ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 287 පි.
  • ඔයාට ආදර්ශයක්—ආසාෆ්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාට ආදර්ශයක්—ආසාෆ්
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • සමාන තොරතුරු
  • සමෘද්ධියට ඔබේ ඇදහිල්ල පරීක්ෂා කළ හැකි ය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හානිකර හැඟීම්වලින් යටපත් නොවීමට මඟ
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවි මාගේ උරුමයයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ ක්‍රිස්තියානියෙකු වීම ගැන ආඩම්බර වන්න!
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 287 පි.

ඔයාට ආදර්ශයක්—ආසාෆ්

ආසාෆ්ගේ කාලේ හිටපු වැඩිදෙනෙක් දෙවිගේ මඟ පෙන්වීම් ගණන් ගත්තේ නැහැ. හැබැයි එයාලා හිටියේ හරිම සතුටින් කියලයි ආසාෆ්ට පේන්න තිබුණේ. ඒ නිසා දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද කියලා එයා කල්පනා කළා. එයා මෙහෙම කිව්වා. “නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය. මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.” හැබැයි දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන්නේ නැති අයට අන්තිමට මොකද වෙන්නේ කියලා ආසාෆ් හොඳට කල්පනා කරලා බැලුවා. එතකොට එයාට තේරුණා එයාලගේ සතුට තියෙන්නේ ටික කාලෙකට විතරයි කියලා. දෙවිට විශ්වාසවන්තව ඉන්න එක තමයි හොඳම දේ කියලා එයා තේරුම්ගත්තා. ආසාෆ් යෙහෝවා දෙවිට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. ‘මට සතුටු වීමට පොළොවේ කිසි දෙයක් නැත. මාගේ සතුට ඔබයි.’—ගීතාවලිය 73:3, 13, 16, 25, 27.

දෙවිගේ මඟ පෙන්වීම් ගණන් ගන්නේ නැති යෞවන යෞවනියන් හරිම සතුටින් ඉන්නවා දකිද්දී සමහරවිට ඔයාත් කල්පනා කරලා ඇති දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද කියලා. එහෙම හිතෙන වෙලාවලදී ඒ වගේ අයගේ ජීවිත ගැන ටිකක් කල්පනා කරලා බලන්න. දෙවිට විශ්වාසවන්තව ඉන්න අයට වඩා ඇත්තටම එයාලා ඉන්නේ සතුටින්ද? පිටින් පේන්න තියෙන දේ දිහා බලලා තීරණය කරන්නේ නැතුව දේවල් ගැන හොඳට හිතලා බලන්න. එතකොට ආසාෆ් වගේ ‘දෙවිට ළං වී සිටීම මට යහපතක්’ කියලා පිළිගන්න ඔයාටත් පුළුවන් වෙයි.—ගීතාවලිය 73:28.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න