ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp1 97 පි.
  • ඔබට ආදර්ශයක්—යෝබ්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට ආදර්ශයක්—යෝබ්
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • සමාන තොරතුරු
  • යෝබ් විඳදරාගත්තේය—එසේ අපටත් හැක!
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ”
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
yp1 97 පි.

ඔබට ආදර්ශයක්—යෝබ්

යෝබ් සතු සියල්ල ඔහුට අහිමි වුණේ ඔහු නොසිතූ ලෙසයි. මුලින්ම ඔහුගේ ආදායම් මාර්ග අහිමි වුණා. ඊළඟට ඔහුගේ දරුවන් මිය ගියා. අන්තිමේදී ඔහු බරපතළ ලෙස අසනීප වුණා. මේ හැම දේම සිදු වුණේ කෙටි කාලයකදීයි. දරාගත නොහැකි වේදනාවකින් ඔහු මෙසේ පැවසුවා. ‘මට මාගේ ජීවිතය තිත්ත වී ඇත. දුක් පීඩා හා නින්දා නිසා මාගේ හිස ඔසවන්න මට නොහැකිය.’ (යෝබ් 10:​1, 15) නමුත් ඒ සියල්ල හමුවේ යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියා. (යෝබ් 2:10) ඔහු ගත කරමින් සිටි ජීවිතය වෙනස් වුණත් ඔහු වෙනස් වුණේ නැහැ. යෝබ් විඳදරාගැනීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්.

දුක් ගැහැටවලට මුහුණ දෙන විට ‘ඔබේ ජීවිතය තිත්ත වී ඇති’ බවක් ඔබටත් හැඟෙන්න පුළුවන්. ඒ වුණත් යෝබ් මෙන් ඔබටත් ජීවිතයේ සිදු වන වෙනස්කම් හමුවේ වෙනස් නොවී ස්ථිරව යෙහෝවා දෙවිට දිගටම සේවය කළ හැකියි. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පීඩා විඳදරාගෙන සිටින අය සන්තෝෂවත් කියා අපි ප්‍රකාශ කරන්නෙමු. යෝබ් විඳදරාගත් ආකාරය ගැන ඔබ අසා ඇති අතර යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළ ආකාරය ගැනත් ඔබ දන්නහුය. ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙකු බවය.” (යාකොබ් 5:11) දෙවි යෝබ්ව රැකගත් ආකාරයටම ඔබවත් රැකගනීවී!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න