5වෙනි කොටස
සල්ලි
සතුටින් ඉන්න ඔයාට සල්ලි ඕනෙද?
□ ඕනේ නැහැ
□ ටිකක් විතර
□ ඕනෙමයි
සල්ලි ගැනයි තව සල්ලි තිබුණා නම් ගන්න පුළුවන් දේවල් ගැනයි ඔයා කතා කරනවාද?
□ කලාතුරකින්
□ ඉඳලා හිටලා
□ හැම වෙලේම
සල්ලි ගස්වලින් කඩන්නේ නැහැ කියලා ඔයාගේ දෙමාපියන් ඔයාට නිතරම වගේ කියලා ඇති. ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. සල්ලි අරපරෙස්සමින් පාවිච්චි කරන්න ඉගෙනගන්න එක හරිම වැදගත් වෙන්නේ ඒ නිසයි. සල්ලිවලින් ප්‍රයෝජන තියෙනවා තමයි, හැබැයි සල්ලි නිසා මානසික පීඩනය ඇති වෙන්නත් යාළුකම් නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි සල්ලිවලට තියෙන ආසාව නිසා කෙනෙක් දෙවිගෙන් ඈත් වෙන්නත් පුළුවන්. සල්ලිවලට ඕනෑවට වඩා ආස කරන්නේ නැතුව ඒකට නිසි තැන දෙන්නේ කොහොමද කියලා දැනගන්න 18-20 පරිච්ඡේදවල තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.
[148, 149වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]