තවත් තොරතුරු දැනගන්න ඔබ කැමතිද?
මෙම සඟරාවේ තිබෙන්නේ බයිබලයේ තිබෙන පණිවිඩයේ සාරාංශයක් පමණයි. බයිබලයේ සඳහන් සෑම විෂයක් ගැනම තොරතුරු මෙහි සඳහන් වී නැහැ.
සමහරවිට ඔබ මෙවැනි ප්රශ්න ගැන කල්පනා කර ඇති. අප ගැන සලකන දෙවි කෙනෙක් සිටීද? කෙනෙක් මිය යන විට සිදු වන්නේ කුමක්ද? සතුටින් පිරි ජීවිතයක් ගත කරන්නේ කෙසේද?
එවැනි ප්රශ්නවලට පිළිතුරු බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතෙන් ඔබට දැනගත හැකියි. එම පොතෙහි බයිබලයේ සඳහන් විවිධ විෂයන් ගැන තොරතුරු ඇතුළත් වන අතර ඒ සෑම විෂයකටම අදාළ බයිබල් පද තර්කානුකූලව පැහැදිලි කර තිබෙනවා. පහත දක්වා ඇති කූපනය පුරවා අදාළ ලිපිනයකට යවා ඔබට එම පොත ලබාගත හැකියි.
www.jw.org/si හරහා මේ පොත කියවන්න, ඩවුන්ලෝඩ් කරගන්න හෝ නොමිලේ කරන බයිබල් සාකච්ඡාවක් ඉල්ලුම් කරන්න පුළුවන්.