ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • T-31 1-4 පි.
  • අනාගතයේදී මොනවා වෙයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනාගතයේදී මොනවා වෙයිද?
  • අනාගතයේදී මොනවා වෙයිද?
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
  • දුක් කරදර කවදා හරි නැති වෙයිද?
    දුක් කරදර කවදා හරි නැති වෙයිද?
  • මේ ලෝකේ පාලනය කරන්නේ කවුද?
    මේ ලෝකය පාලනය කරන්නේ කවුද?
  • මැරුණු අයට ආයෙත් ජීවිතේ ලැබෙයිද?
    මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?
තව තොරතුරු
අනාගතයේදී මොනවා වෙයිද?
T-31 1-4 පි.

අනාගතයේදී මොනවා වෙයිද?

මේ ලෝකයේ තත්වය . . .

  • කිසිම වෙනසක් වෙන එකක් නැද්ද?

  • දරුණු වෙයිද?

  • හොඳ අතට හැරෙයිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා. මරණය නැත්තටම නැති වෙනවා. ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ. කලින් විඳින්න වුණ හැම දුකක්ම නැති වෙලා ගිහින්.”—එළිදරව් 21:3, 4, ‘නව ලොව පරිවර්තනය.’

ඒක විශ්වාස කරද්දී ලැබෙන ප්‍රයෝජන

සතුටක් ලැබෙන, අර්ථවත් වැඩ කරන්න පුළුවන්.—යෙසායා 65:21-23.

කිසිම ලෙඩක් දුකක් නැති කාලයක ජීවත් වෙන්න පුළුවන්.—යෙසායා 25:8; 33:24.

පවුලේ අය, යාළුවන් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. —ගීතාවලිය 37:11, 29.

පිරිමි කෙනෙක් සහ ගැහැනු කෙනෙක් අනාගතය ගැන හිතලා සතුටු වෙනවා. පොඩි දුවෙක් පැලේකට වතුර දානවා. මනුස්සයෙක් ගෙයක් හදනවා

බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. හේතු දෙකක් බලන්න.

  • පොරොන්දු ඉටු කරන්න දෙවියන්ට පුළුවන්. බයිබලයේ යෙහෝවාව හඳුන්වන්නේ “සියලු බලැති” දෙවියන් විදිහටයි. (එළිදරව් 15:3) ඒ කියන්නේ දෙවියන්ගේ බලයට සීමාවක් නැහැ. ඉතින් පොරොන්දු වුණ විදිහට අපිට හොඳ කාලයක් දෙන්න ඔහුට පුළුවන්. බයිබලයේ කියන්නේ ‘දෙවියන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්’ කියලයි.—මතෙව් 19:26.

  • ඒ පොරොන්දු ඉටු කරන්න දෙවියන් ආසාවෙන් බලන් ඉන්නවා. උදාහරණෙකට මැරුණ අයට ආයෙත් ජීවිතේ දෙන්න දෙවියන් “ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා” කියලා බයිබලයේ කියනවා.—යෝබ් 14:14, 15.

    දෙවියන්ගේ පුතා යේසුස් පොළොවේ ඉද්දී අසනීප අයව සුව කළා. ඔහු එහෙම කළේ එයාලව සුව කරන්න ඔහුට ලොකු ආසාවක් තිබුණ නිසයි. (මාක් 1:40, 41) අසරණ අයට උදව් කරන්න යේසුස්ට තිබුණ ආසාවෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ පියා වන යෙහෝවාට ඒ දේ කරන්න කොච්චර ආසාවක් තියෙනවාද කියන එකයි.—යොහන් 14:9.

    ඉස්සරහට අපිට හොඳ ජීවිතයක් දෙන්න යෙහෝවා දෙවියනුත් යේසුත් හරිම ආසාවෙන් ඉන්නවා කියන දේ ගැන අපි කිසිම සැකයක් තියාගන්න ඕනෙ නැහැ.—ගීතාවලිය 72:12-14; 145:16; 2 පේතෘස් 3:9.

මේ ගැන හිතන්න

කෙනෙක් බයිබල් පදයක් පෙන්නනවා

ඉස්සරහට දෙවියන් අපිට හොඳ කාලයක් දෙන්නේ කොහොමද?

ඒකට උත්තරේ බයිබලයේ මතෙව් 6:9, 10 සහ දානියෙල් 2:44 තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න