෙන් ඉටු කරමින් අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වමු. එසේ කිරීමෙන් බයිබලයේ සඳහන් විශ්වාසවන්ත ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ ආදර්ශ කිට්ටුවෙන් අනුකරණය කිරීමට අපිට පුළුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි, මෙම පොතේ හැඳින්වීමේ සඳහන් වූ ලෙස ඔවුන්ව අපේ කිට්ටු මිතුරන් ලෙස සලකන්නත් අපිට පුළුවන් වෙයි.

10. පාරාදීසයේදී අපිට සතුටු වෙන්න තියෙන එක් හේතුවක් කුමක්ද?

10 බලාපොරොත්තුව මනසේ පැහැදිලිව තබාගන්න. පුරාණයේ සිටි එම විශ්වාසවන්ත සේවකයන්ට දෙවි දී තිබුණු බලාපොරොත්තුව මනසේ පැහැදිලිව තිබුණා. ඔබේ මනසෙත් එය පැහැදිලිව තිබෙනවාද? අනාගතයේ ‘ධර්මිෂ්ඨ අය නැවත නැඟිටින’ කාලයේදී ඔවුන්ව මුණගැසීමට ලැබීමෙන් අපිට මොන තරම් සතුටක් දැනෙයිද කියා සිතන්න. (ක්‍රියා 24:15 කියවන්න.) ඔබ ඔවුන්ගෙන් දැනගන්න කැමති මොන වගේ දේවල් ගැනද?

11, 12. පාරාදීස පොළොවේදී ඔබ (අ) ආබෙල්ගෙන්, (ආ) නෝවාගෙන්, (ඇ) ආබ්‍රහම්ගෙන්, (ඈ) රූත්ගෙන්, (ඉ) අබිගායිල්ගෙන් සහ (ඊ) එස්තර්ගෙන් අහන්න කැමති මොනවාද?

11 ඔබට ආබෙල්ව මුණගැසුණොත් “ඔයාගේ දෙමාපියන් මොන වගේ අයද, ඒදන් උයනේ හිටිය කෙරුබ්වරුන් එක්ක ඔයා කතා කළාද” කියා ඔබ අහන්න ඉඩ තියෙනවා. ඔබට නෝවාව මුණගැසුණොත් “ඔයාට නෙෆිලිම්වරුන් ගැන භය හිතුණාද, නැවේ හිටිය සතුන්ව ඒ තරම් කාලයක් බලාගත්තේ කොහොමද” කියා ඔබ අහන්න ඉඩ තියෙනවා. ආබ්‍රහම්ව මුණගැසුණොත් “ඔයාට ෂෙම්ව මුණගැසුණාද, යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ කාගෙන්ද, ඌර් දේශය දාලා යන්න ඔයාට දුක හිතුණාද” කියා ඔබ අහන්න කැමති වෙයි.

12 දෙවිට විශ්වාසවන්තව සිටි ස්ත්‍රීන්ව ඔබට මුණගැසුණොත් ඔබ ඔවුන්ගෙන් අහන්නේ මොනවාද? “රූත්, ඔයා යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණය කළේ ඇයි” “අබිගායිල්, ඔයා දාවිත්ට උදව් කළා කියලා නාබල්ට කියද්දී ඔයාට භය හිතුණේ නැද්ද?” “එස්තර්, බයිබලයේ ඔයයි මොර්දෙකයි ගැන සඳහන් වෙලා තියෙන සිද්ධියෙන් පස්සේ මොනවාද වුණේ?”

13. (අ) පුරාණයේ සිටි සේවකයන් ඔබෙන් මොන වගේ ප්‍රශ්න අහයිද? (ආ) ඔවුන්ව මුණගැසීමට ලැබීම ගැන ඔබට සිතෙන්නේ කොහොමද?

13 පුරාණයේ සිටි විශ්වාසවන්ත සේවකයන්ට ඔබෙන් අසන්නත් බොහෝ දේවල් තියෙයි. අවසාන කාලයේදී සිදු වුණු දේවල් ගැනත් පීඩා සහිත කාලයන්වලදී පවා යෙහෝවා දෙවි තම සෙනඟව රැකබලා ගත් ආකාරය ගැනත් දැනගන්න ඒ අය මොන තරම් සතුටු වෙයිද! ඒ විතරක් නෙවෙයි, දෙවිගේ සෑම පොරොන්දුවක්ම ඒ අයුරින්ම ඉටු වී තිබෙන අයුරු දැනගන්න ලැබෙද්දී ඔවුන්ට ඒ ගැන කොහොම හැඟෙයිද! ඒ කාලයේදී අපිට ඔවුන් ගැන සිතින් මවාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ව අපිට දෑහින්ම දැකගන්න ලැබෙනවා. ඔව්, පාරාදීස පොළොවේදී අපිට ඒ අයව කිට්ටුවෙන්ම ඇසුරු කරන්න පුළුවන්. දැන් ඉඳලාම ඔවුන්ව ඔබේ මිතුරන් ලෙස දකින්න උත්සාහ කරන්න. ඔවුන්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය කිට්ටුවෙන් අනුකරණය කරන්න. ඔබටත් ඔබේ මිතුරන්ටත් සදහටම සතුටින් යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න