ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 21 කොටස 24 පි.
  • යේසුස්ව නැවත නැඟිටුවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ව නැවත නැඟිටුවයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ ගෝලයෝ නිර්භීතව දේශනා කරයි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • දෙවි තමන්ගේ පුතාව අමතක කළේ නැහැ
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස්ව නැවත නැඟිට්ටවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස් අවසන් කාලය ගැන කතා කරයි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 21 කොටස 24 පි.
යේසුස් ස්වර්ගයට යනවා

21වන පාඩම

යේසුස්ව නැවත නැඟිටුවයි

තම ගෝලයන්ට අවශ්‍ය උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දීමට යේසුස් කිහිප වතාවක්ම ඔවුන් ඉදිරියේ පෙනී සිටියි

යේසුස් මිය ගොස් තුන්වෙනි දවසේ ඔහුගේ ගෝලයන් වූ ස්ත්‍රීන් කිහිපදෙනෙක් ඔහුව තැන්පත් කර තිබූ සොහොන් ගෙය ළඟට ගියා. එවිට සොහොන් ගෙය වසා තිබූ විශාල ගල අහකට පෙරළා ඇති බවත් සොහොන් ගෙය හිස්ව තිබෙන බවත් ඔවුන් දුටුවා.

දේවදූතයන් දෙදෙනෙක් ඒ අවස්ථාවේදී ඔවුන් ඉදිරියේ පෙනී සිටි අතර එක් දේවදූතයෙක් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ සොයන්නේ . . . නාසරෙත් නුවරේ යේසුස්ව කියා මම දන්නවා. ඔහුව මරණයෙන් නැඟිටුවා තිබෙනවා.” (මාක් 16:6) ස්ත්‍රීන් එය අසා ඒ ගැන මුල් ගෝලයන්ට දැනුම් දීමට ඉක්මනින්ම එතැනින් පිටත්ව ගියා. ඔවුන් යන අතරමඟදී නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ඔවුන් ඉදිරියේ පෙනී, “බිය නොවන්න! ගොස් මගේ සහෝදරයන්ට මේ ගැන දන්වන්න. එවිට ඔවුන් ගලීලයට යයි. එහිදී මාව දකින්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයි” කියා පැවසුවා.—මතෙව් 28:10.

එදිනම වෙනත් අවස්ථාවක යේසුස්ගේ ගෝලයෝ දෙදෙනෙක් යෙරුසලමේ සිට එම්මාවුස් නම් ගම්මානයට යමින් සිටියදී ඒ ගමනට අමුත්තෙක් එක් වුණා. ඔවුන් සමඟ එක් වූ ඒ අමුත්තා වූයේ නැවත නැඟිටුවනු ලැබූ යේසුස්. නමුත් ඔහුව හඳුනාගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ අමුත්තා ගෝලයන් දෙදෙනාගෙන් ඔවුන් කතා කරමින් සිටින දේ ගැන විමසුවා. ඉතා කනස්සල්ලෙන් සිටි ඔවුන්, කතා කරමින් සිටියේ යේසුස් ගැන බව ඔහුට පැවසුවා. එවිට ඒ අමුත්තා ක්‍රිස්තුස් ගැන ශුද්ධ ලියවිල්ලේ තිබෙන තොරතුරු සියල්ලක්ම ඔවුන්ට තේරුම් කර දුන්නා. ක්‍රිස්තුස් ගැන කලින් පවසා තිබූ සෑම දෙයක්ම යේසුස් තුළින් ඒ අයුරින්ම ඉටු වුණා.a ඔවුන් සමඟ ගමන් කළ ඒ අමුත්තා යේසුස් බව ඔවුන් හඳුනාගත් මොහොතේම යේසුස් අතුරුදහන් වුණා.

යේසුස්ව හඳුනාගත් ඔවුන් දෙදෙනා නැවත යෙරුසලමට හැරී ගොස් දොරවල්වල අගුල් දමාගෙන ඉතා භයෙන් සිටි යේසුස්ගේ මුල් ගෝලයන්ව හමු වුණා. ඔවුන් දෙදෙනා මුල් ගෝලයන්ට නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ඔවුන් ඉදිරියේ පෙනී සිටි ආකාරය විස්තර කළා. ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන් සියලුදෙනා ඉදිරියේ පෙනී සිටියා. එය අදහාගත නොහැකිව ඔවුන් බලා සිටි නිසා යේසුස්, ‘ඔබ සැකයෙන් මා දෙස බලන්නේ ඇයි’ කියා ඔවුන්ගෙන් ඇසුවා. ඔහු තවදුරටත් ඔවුන්ට මෙසේ පැවසුවා. “ශුද්ධ ලියවිල්ලේ ලියා තිබුණු ආකාරයට ක්‍රිස්තුස් දුක් විඳ මිය ගියත් තුන්වෙනි දවසේදී මරණයෙන් නැඟිටිය යුතුයි.”—ලූක් 24:38, 46.

නැවත නැඟිටීමෙන් පසු දවස් 40ක් පුරා විවිධ අවස්ථාවලදී යේසුස් තම ගෝලයන් ඉදිරියේ පෙනී සිටි අතර එක් අවස්ථාවකදී 500දෙනෙක් ඉදිරියේ පෙනී සිටියා. සමහරවිට මෙම වැදගත් පැවරුම ඔහු තම ගෝලයන්ට භාර දුන්නේ එම අවස්ථාවේදී විය හැකියි. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. . . . මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න. මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.”—මතෙව් 28:19, 20.

යේසුස් තම විශ්වාසවන්ත ගෝලයන් 11දෙනා ඉදිරියේ පෙනී සිටි අවසාන අවස්ථාවේදී ඔවුන්ට මෙවැනි පොරොන්දුවක් දුන්නා. “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ . . . පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) ඉන් අනතුරුව යේසුස්ව ඉහළට ඔසවාගත් අතර වලාකුළකින් වැසී ගිය නිසා ගෝලයන්ට ඔහුව තවදුරටත් දැකගැනීමට හැකි වුණේ නැහැ.

—මතෙව් 28වෙනි පරිච්ඡේදය; මාක් 16වෙනි පරිච්ඡේදය; ලූක් 24වෙනි පරිච්ඡේදය; යොහන් 20 හා 21 පරිච්ඡේද; 1 කොරින්ති 15:5, 6.

a ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට මෙම සඟරාවේ 14වන කොටස, 15වන කොටස, 16වන කොටස සහ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ උපග්‍රන්ත්‍රයේ “පොරොන්දු වූ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්” කියන කොටසද බලන්න.

  • දෙවි යේසුස්ව නැවත නැඟිටුවා ඇති බව ගෝලයන් දැනගත්තේ කෙසේද?

  • එම්මාවුස් වෙතට යමින් සිටි ගෝලයන් දෙදෙනාට යේසුස් තේරුම් කර දුන්නේ මොනවාද?

  • යේසුස් ස්වර්ගයට යෑමට කලින් තම ගෝලයන්ට දුන් පැවරුම කුමක්ද?

දෙවිගේ බලය

විශ්වයේ තිබෙන ප්‍රබලතම බලය දෙවිගේ බලයයි. දෙවි තම බලය යොදාගෙන අහස සහ පොළොව සෑදූ අතර බයිබලය ලිවීමට අවශ්‍ය මඟ පෙන්වීම්ද ලබා දුන්නා. අප මෙතෙක් සලකා බැලූ සියලුම ආශ්චර්යයන් සිදු කළේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළිනුයි. දෙවි තම බලය යොදාගෙන කළ ශ්‍රේෂ්ඨතම ආශ්චර්යය නම් යේසුස්ව නැවත නැඟිටුවීමයි.—උත්පත්ති 1:2; 2 සාමුවෙල් 23:2; ක්‍රියා 10:38; 1 පේතෘස් 3:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න