ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 3 කොටස 6 පි.
  • මහා ජලගැල්මක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහා ජලගැල්මක්
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • “තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහා ජලගැල්මේදී දිවි ගලවාගත්තේ කවුද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • ‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 3 කොටස 6 පි.
ඇදහැළුණ මහ වැස්ස නිසා වතුර වැඩි වෙද්දී, නැව වතුරේ පාවෙනවා

3වන පාඩම

මහා ජලගැල්මක්

දෙවි දුෂ්ට මිනිස් සමාජයක් විනාශ කළත් නෝවා සහ ඔහුගේ පවුලේ අයව ආරක්ෂා කරයි

පොළොවේ ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩි වූ විට දුෂ්ටකමත් වැඩි වුණා. ඔවුන් අතරින් එක මිනිසෙක් පමණයි දෙවිට සේවය කළේ. ඔහුගේ නම ඒනොක්. දෙවි යම් දිනක දුෂ්ටයන්ව විනාශ කරන බවට ඒනොක් අනතුරු ඇඟෙව්වා. නමුත් තත්වය තව තවත් දරුණු අතට හැරුණා. ඒ අතරතුර දේවදූතයන් පිරිසක් දෙවිට විරුද්ධව කැරලිගසා ස්වර්ගයේ තමන්ට පවරා තිබූ වැඩ සියල්ල අත්හැර, මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණියා. ඔවුන් තම ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා ස්ත්‍රීන්ව විවාහ කරගත්තා. එය අසාමාන්‍ය දෙයක්. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට බිහි වූ දරුවන් යෝධයන්. ඔවුන්ගේ මැරකම් නිසා පොළොවේ දුෂ්ටකම් හා ලේ වැගිරීම් තව තවත් වැඩි වුණා. පොළොවේ තත්වය දුටු යෙහෝවා දෙවිට මහත් වේදනාවක් දැනුණා.

ඒනොක්ගෙන් පසු ඒ දුෂ්ට සමාජය තුළ තවත් කැපීපෙනෙන චරිතයක් වූයේ නෝවා. ඔහුත් ඔහුගේ පවුලේ අයත් උත්සාහ කළේ යෙහෝවා දෙවි සතුටු වන ආකාරයෙන් ජීවත් වීමටයි. දෙවි ඒ දුෂ්ට සමාජය මහා ජලගැල්මක් මාර්ගයෙන් විනාශ කරන්න තීරණය කළේ ඒ කාලයේදීයි. නමුත් ඒ ජලගැල්මෙන් නෝවාවත් ඔහුගේ පවුලේ අයවත් සතුන්වත් ආරක්ෂා කිරීමට දෙවි පියවර ගත්තා. ඒ සඳහා පෙට්ටියක හැඩැති විශාල නැවක් සෑදීමට දෙවි නෝවාට අණ කළා. නෝවා යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම එලෙසම කළා. නැව සෑදීමට නෝවාට ගත වූ අවුරුදු ගණනාව තුළ ඔහු තවත් වැදගත් වැඩක යෙදුණා. ඒ, පැමිණෙන්න යන මහා ජලගැල්ම ගැන මිනිසුන්ට අනතුරු ඇඟවීමයි. ඒ නිසයි බයිබලයේ නෝවාව, “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ” කෙනෙකු ලෙස හඳුන්වා තිබෙන්නේ. (2 පේතෘස් 2:5) නමුත් කිසිවෙක් ඔහු දුන් අනතුරු ඇඟවීම් ගණනකට ගත්තේ නැහැ. නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් සතුන්ටත් නැවට ඇතුල් වීමට අවස්ථාව එළඹුණා. ඔවුන් සියලුදෙනා ඇතුල් වූ පසු දෙවි නැවේ දොර වසා දැමුවා. වැසි ඇද හැලෙන්න පටන්ගත්තේ ඉන්පසුවයි.

දින 40ක් පුරා දිවා රෑ දෙකේම ධාරානිපාත වැසි ඇද හැළුණා. එමගින් මුළු පොළොවම වතුරෙන් වැසී ගිය අතර දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. මාස ගණනාවකට පසු ක්‍රමක්‍රමයෙන් වතුර අඩු වී ගොස් නැව කන්දක් උඩ නතර වුණා. වසරක පමණ කාලයක් නැවේ ගත කළ පසු ඔවුන්ට එයින් පිටතට ඒමට කාලය පැමිණියා. ඔවුන්ට ආරක්ෂාව ලබා දුන් යෙහෝවා දෙවිට ස්තුති කිරීමක් හැටියට ඉන්පසු නෝවා පූජාවක් ඔප්පු කළා. ඒ පූජාව සතුටින් පිළිගත් දෙවි පොරොන්දු වුණේ නැවත කිසිදාක ජලගැල්මක් මාර්ගයෙන් පොළොව විනාශ නොකරන බවයි. එය සහතික කිරීමට ලකුණක් ලෙස දේදුන්න පායන්න සලස්වන බව දෙවි පැවසුවා.

ජලගැල්මෙන් පසුව බිහි වූ මිනිස් සමාජයට යෙහෝවා දෙවි අලුත් ආඥා ලබා දුන්නා. මිනිසුන්ට සතුන්ව ආහාරයට ගැනීමට අවසර දුන්නත් උන්ගේ ලේ ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. එමෙන්ම නෝවාගෙන් පැවතෙන්නන්ට පොළොව පුරාම පැතිර යන්න කියාත් දෙවි අණ කළා. නමුත් ඔවුන්ගෙන් සමහරදෙනෙක් ඊට කීකරු වුණේ නැහැ. ඔවුන් නිම්රොද් නම් පුද්ගලයාගේ නායකත්වය යටතේ පසු කාලයක බැබිලෝනිය ලෙස හැඳින්වූ බාබෙල් නම් නගරයේ විශාල කොතක් ගොඩනඟන්න පටන්ගත්තා. ඔවුන්ගේ අරමුණ වුණේ පොළොව පුරා පැතිර යන්න කියා දෙවි දුන් ආඥාවට විරුද්ධ වීමයි. නමුත් දෙවි ඒ අවස්ථාවේදී ඔවුන් කතා කරමින් සිටි භාෂාව අවුල් කළා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විවිධ භාෂා කතා කිරීමට පටන්ගත් අතර ඔවුන් අතර තිබූ සාමය බිඳී ගියා. ඒ නිසා ඔවුන් කරමින් සිටි කාර්යය අත්හැර දමා භාෂා අනුව කණ්ඩායම්වලට බෙදී පොළොව පුරා විසිර ගියා.

—උත්පත්ති 6-11 පරිච්ඡේද; යූද් 14, 15.

  • දුෂ්ටකම වැඩි වුණේ කෙසේද?

  • තමා දෙවිට විශ්වාසවන්ත බව නෝවා පෙන්වූයේ කෙසේද?

  • ජලගැල්මෙන් පසු දෙවි මිනිසුන්ට තහනම් කළේ කුමක්ද?

දෙවි සමඟ ගමන් කිරීම

ආදම් සහ ඒවගෙන් පැවතෙන බොහෝදෙනෙක් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළා. එසේ නොකළ කිහිපදෙනෙක්ද ඔවුන් අතර සිටියා. ඔවුන්ගෙන් පළමු තැනැත්තා වූයේ ආදම් සහ ඒවගේ පුත් ආබෙල්. පසු කලෙක ජීවත් වූ ඒනොක් හා නෝවාද දෙවි සමඟ ගමන් කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 5:22; 6:9) ඉන් අදහස් කරන්නේ දෙවි සතුටු වන ආකාරයෙන් ඔවුන් ජීවත් වූ බවයි. එලෙස ජීවත් වූ තවත් බොහෝ ස්ත්‍රීන් හා පුරුෂයන් ගැන බයිබලයේ සඳහන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න