ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp1 215 පි.
  • ඔබට ආදර්ශයක්—රූත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට ආදර්ශයක්—රූත්
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • සමාන තොරතුරු
  • “ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ගුණයහපත් ස්ත්‍රියක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රූත් පොතෙන් විශේෂාංග
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අගනා කාන්තාවක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
yp1 215 පි.

ඔබට ආදර්ශයක්—රූත්

වැන්දඹුවක් වූ රූත් විශ්වාසවන්තකම පිළිබඳ කදිම ආදර්ශයක්. ඇය සැප පහසු ජීවිතයක් ගත කිරීමට තිබුණු අවස්ථාව අත්හැර තම වයසක නැන්දම්මා සමඟ ජීවත් වීමට තීරණය කළා. ඇයට නැවත විවාහ වීමට තිබූ ප්‍රස්තාව ගිලිහී යන්න ඉඩ තිබුණත් රූත් තමා ගැන පමණක් සිතුවේ නැහැ. ඇගේ නැන්දම්මා වූ නායොමිට තිබූ ආදරයත් යෙහෝවා දෙවිගේ සෙනඟ සමඟ ජීවත් වීමට තිබූ ආශාවත් නිසා ඇය විවාහ වීමට හදිසි වුණේ නැහැ.—රූත් 1:8-17.

ඔබ විවාහය ගැන සිතමින් සිටිනවාද? එසේනම් හැඟීම්වලට වහල් නොවී රූත් මෙන් විවාහ ජීවිතයට ප්‍රයෝජනවත් වන ගුණාංග වර්ධනය කිරීමට උත්සාහ කරන්න. උදාහරණයකට, ඔබ විශ්වාසවන්ත කෙනෙක්ද? කැප කිරීම් කරන්න කැමති කෙනෙක්ද? හදවත ඔබව වැරදි දේට පෙලඹුවත් දෙවිගේ ප්‍රතිපත්තිවලට ඇලී සිටින කෙනෙක්ද? රූත්ට වැදගත්ම දේ වුණේ විවාහ සහකරුවෙක්ව සොයාගැනීම නොවෙයි. නමුත් කාලයක් යන විට ඇයට ස්වාමිපුරුෂයෙක් ලැබුණා. ඔහු අවබෝධයෙන් කටයුතු කරන, ඇගේ ගතිගුණවලට සමාන ගතිගුණ තිබූ කෙනෙක්. ඒ සියලු දේට වඩා වැදගත් වුණේ ඔහු යෙහෝවා දෙවිට ප්‍රේම කළ කෙනෙක් වීමයි. ඔබටත් එවැනි ආශීර්වාදයක් ලැබේවි!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න